Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබේ දරුවාගේ යහපත් හැසිරීම් ගොඩනැගිය යුත්තේ මෙහෙමයි

දරුවන්ට හොඳ නරක වටහා දීම  ගුරුවරුන්ගේ කාර්යයක් බව ඇතැම් දෙමාපියන්ගේ අදහසයි. එවැනි දෙමාපියන් තම දරුවන්ගේ වැරදි සඳහා ඔවුනට  අවවාද කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීම්ද කරන අවස්ථා තිබේ.
දරුවකුට හොඳ නරක වටහා දීම පිළිබඳව ගුරුවරුන්ටද වගකීමක් ඇති බව සැබෑය. දෙමාපියන් ගුරුවරුන්ගෙන් එලෙස ඉල්ලා සිටීම වරදක් යැයි පැවැසීමටද නොහැකිය. 
නමුත් ඒ පිළිබඳව දරුවන්ට ආදර්ශය ලැබිය යුතු වන්නේ පළමුව දෙමාපියන්ගෙනි.
කකුළුවා හරහට ගමන් කරමින් තම දරුවන්ට කෙළින් යන ලෙස උපදෙස් දෙන බව පැරණි කියමනක සඳහන් වේ. ඇතැම් දෙමාපියන්ද  එසේය.
දරුවන් තුළ යහපත් හැසිරීම් ගොඩනැගීම ආරම්භ කළයුතුවන්නේ ඔවුන් කුඩා කාලයේ පටන්මය. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ පුහුණු කිරීමය. නැතහොත්  ඒවා ඔබම කර පෙන්වීමයි.
මේ පිළිබඳව තව දුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. 
සිසුන්ට නර්තනයක් පුහුණු කරන  අයෙකුගේ කාර්යභාරය පිළිබඳව විමසා බලමු.  එහිදී ගුරුවරයා විසින් කරනු ලබන්නේ එය නිවැරදි ලෙස කර පෙන්වීමය.
ක්‍රීඩා උපදේශකවරයකුගේ කාර්යභාරයද ඒ ආකාරමය.
පළමුව තමන් විසින් එය කර පෙන්වා සිසුන් එහි යෙදෙන විට නර්තන ගුරුවරයා/ ක්‍රීඩා උපදේශකවරයා කරන්නේ එහි අඩුපාඩු නිවැරදි කිරීමයි.
දරුවකු සුදුසු මාර්ගයෙහි පුහුණු කිරීමත් ඒ ආකාරයමය. එහි ප්‍රධාන අංශය වන්නේ  කර පෙන්වීමයි.
කීකරු කම නැමැති ගුණාංගය අද බොහෝ දරුවන් වෙතින් දුරස්ව ගොසිනි. ඊට ප්‍රධානම හේතුව එය නිවසේදී ක්‍රියාවට නැංවීමට බොහෝ දෙමව්පියන් අසමත් වීමයි.
ඊර්ෂ්‍යාව ක්‍රෝධය, සත්‍යයෙන් බැහැර වීම අන් අයව විවේචනය කිරීම හෙළා දැකීම තවත් කෙනෙකුට උපකාර කිරීමට මැලි වීම ආදී අයහපත් චර්යාවන් දරුවන් තුළ වර්ධනය වන්නේ දෙමාපියන් හරහාය.
අද පවතින තරගකරී අධ්‍යාපන රටාවත් ඊට ප්‍රධාන හේතුවක් බව පැවැසීමද සාවද්‍ය නොවේ. 
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙමාපියෝද ඉතාම වෙහෙස වෙති. එය වරදක් නොවේ. දරුවකු හොඳ අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ   තලයක සිටිනු දැකීම දෙමාපිය අපේක්ෂාව නිසාය.
නමුත් මෙහිදී දෙමාපියන් විසින් අනුගමනය කරන ඇතුම් ක්‍රියාවන් අනුමත කළ හැකි වන්නේ නැත.
ඒ හරහාද දරුවන් තුළ අයහපත් ගුණාංග වර්ධනය වීම සිදුවන බව දෙමාපියන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්ය.
හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් දරුවකු තම මිතුරකු සමග  එක්වි ඉංග්‍රීසි වචන සඳහා අකුරු  කටපාඩම් කළේ විභාගයට දින කීපයකට පෙරය. ඔහු ඒ පිළිබඳව තම මවට පැවැසුවේ ප්‍රීතියෙනි. නමුත් මවගේ පිළිතුර වූයේ.
