Coss Ear2
lakbima.lk
COSS Ear 1

සංඛ්‍යාත්මක අගය පිළිබඳව දරුවන්ට අවබෝධය ලබා දෙන්නේ කෙසේද?

දරුවෙකුට ආරම්භයේ (එකේ) සිට ඉදිරියට ගණන් කළ හැකි ප්‍රමාණය ද දරුවන්ගේ ගණිතමය දක්ෂතා පිළිබඳව සලකන මිනුම් දඬු අතර වේ. 
එය තවදුරටත් පැහැදිලි කළහොත් එකේ සිට දහයට ගණන් කරන දරුවාට වඩා එකේ සිට සියයට ගණන් කිරීමට හැකි දරුවා දක්ෂ බව බහුතරයකගේ අදහසය. නමුත් එය නිවැරදි වන්නේ නැත. 
දරුවන් එකේ සිට ඉදිරියට කට පාඩමින් කියවාගන යන බව සැබෑය. ඔවුන් නිදහසේ එසේ පවසන විට ඔවුන්ට බාධා කළ යුතුද නැත. නමුත් ඒ අතරම දරුවන්ට එකින් එක ගණන් කිරීමටද හුරු කළ යුතුය. 
පළමුවෙන්ම එය කළ යුතු වන්නේ සත්‍ය වස්තූන් අසුරිනි. එමෙන්ම එකවර විශාල සංඛ්‍යාවක් (ප්‍රමාණයක්) ගැනීමද සුදුසු නැත. දරුවන් බහ තේරීමට පටන් ගත් විගසම එකින් එක ගණන් කිරීමට ඉක්මන් විය යුතුද නැත. 
දරුවකුට වයස අවු. 2/2, 3ක් පමණ වූ පසු එම ක්‍රියාදාමය ආරම්භ කිරීම සුදුසුය. 
දරුවන්ට එකින් එක ගණන් කිරීමට හුරු කරන්නේ කෙසේදැයි බලමු. 
දරුවන්ට සංඛ්‍යා නාම ඉගැන්වීම පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡා කෙරිණි. දරුවන්ට සංඛ්‍යාත්මක අගය පිළිබඳ අවබෝධය ලබා දීමේදී එම ක්‍රියාවන්ම එකින් එක ගණන් කරමින් කළ හැකිය. 
 
උදාහරණ 
සෙරෙප්පු දෙක යන්න පවසන විට එකයි, දෙකයි ලෙස ඒවා එකින් එක ගණන් කර පෙන්වීමට පුළුවන. 
“මෙතන කෝප්ප තුනක් තියෙනවා” යයි පවසා ඒවාට ඇඟිල්ල / අත තබමින් “එකයි, දෙකයි, තුනයි“ යනුවෙන් පැවැසීමට හැකිය. 
මේ ආකාරයට නිවසේ වැඩ කටයුතු කරන විට මෙන්ම පරිසරයේ කාලය ගත කරන අවස්ථාවලදීද විවිධ දේ පෙන්වමින් දරුවා සමග එකින් එක ගණන් කරන්න. 
ආරම්භයේදී පහක් පමණ ප්‍රමාණවත් වේ. දහයට වඩා වැඩිවීම සුදුසු නැත. එමෙන්ම මුලින්ම මේ සඳහා තෝරා ගත යුතු වන්නේ ද සත්‍ය වස්තූන්ය. 
දරුවාගේ ‍පොත්, පැන්සල්, ක්‍රීඩා භාණ්ඩ ආදියද මේ සඳහා තෝරා ගැනීමට පුළුවන. 
ඉන්පසු ඇට වර්ග, යෝගට් හැඳි, හිස් ගිනිපෙට්ටි ආදී දේවල් භාවිතා කරමින් මෙසේ එකින් එක ගණන් කිරීමේ ක්‍රියාකාරකම් කළ හැකිවේ. 
මවුවරුන්ගේ විවේක කාලයේදී දරුවා සමග එකතු වී නිවසේ දරුවා කැමැති තැනකට ගොස් ගණන් කිරීමේ ක්‍රියාකාරකම් කිරීමට පුළුවන. 
මෙහිදී ගණන් කිරීම සඳහා තෝරා ගන්නා වස්තූන් විවිධ රටාවලට තබමින් ගණන් කිරීමට දරුවාව යොමු කළ යුතුවේ. එකම ප්‍රමාණය වුවද විවිධ රටාවලට තබමින් ගණන් කළ හැකිය. 
 
