Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිඟිති මතක ප්‍රබල කරමු

දරුවන්ට අකුරු හඳුනා ගැනීමට නම් ඒවායේ හැඩය යා ශබ්දයද (අකුරු උච්ඡාරණය කරන ආකාරය) දරුවාගේ මතකයේ රැඳිය යුතුවේ. සංඛ්‍යා පිළිබඳව කථා කිරීමේ දී ද සංඛ්‍යාවේ හැඩය හා එහි වටිනාකම දරුවාගේ මතකයේ රැඳිය යුතුය.

ඇත්තෙන්ම අධ්‍යාපනය සාර්ථක වීමට නම් උගන්වන දේ මතකයේ රඳවා‍ තබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. මතකය යනු ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

පහත දැක්වෙන්නේ සිඟිති දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය සඳහා සුදුසු ක්‍රියාකාරකම් කිහිපයකි.

මේසයක් මත ද්‍රව්‍ය කිහිපයක් තබන්න. මේවා දරුවා හොඳින් හඳුනන ද්‍රව්‍ය විය යුතුය.

උදා -: පොතක්, පෑනක්, කෝප්පයක්, පනාවක්, කතුරක්, හැන්දක්, බෝතලයක්

දරුවාට මේවා පෙන්වා හඳුනා ගැනීමට විනාඩි 3 – 5 අතර කාලයක් දෙන්න. දැන් රෙද්දක් හෝ විශාල ප්‍රමාණයේ කඩදාසියක් ගෙන මේ සියල්ල වැසෙන සේ මේසය මතට දමන්න. මේසය උඩ තිබුණු දේවල් මොනවාදැයි දරුවාගෙන් විමසන්න.

කඩදාසියක් ගෙන දර්ශනයක් එහි අඳින්න.

උදා-: කහපාට පසුබිමේ රතු පාට මල් වැටුණු ගවුමක් ඇඳගත් ගැහැණු ළමයකු කෙක්කක් අරගෙන අඹ කඩයි.

අඹ ගෙඩි 3 ක් බිමට වැටී තිබෙන අතර බලු පැටවකු ඒ දෙස බලා සිටියි. ළමයාගේ නිවස පසෙකින් පෙනේ. ඉර පායා ඇත. කුරුල්ලන් කිහිප දෙනෙක් අහසේ ඉඟිලෙති.

මෙම රූපය දරුවාට පෙන්වා ඒ පිළිබඳ විස්තර දරුවාගෙන් විමසන්න. විනාඩි කිහිපයක් ඒ පිළිබඳව කථා කර රූපය ‍පසෙකින් තබා එම රූපය ඇසුරින් දරුවාගෙන් ප්‍රශ්න අසන්න.

උදා -:

  •  බබාගේ ගවුම මොන පාටද?
  •  බබාගේ ගවුමේ තිබුණේ මොනවාද?
  •  බබා මොනවා කරමින් ද සිටියේ?
  •  ඒ දිහා බලාගන හිටියේ කවුද?
  •  අහසේ තිබුණේ මොනවද?

මෙවැනි ප්‍රශ්න දරුවා වෙත යොමු කළ හැකිය.

පාට කරන ලද රූපයක් දරුවා අතර දෙන්න. එම රූපය හා එහි පාට පිළිබඳව දරුවා සමඟ කථා කරන්න. දැන් එය දරුවාට නොපෙනන ලෙස තබා එම රූපයම ඇඳ (පාට නොකර) දරුවා අතට දී පළමු රූපයේ ආකාරයටම පාට කරන ලෙස දරුවාට පවසන්න.

මීට අමතරව දෙමාපියන් විශේෂයෙන්ම දැනගතයුතු දෙයක් තිබේ. එනම් දරුවන්ට කුඩා කාලයේ සිටම වගකීමෙන් යුතුව ජීවත් වීමට හුරු කිරීම ඉතාම වැදගත් බවයි.

දරුවකුට කුඩා කාලයේ සිටම තම වැඩ කටයුතු තමන්ටම කර ගැනීමට ක්‍රමයෙන් හුරු කළ යුතුය. නිවසේ වැඩකටයුතු සඳහා ද දරුවාගේ සහයෝගය ලබා ගත යුතුය.

දරුවාගේ සියළු දේම මව පමණක් මතකයේ තබාගත යුතු නැත. ඒවා පිළිබඳව දරුවාට ද වගකීමක් තිබිය යුතුය.

ඒ සමඟම දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය සඳහා මනැස නිරවුල් වීමට නිවසේ වාතාවරණය යහපත් වීමද ඉතාම අවශ්‍ය බව දෙමාපියන් මතක තබා ගත යුතුය.

 

 

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1278

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2945

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3346

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4276

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2425

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2830

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click