Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඔබේ සිඟිත්තාගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සෑහීමට පත්විය හැකිද?


Climb
කුඩා දරුවන් නොසිතන ආකාරයේ  අනතුරුවලට ලක්ව විවිධ ආබාධවලට ගොදුරුවන සේම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නා අවස්ථා ගැන අපට නිතරම පාහේ අසන්නට ලැබේ. මේ සෑම සිද්ධියක් දෙසම  විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ ඒ සෑම සිද්ධියකටම පාහේ හේතුව දෙමාපිය වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට ලබාදිය යුතු නිසි අවධානය නොලැබිගිය අවස්ථාවක ඒවා සිදුව තිබෙන බවය. දරුවන් යනු 100ක්ම දෙමාපිය රැකවරණය, අරක්ෂාව ලැබිය යුතු එසේම, ඒ සියල්ලම එලෙස හිමිවීමට අයිතිවාසිකමක් තිබෙන කොට්ඨාසයකි. දරුවන් ඇස් දෙක වගේ රැකබලාගත යුතු යැයි කියන්නේ ඒ නිසාමය.
උපතේදී එකතැන තබා තැබිය හැකි ළදරුවන්, ඉක්මනින්
පෙරළීමට බඩ ගා යෑමට උගනියි. එසේම  තමන්ගේ ඇසට ප්‍රිය කුඩා දේවල් දෙස ඇදීයාමට පෙළඹෙයි. ඇදක තබා සිටින දරුවෙකු ඉතා ඉක්මනින්   බඩගාගෙන එහි කෙළවරට පැමිණිය හැකිය. අවධානයෙන් නොසිටියහොත්  දරුවා ඇඳෙන් බිමට  ඇදවැටී, විශාල ගැටලු මතුවීමට ඉඩ තිබේ. දරුවා නෑවීමේදීද ඉතාම ප්‍රවේසම් සහගත විය යුතුය. දරුවා නාවන විට අතින් ගිලිහී ගොස් වතුර බේසමට , බිමට වැටීමට ඇති ඉඩකඩ වැඩිය. ඉතා කුඩා වතුර ප්‍රමාණයක ගිලීම වුවද තත්පර ගණනකින් දරුවාට මරු කැඳවිය හැකිය. අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට
පෙළඹෙන  නිසා ඉතා කුඩා ඇටවර්ග, මෙවලම් දරුවාගෙන් ඈත්ව තැබිය යුතුය.
වයස මාස 6-12ක් පමණ ගෙවී යන විට දරුවා තනිව වාඩිවීමට දණ ගෑමට උගනියි. අල්ලාගෙන සිට ගැනීමට  පෙළඹෙයි. අල්ලාගෙන ඇවිද යාමට හැකිවෙයි. නිවසේ තිබෙන විදුලි පේනුවලට අත දැමීමට දරුවා පෙළඹිය හැකි බැවින් ඒවා ආවරණය කර තැබිමට පියවර ගන්න. එසේම වතුර  පුරවා තිබෙන බේසම්, බාල්දි වැනි ඒවා  එබි බලන්නට පෙළෙඹෙන දරුවා ඒවාට වැටී, හුස්ම හිරවී මියයාමට වුවද  හැකි බව අමතක නොකළ යුතුය. එසේම නිවසේ උඩතට්ටුවක වෙසේ නම් පියගැටපෙළ අසල ආරක්ෂක
ගේට්ටු සවිකර තබන්න. බඩගා ගෙන එහි එන දරුවා පහළට  ඇද වැටීමට තිබෙන අවදානම ඉතා ඉහළය. එසේම කුඩා දරුවන් මෝටර් බයිසිකල් මත තබාගෙන රැගෙන යාමෙන් සම්පූර්ණයෙන් වැලකිය යුතුයි. අවම තරමින් දරුවාට වසර 2ක්වත් ගතවන තුරු බයිසිකල්වල රැගෙන යාමෙන් වළකින්න. එසේම දරුවා වාහනයක රැගෙන යන්නේ නම් ඔඩොක්කුවේ තබාගෙන ඉදිරිපස අසුනක යාමෙන් වළකින්න. පිටුපස අසුනේ දරුවන් රැගෙනයාම සඳහා තිබෙන ආරක්ෂිත අසුනක නිවැරදිව  හිඳුවාගෙන ආරක්ෂක බඳපටිය දමා රැගෙනයාමට පුරුදු වන්න.
