lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

විජය නැති අඩුව පුරවන්න පුතා වේදිකාවට ගේනවා - දේවිකා මිහිරානි

කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රතිභාපූර්ණ චරිත කිහිපයක් පසුගිය වසරේදී අපේ රටට අහිමි විය. වයස් භේදයකින් තොරව සැවොම ඇළුම් කළ අති දක්ෂ කලාකරුවකු වූ විජය නන්දසිරි ද ඒ අතරින් අමතක කළ නොහැකි චරිතයකි. මීට පස් මසකට පමණ පෙර මෙලොව හැරගිය විජය රඟපෑ චරිත සඳහා ආදේශක නළුවන් සොයා ගැනීමට බොහෝ නාට්‍යකරුවන්ට මේ වන විට සිදුව තිබේ. විජය නන්දසිරි  එදා වේදිකාවේ රඟ පෑ චරිතවලට විවිධ නළුවන් ආදේශ වෙද්දී, ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි පවසන්නේ කලා ක්‍ෂේත්‍රයේ විජයගේ නම ඉදිරියට ගෙන යා හැකි අයෙකු තමන් සොයා ගත් බවය.

විජය මෙලොවින් සමුගෙන මේ වන විට මාස කිහිපයක් ගතව ගිහින්. ඔහු නැති අඩුව ඔබට දැනෙන්නේ මොන විදිහටද?
විජයගේ වියෝවෙන් ඇති වුණු තනිකම පාළුව සහ දුක ගැන නම් කියන්න වචන නැහැ. ජීවත්ව සිටින කා‍ලේ ඔහු අපේ මුලු පවුලටම යෝධ ශක්තියක් වුණා. නළුවෙක් විදිහට කොතරම් කාර්ය බහුල වුණත් විජය කවදාවත් පවු‍ලේ යුතුකම් හා වගකීම් පැහැර හැරියේ නැහැ. ඔහු වචනයකින් කාගේවත් හිත රිදවූ කෙනෙක් නොවෙයි. හැකි හැම අවස්ථාවකදීම ඔහු අනුන්ට උදාව් උපකාර කළා. විජය සිහිකරලා දානමය පුණ්‍යකර්ම කරමින් තමයි අපි ඔහු නැති දුක යන්තමින්වත් තුනී කරගන්නේ.
 
ඔහුගේ වියෝවෙන් කලා ක්‍ෂේත්‍රයෙහිත් විශාල හිඩැසක් ඇති වුණා?
ඔව්. විජය තමන් රඟපෑ සෑම චරිතයකටම 100ක් සාධාරණය ඉටුකළා. ඔහු රංගනයට පුදුමාකාර හැකියාවක් තිබුණු නළුවෙක්. ඔහු රඟපෑ මනමේ කුමරුගේ චරිතය සහ ප්‍රේමචන්ද්‍රගේ චරිතය කාසියක දෙපැත්තක්වගේ එකිනෙකට බොහෝ වෙනස්. මට හිතෙන විදිහට අපේ රටේ එවැනි රංගන කුසලතාවක් තිබූ එකම නළුවා තමයි ගාමිණි ෆොන්සේකා. ඇත්තම කිව්වොත් ජීවත්ව ඉන්න කා‍ලේවත් විජය වෙනුවෙන් ඩුප්ලිකේට් තිබුණේ නැහැ.

නමුත් නාට්‍යකරුවන් ට අද විජය වෙනුවෙන් ආදේශක සොයා ගන්න සිදුවෙලා නේද?
ඔව්. විජය රඟපානවා බලන්නම තමයි බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුගේ නාට්‍ය නැරඹුවේ. මියයන විට ඔහු වේදිකා නාට්‍ය හයක රඟපාමින් සිටියා. අද ඒ චරිත හය රඟපාන්න නළුවන් හය දෙනෙක් යොදවලා තියෙනවා. ඒත් ඔවුන්ටත් ඒ අඩුව පුරවන්න පුළුවන්ද කියන ගැටලුව නම් තවමත් එහෙමම තියෙනවා.

විජයගේ දක්ෂතාවලට නිසි ඇගයුමක් ඔහු ජීවත්ව සිටි කා‍ලේ ලැබුණා කියලා කියන්න පුළුවන්ද?
කෙනෙක් ජීවත්ව සිටින කා‍ලේ නොලැබුණු අගය කිරීම් ඔහු මියගියාට පසුව ලැබිලා වැඩක් නැහැනේ. සමහරුන්ගේ තිබුණ කුහක ගති ගුණ නිසා විජයට ජීවත්ව සිටින කා‍ලේ තමන්ගේ දක්ෂතා වෙනුවෙන් ලැබිය යුතු ඇගයුම් ලැබුණේ නැහැ. නමුත්
ප්‍රේක්ෂකයන්ගේ ආදරය නම් ඔහුට සියයට දාහක්ම ලැබුණු බව මට කියන්න පුළුවන්.
 
විජයගේ නිර්මාණවලට ඉදිරියේදී මොකද වෙන්නේ?
විජය වේදිකා නාට්‍ය හතරක් නිෂ්පාදනය කළා. ඒ තමයි කුස පබාවතී, වෘෂභ රාජ, හාරත රැජින සහ ශ්‍රී ගජබා. ඒ අතරින් කුස පබාවතී වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මම මේ වන විට ආරම්භ කරලයි තියෙන්නේ. ළඟදීම එය වේදිකාගත කිරීමයි මගේ බලා‍පොරොත්තුව.

කුස පබාවතී වේදිකා නාට්‍යයේ විජයගේ අඩුව පුරවන්නේ කවුද?
විජය වෙනුවට ආදේශ කරන්නේ කවුද කියලා කල්පනා කරද්දී මට වැටහුණා නන්දසිරි කියන නම ඉදිරියට ගෙන යා හැකි කෙනෙක් ඊට යොදා ගත්තොත් වඩා හොඳයි කියලා. ඒ නිසා ඒ චරිතය සඳහා අපේ පුතා රසාංජන සුචිත්‍ර නන්දසිරිවයි මම තෝරාගත්තේ. පුතා තමන්ගේ. වෘත්තීය කටයුතුත් එක්ක කවදාවත් වෘත්තිය රංගන ශිල්පියෙක් බවට පත්වන එකක් නම් නැහැ. හැබැයි ඔහු කලා ක්‍ෂේත්‍රයෙනුත් විජයගේ නම ඉදිරියට ගෙන යාවි.

කිෂාන් කනංකෙ

Comments  

0 #1 ආලෙෂ් 2017-01-22 10:08
කලා කරුවන් යන්නේ අපායට.ඇයි පුතාවත් දන්නා හදන්නේ?
Quote
-1 #2 Wanghung 2017-01-24 06:31
hello thathage wada hamaeakama puthalata koranna baha. ema thththage daksha kam puthata thibenawanam kamak natha. nthuwa yalukamata wda koranna gihilla ara manussaya wath upahasayata lak koranna epa.
Quote
0 #3 Fernandoamila1976@gm 2017-01-24 19:40
Ane paw ara manussayatath pawak
Quote
0 #4 Amila 2017-01-26 09:05
E duwa Purawanna be
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2887

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3261

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4154

Please publish modules in offcanvas position.