Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුඩා දරුවන්ට ඉලක්කම් හඳුන්වා දීමේ නිවැරදි ක්‍රමය මෙසේයි

කුඩා දරුවකු කැලැන්ඩරයක ‍පොතක හෝ වෙනත් ස්ථානයක ලියා ඇති ඉලක්කමක් පෙන්වා. 
මේ මොකක්ද ලියලා තියෙන්නේ යනුවෙන් විමසුවහොත් එය අසවල් ඉලක්කම බව පැවසීම වරදක් නැත. එසේ පැවසීමද අවශ්‍යය. 
නමුත් වඩාත් වැදගත් වන්නේ වටිනාකමත් (අගයත්) සමගම දරුවාට ඉලක්කම් හඳුන්වා දීමය. 
දරුවන්ට ඉලක්කම් හඳුන්වාදීම සඳහා සකස් වුනු ‍පොත්පත් අද වෙළඳපළේ බහුලය. දරුවන්ට ඉලක්කම් ඉගැන්වීමට ඒවා භාවිතා කිරීමද වරදක් නොවේ. 
නමුත් එම ‍පොත්පත් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ඇත. 
* ඉලක්කමෙහි හැඩය නිවැරදිව ලියා තිබිම. 
* ඉලක්කමට අදාළව ලබා දී ඇති රූප ප්‍රමාණය දරුවාට පැහැදිලිව එකින් එක ගණන් කළ හැකි වීම.
* එක පිටුවක එක ඉලක්කමක් හා ඊට අදාළ රූප ගණන පමණක් සටහන්ව තිබිම. 
මීට අමතරව සංඛ්‍යා කාඩ්පත් සකස් කරගත හැකිය. 
 
මේවා වෙළඳපළේද තිබේ. මව්වරුන්ට මෙවැනි කාඩ්පත් නිර්මාණය කර ගැනීමද අපහසු නැත. මෙහිදීද ඉලක්කම නිවැරදිව සටහන් කළ යුතු අතර ඒ සඳහා ඇති රූපද පැහැදිලිව එකින් එක ගණන් කළ හැකි ආකාරයට තිබිය යුතුයි. 
මෙසේ සකස් කර ගන්නා ලද කාඩ්පත් කැබලි ප්‍රහේළිකා ආකාරයට සකස් කර දරුවාට එය සකස් කිරීමටද ලබා දීමට පුළුවන. 
උදා - පාට 3 කින් කාඩ් බෝඩ් 3ක් ගෙන ඒවා එකම හැඩයට එකම ප්‍රමාණයට කපා රූප හා ඉලක්කම සමග සකස් කරන්න. 
 
මේවායේ ඉලක්කම සහ රූප කොටස් 2 වෙන් කරන්න. දැන් ඒවා එකට කලවම් කර සකස් කරන ලෙස පවසන්න. 
ආරම්භයේදී දරුවෝ පාට අනුව ගැළපීමට පෙළඹෙති. හොඳින් හුරු වූ පසු මෙවැනිම අභ්‍යාසයක් එකම පාට කඩදාසි භාවිතා කර සකස් කිරීමට පුළුවන. 
 
ඉන්පසු එකම පාට කඩදාසි භාවිතා කර එකම හැඩයට ඉලක්කම හා රූප කොටස් වෙන් කර කැබලි ප්‍රහේළිකා ලබාදීමට පුළුවන. 
 
එමෙන්ම මෙම කැබලි ප්‍රහේළිකා විවිධ හැඩයන්ගෙන් සකස් කර ගැනීමටද පුළුවන. 
 
මෙවැනි ක්‍රියාකාරකම් දරුවන්ට සංඛ්‍යා හඳුනා ගැනීමට උපකාරී වේ.
දරුවන් රූප සමග සංඛ්‍යා හඳුනා ගැනීමට හොඳින් හුරු වූ පසු සංඛ්‍යාව පමණක් සටහන් කර කාඩ්පත් සකස් කරගත හැකිය. ඉන්පසු ඒවා පෙන්වා සංඛ්‍යාව කුමක්දැයි විමසීම, යම් සංඛ්‍යාවක් පවසා කාඩ්පත් අතරින් එය තෝරා දෙන ලෙස දරුවාට පැවසීම ආදී ක්‍රියාකාරකම් වෙත දරුවා යොමු කරවීම සුදුසුය. 
නමුත් මෙහිදීද එකවරම 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යා සංකේත දරුවාට හඳුන්වාදීම සුදුසු නැත. ඇත්තෙන්ම පෙර පාසල් දරුවන්ට 1 සිට 10 තෙක් ගණන් කිරීමට හුරු කරවීමත් 1 සිට 9 දක්වා ඉලක්කම් හඳුන්වා දීමත් ප්‍රමාණවත් බවත් මව්වරුන් මතක තබා ගත යුතුය. 
සංඛ්‍යා ලිවීම පිළිබඳව මීළඟට කතා කරමු.
 
පෙර පාසල් ගුරු පුහුණු උපදේශිකා ජලදිනී සේනානායක 
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1299

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 732

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2851

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3900

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6935

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6138

Please publish modules in offcanvas position.