වයස අවුරුදු 1-2 දක්වා දරුවන් තනිව ඇවිද යාමට උස්තැන්වලට නැගීමට උත්සාහ කරයි. එසේම කෙනෙකු කරන දෙයක් අනුකරණයටද පෙළඹෙයි. එබැවින් ගින්දර, අනාරක්ෂිත ළිප, වළවල් වැනි තැන්වලට ළඟා වන්නට බැරිවන ලෙස බාධක යොදන්න. එසේම, නිවස පාරක් අද්දර, ගඟක්, දියපහරක් අද්දර තිබේනම් ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. එසේම ගින්දරට දරුවන් දක්වන්නේද දැඩි ආශාවකි. ගින්දර වෙත යාමට අතින් ඇල්ලීමට ඔවුන් පෙළඹෙන නිසා ගින්දරෙන් දරුවන් විශේෂයෙන් ප්‍රවේශම් කර ගන්න.
දරුවාට වසර 2-3ක් වනවිට ඉතා නිර්භීතව වේගයෙන් දිවීමට, ඇවිදයාමට, උඩ නැගිමට
පෙළඹෙනු ඇත. ඉහළට තබා තිබෙන උණුවතුර බඳුන් සේම, ගින්දර අතගෑමට දරුවා පෙළඹිය හැකිය. දරුවා කෙළ ිදෙලෙන් සිටීමට අතිශයින් ප්‍රියකරන වයසක් නිසා ආරක්ෂිතව සෙල්ලම් කිරීම සඳහා මිදුලක් සාදාදෙන්න. ඇදීයන බෝලයක් වැනි  දෙයක් පසුපස, මහපාරකට යා හැකි බැවින් දරුවා ගැන පරීක්ෂාකාරීව සිටින්න. නිවසේ  ගෘහභාණ්ඩවලට නැග ජනෙල්වලට නැගිය හැකිය. එසේම සඳළුතලවලට පවා නැගීමට දරුවා උත්සාහ කරන බැවින් එවැනි  තැන් අවහිර කරන්න. ජනෙල් අසල බිත්තිවලට හේත්තු කර තිබෙන පුටු ආදිය ඉවත් කරන්න. වාහනයක් පසුපසට ගැනීමේදී කුඩා දරුවා කොහේදැයි විමසිලිමත් වන්න.  ඔවුන් වාහනවලටද දැඩි ඇල්මක් දක්වන බැවින් ඒවා යට රිංගා හෝ ඒවායේ නැග පසුපස සිටීමට පිළිවන.
වයස අවුරුදු 3-5 දක්වා වයස් වන විට දරුවන් කිසිදු බියක් නොමැතිව වේගයෙන් වැඩ කිරීමට පෙළඹෙයි. දරුවන් ක්‍රීඩා කරද්දී සුරතල් සතුන් සමග ගැවසීමේදී වැඩිහිටියෙකු ඒ අසලට වී අවධානයෙන් සිටීම වැදගත්වෙයි. හැමවිටම අලුත් දේවල් අත්හදා බලන්නට පෙළඹෙන ගති ලක්ෂණ නිසා වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතුමය.

සාකච්ඡා කළා
නිර්මලා කුමාරි සේනාරත්න

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1391

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 879

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 665

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3144

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2735

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3037

Please publish modules in offcanvas position.

X

Right Click

No right click