මෙහිදී ගන්නා ලද ද්‍රව්‍ය ප්‍රමාණය එක රටාවකට තබා එකින් එක ගණන් කරන්න. පසුව ඒවාම තවත් රටාවකට තබා එකින් එක ගණන් කරන්න. රටාව වෙනස් වුවද ද්‍රව්‍ය ප්‍රමාණය සමාන බව එවිට දරුවෝ අවබෝධ කර ගනිති. 
ඒ සමගම අත්පුඩි ගැසීම, උඩ පැනීම, ඔන්චිලි පැදීම ආදියද දරුවාට දැනෙන ආකාරයට එකින් එක ගණන් කරමින්  කළ හැකිවේ. මුලදී එකවර පහක් බැගින් කරන්න. අත්පුඩි පහක් ගසා “අපි ආයෙත් තව අත්පුඩි පහක් ගසමු. “ යනුවෙන් පවසා එය කළ හැකිවේ. දරුවාට ඉදිරියට යා හැකි බව හැඟේ නම් දහය තෙක් යාම වරදක් නැත. 
මේ ආකාරයට සත්‍ය වස්තූන් මගින් එකින් එක ගණන් කිරීමට පුහුණුව ලැබුණු පසු රූප පෙන්වා ගණන් කිරීමට ඉඩ දීමට පුළුවන. 
ඒ සඳහා කාඩ්පත් සකස් කරගත හැකිය. මෙහිදී එම කාඩ්පත්වල තිබිය යුතු වන්නේ දරුවන් දන්නා වස්තූන්වල රූප වේ. එම කාඩ්පත්වල රූප ගණනට අදාළ සංඛ්‍යාව සටහන් කළ යුතු නැත. 
එම කාඩ්පත්වල රූප එකින් එක ගණන් කළ හැකිය. හොඳින් හුරු වූ පසු 
* පහක් තියෙන්නෙ මොනවාද?
* ගස් කීයක් තියනවද? 
ආදී වශයෙන් දරුවාගෙන් විමසීමට පුළුවන. 
ඒවාට අමතරව කතන්දර මගින්ද සංඛ්‍යාත්මක අගය පිළිබඳව දරුවන්ව දැනුවත් කළ හැකිවේ. නමුත් ඒ සඳහා එම කතාන්දරයට අදාළ රූප තිබිය යුතුය. රූප පැහැදිලිව ඇති කතන්දර ‍පොත් මගින් කතන්දර කියාදීම ඒ සඳහා සුදුසු ක්‍රමයකි. 
උදා - “අම්මා බබාලා දෙන්නත් එක්ක ගමනක් යනවා. කී දෙනෙක් යනවද බලමු”
යනුවෙන් පවසා රූප ගණන් කරන්න. 
පසුව දරුවාට විවිධ ආකාරයේ අභ්‍යාස ලබා දීමටද පුළුවන. දරුවන් අතරේ ඉලක්කම් ලිවීමට ඉතාම අකමැති බව බොහෝ මවුවරු පවසති. එසේ වන්නේ ළපටි මනසට ඔරොත්තු නොදෙන ආකාරයේ පීඩනයක් ලබා දෙමින් ඒවා කිරීමට මවුවරුන් උත්සාහ කරන නිසාය. 
නමුත් චිත්‍ර ඇඳීම, පාට කිරීම, පින්තූර ඇලවීම ආදී ක්‍රියාකාරකම්වලට දරුවන් අකමැති නැත. 
එම නිසා එවැනි ක්‍රියාකාරකම් දරුවාට සංඛ්‍යාත්මක වටිනාකම් පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා යොදා ගැනීමට පුළුවන. 
උදා - 
* “රවුම් හතරක් අලවමු”
* “මල් තුනක් අඳිමු”
* “ඔන්න අම්මා අඹ ගහක් ඇන්ද, දැන් පුතා අඹ ගහේ අඹ ගෙඩි පහක් අඳින්න”
මේ ආකාරයෙන් ක්‍රියාකාරකම් ඉතා සුදුසුයි. 
දරුවන්ට සංඛ්‍යාත්මක අගය පිළිබඳ අවබෝධය ලබා දීමට සුදුසු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දක්වා ඇත. 
 
1. මල් දෙකක් පාට කරන්න.
 
2. දොඩම් ගෙඩි තුනක් තිබෙන ගොඩ රවුම් කරන්න. 
 
මෙහිදී ‍පොතක එක පිටුවක කළ යුතු වන්නේ එක ක්‍රියාකාරකමක් පමණක් වන අතර රූපසටහනක්ද පැහැදිලිව ඇඳ තිබිම අවශ්‍යය. මේ හරහා දරුවන්ට  සංඛ්‍යාත්මක අගය පිළිබඳව ඉතා හොඳින් හා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පුළුවන. 
සංඛ්‍යා සංකේත හඳුනා ගැනීම ලබන සතියේ 
 
පෙර පාසල් ගුරු පුහුණු උපදේශිකා ජලදිනී සේනානායක 
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1297

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 732

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2851

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3900

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6935

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6137

Please publish modules in offcanvas position.