Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ සරත් ෆොන්සේකාගේ හා ලලිත් වීරතුංගගේ සතියයි

මේ සතියේත් පුතා ගෙදර නැති වෙලාවක ඔහුගේ දින‍පොත කියෙව්වෙමි. මෙවර මානිගෙ තීරුව හැටියට පළවෙන්නේ එහි දින සටහන් කීපයකි. මෙය හොඳ නම් එහි ගෞරවය පුතාට හිමිවිය යුතු බවත්, නරක නම් වැරැද්ද මා බාරගන්නා බවත් කරුණාවෙන් දැනුම් දෙමි.
 
සඳුදා:-
රටම ඇවිස්සිලා ජගත් ජයසූරිය යුද අපරාධ කළාය, ඒ ගැන සාක්කි දෙන්න තමන් ලෑස්තිය කියල සරත් ෆොන්සේකා කරපු ප්‍රකාශයට. මම නම් කියන්නෙ යුද අපරාධ වුණා නම් ඒවට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂය කියලයි. මම එහෙම කියන්නෙ උන්නැහේ සේනාධිනායක වෙලා හිටපු කාලෙ මේ යුද අපරාධ සිද්ධ වුණු නිසා ‍නෙවෙයි. එයා කරපු අපරාධෙ යුද්දෙ ඉවර කිරිල්ල නිසයි. 1979 ඉඳන් 2009 වෙනතුරු යුද්දෙ තිබුණු කාලෙ පකිස්ලන්තෙවත් ඉන්න එකෙක් කතා කරාද මේ රටේ යුද අපරාධ ගැන. යුද්දෙ ඉවර කරපු නිසානෙ ඔහොම අනවශ්‍ය ප්‍රශ්නයක් ආවෙ. මහින්ද ලොක්කට ඔය වුණා මදි මෙතන අවුරුදු සිය ගණනකට පස්සෙ රටට හම්බවෙච්ච වාසනාවන්ත යුද්දෙ ඉවර කරලා දැම්මට.
 
අඟහරුවාදා:-
අම්මට සිරි අපේ තාත්තට මානිගෙ තීරුවක් ලියන්න පුළුවන් මාතෘකාවක්නෙ, යුද්දෙ ඉවර නූනනම් මොකද වෙන්නෙ කියලා. අනේ කොච්චර එකක්ද යුද්දෙ තිබුණ නම් එහෙනම් මේ යූඑන්පී-ශ්‍රී ලංකා දෙකට ගහන්න කොටිවත් ඉන්නවනෙ අන්තිමේ උනුත් නැතිවෙලා ගියා අපිවත් නැති කරල දාලා.
 
බදාදා:-
ප්‍රභාකරන් නැතිවුණේ මිනිහව නැති කරපු සරත් ෆොන්සේකවත් නැති කරගෙනයි. ප්‍රභාකරන් හිටිය නම් ෆොන්සේකා ඇමැතියෙක් වෙන්නෙවත්, බේ්‍රක් නැති කට ඇරල නාගන්නෙවත් නෑනෙ. අන්තිමේදි බැලුවම ප්‍රභා දිනුම් 2009 ට කලින් අනුරාධපුරෙන් එහාට නොගිය උන්, ප්‍රභාකරන්ව මරල යුද්දෙ දිනවල දීපු ෆොන්සේකගෙ පඹයො පුච්චනවා. මේව ඉන්න තැනකට පේනව නම් ප්‍රභා කොහොම ආතල් එකක් ගන්නව ඇද්ද මේ දවස්වල. කොච්චර වුණත් ප්‍රභා මේව දන්නව නම් මිනිහට මාර සෑඩ් ඇති මෙහෙමත් එකාට එකා නැති හාදයින්ටනෙ අපි පැරදුණේ කියලා.
 
බෘහස්පතින්දා:-
ෆොන්සේකා වැඩිදුරටත් කියල තිබුණ ඇල්‍ලේ ගුණවංශ හාමුදුරුවො කියන්නෙ පිස්සෙක් කියලා. අපේ තාත්ත ලෑස්තියිලු ජීවිතේ ඉතිරි කාලය වුණත් හිලව්වට තියන්න ෆොන්සේකා මොකක්ද මෛත්‍රීටයි, රනිල්ටයි කියන නම් කියල දැනගන්න පුළුවන් නම්. මෛත්‍රී මං දන්නෙ නෑ, ඒත් ගෞරවයෙන් විශ්‍රාම යන්න තිබුණු මිනිහව ජනාධිපතිවරණයකට දාල, හිරේ විලංගුවෙ වැටෙන්න ඇරල, දිස්ත්‍රික්කෙන්ම ඡන්ද 5000 කට බස්සල, ඒකටත් ඇමැතිකමක් දීල දාපු රනිල්ට, ෆොන්සේකා දවසක කියන්නෙ කවුරුයි කියලද අහන්න නම් මාත් පෙරුම් පුර පුරා ඉන්නෙ.
 
සිකුරාදා:-
මේක නම් හරිම අසාධාරණ රටක්. මුළු සුමානෙම මිනිස්සුන්ගෙ මාතෘකාව වෙලා තිබිච්ච ෆොන්සේකාව එක නඩු තීන්දුවෙන් අමතක වුණා. දැන් කතාව ලලිත් වීරතුංගවයි, අනූෂ පැල්පිටවයි හිරේ දැමිල්ල සාධාරණද, නැද්ද කියලා. මිලියන 50 වංචාවට බරපතළ වැඩ ඇතුව අවුරුදු 3 යි එතකොට මිලියන 10,000 වංචාවට අවුරුදු කීයක්ද? අනේ මට ‍පොඩි කාලෙ ඉඳන්ම ගණන් බෑනෙ, දන්න කෙනෙක් ගාන හදල කියනවද?

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1402

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 772

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4301

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2464

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4502

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5680

Please publish modules in offcanvas position.