‘අපරාදේ මේ පාර ඉංග්‍රීසිවලට ඔයාට වඩා එයාට ලකුණු වැඩි වුණොත් තෑග්ග එයාට යනවා’ යන්නය.
තමන් දන්නා දෙයක් තවත් අයකු සමග බෙදා ගැනීම කෙතරම් අගය කළ යුතුය. නමුත් ඒ මව කළේ එය නුසුදුසු බව දරුවාට හැඟවීමය. 
පාස‍ලේ වාර විභාග සඳහා තම දරුවන්ව ඉතාම උනන්දු කරන දෙමාපියන් ඊළඟට කරන්නේ දරුවාගේ ලකුණු අනෙක් දරුවන් සමග සැසඳීමය.
‘එයාට පුළුවන් නම් ඔයාට ඇයි බැරි වුණේ’
‘ඒ ළමයාට ඒ දවස්වල නම් ඉගෙන ගන්න බැහැ නේද?’
අහවලාටත්  ඔයාට වඩා ලකුණු වැඩිද මේ පාර’
දෙමාපියන් දරුවන්ගෙන් මේ ලෙස විමසන අවස්ථා බොහෝය.
එවැනි වදන් හරහා දරුවන් තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධය, ආත්මාර්ථකාමී බව ආදී ගුණාංග වර්ධනය වෙයි. ඉහත සිද්ධියද ඒ සඳහා එක් නිදසුනකි.
මීට වසර කීපයකට පෙර පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එක් දියණියකගේ මවක් මා සමග පැවැසුවේ
‘මම දුවට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ‍පොතක් අරන් දුන්නා. ඒක හරිම හොඳයි. හැබැයි ඒ ‍පොත් හොයා ගන්න අමාරුයි. (ඇය එය මිලදී ගත් ස්ථානයද පැවැසුවාය)
ඒත් මම දුවට කිව්වේ දැන් පන්ඩිතයා වගේ පන්තිය පුරාම ඕක කියවන්න නම් එපා කියලයි.’ යනුවෙනි. 
ඇත්තෙන්ම ඇය ඒ පිළිබඳව මා සමග පැවැසුවේ මගේ දරුවන් ඒ වනවිට පස්වන ශ්‍රේණිය පසුකර සිටි නිසා වීම පුළුවන.
සමහර දෙමාපියන් අන් අයව විවේචනය කරන්නේ දරුවන් ඉදිරියේමය. ඒ ආකාරයට ගුරුවරුන්ට පවා විවේචනය කරන අවස්ථා තිබේ. එවිට සිදු වන්නේ දරුවන් තුළ ඇති ගුරු භක්තිය අඩු වී යාමය.
එසේම කුඩා දරුවන් එකිනෙකා අතර වුවද ඇතිවන සුළු ගැටුම්වලට දෙමාපියන්ද මැදිහත් වී ඒවා බොහෝ දුරදිග යන අවස්ථා අපි දැක ඇත්තෙමු.
කුඩා දරුවන් අතර ඇතිවන විරසකයන් පවතින්නේ ඉතා සුළු වෙලාවකි. නමුත් දෙමාපියන්ගේ මැදිහත් වීම මත සිදු වන්නේ  ඒවා අනවශ්‍ය ලෙස දුරදිග යෑම පමණක් නොව ඒ හරහා දරුවන් තුළද  වෛරය නපුරුකම පලි ගැනීම ආදී දේ වර්ධනය වීමය.
දරුවන් තුළින් වැරදි දේ බැහැර කිරීමටත් නිවැරදි දේට  දරුවන්ව හුරු කිරීමටත් අවවාදය පමණක් ප්‍රමාණවත් නොවේ. ආදර්ශයද අවශ්‍ය වේ.
එම නිසා දරුවන් ඉදිරියේ යහපත් හැසිරීම් ක්‍රියාවට නගන්න. ඉගැන්වීම හෝ කියාදීම නොව වඩාත් සුදුසුම ක්‍රමය වන පුහුණු කිරීම නැතහොත්  කර පෙන්වීම නිවැරදිව කළ යුතුය.
 
පෙර පාසල් ගුරු උපදේශක ජලදිනී සේනානායක අවධාරණය කරයි
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1289

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 726

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2849

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3895

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6932

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6135

Please publish modules in offcanvas position.