Coss Ear2
lakbima.lk
COSS Ear 1

රවී රැක ගනිමු

රවි කරුණානායක මේ දිනවල මුළු රටේම අතිමහත් ගෞරවයට භාජනය වී සිටින බව කිසිවකුට රහසක් නොවේ. බැඳුම්කර කොමිසම සිය අවංක භාවයෙන් නිරුත්තර කරමින් ඔහු දුන් සාක්ෂිය තවත් බොහෝ කාලයක් දනන් මුව රැඳී පවතිනු ඇත. ඒ පිළිබඳ රටුන් වැඩිදුරටත් කියන දේ විමසන්නට ලක්බිම කල්පනා කළේය.
 
ස්වාමි පුරුෂයෙක්:-
දෙල් තියෙන තැනටමලු කොසුත්. හොඳ පරම්පරාවක්, ප්‍රකෝටි ගණන් සල්ලි, ලොකුම ඇමැතිකමක් තියෙන එකාට ඒ මදිවට හොඳම හොඳ ගෑනියෙකුයි, හොඳම හොඳ ළමයෙකුයිත් හම්බු වෙනවා. ගෙදර ප්‍රශ්න මිනිහගෙ ඔළුවට දාන්නෙ නැති ගෑනියෙකුයි, තාත්තව කන්න හදන්නෙ නැති ළමයෙකුයි ඉන්නව නම් එහෙව් මිනිහ මොන තරම් වාසනාවන්තයෙක්ද? ඒකට අපිට ඉන්න එවුන්. තේ කොල පනහකුයි, සීනි පන්සීයකුයි ගේන්න වුණත් මිනිහත් එක්ක පැය බාගයක් සාකච්ඡා කරන ගෑනු. ටී ෂර්ට් එකක් ගන්න වුණත් සුමාන දෙකක් තාත්ත එක්ක සංවාද කරන දුවල. එහෙව් එකේ රවී වගේ වාසනාවන්තයෙකුට විරුද්ධව කටක් අරින එකෙක් ඉන්නව නම් ආයෙ දෙකක් නෑ ඒ පට්ට ඊරිසියාකාරයෙක්.
 
භාර්යාවක්:-
අන්න මිනිස්සු ගෑනිගෙ තනි කැමැත්තට මාසෙකට ලක්ෂ 13 ක කුලියට ගෙයක් ගන්නව. පස්සෙ කෝටි 16 1/2 කට ඒ ගේම සල්ලි දීල ගන්නව. අඩු ගානෙ බුදියගන්න යනකොටවත් මිනිහට ඒක කියන්න ඕන නෑ. ඒකට අපේ ගෙවල්. අපි යට ඇඳුමක් ගත්තත් මිනිහ දන්නව ඒක. යකඩෝ මේ ගෑනු මිනිස්සු ජීවත් වෙන උතුම් සමාජෙයි, අපි ජීවත් වෙන කාලකණ්ණි සමාජෙයි කොච්චර වෙනස්ද? අනේ දෙයියනේ රවී කියන්නෙ ඔබවහන්සේටත් වැඩියෙ දෙයියෙක්නෙ. මේ ගෙදර එකෙක් මීටපස්සෙ කියන්නෙ නෑ මට ජෙප්‍පොන්ට ඡන්දෙ දෙන්න කියල. ලබන සැරේ මගේ ඡන්දෙ අලියට. මනාප තුනම රවීට.
 
දුවක්:-
අපිට නම් රුපියල් දහදාහක ගෙයක් ගන්න වුණත් ගේ හොයන්නෙත් තාත්තා,  බලන්නෙත් තාත්තා, අනුමත කරන්නෙත් තාත්තා. හැම රෙද්දටම තාත්තා තාත්තා තාත්තා අවුරුදු පහක් වුණත්, පහළොවක් වුණත්, විසිපහක් වුණත් ළමයා ළමයාමයි. දෙන දෙයක් කාල, බණින බැණුමක් අහගෙන ඉන්න තමයි තියෙන්නෙ. අපේ තාත්තත් උගතෙක්නෙ. ඒත් රවීලයි අපේ තාත්තලයි වෙනස් වෙලා තියෙන්නෙ කොහොමද? කොහෙද අපේ කට්ටිය ඉගෙන ගෙන තියෙන්නෙ ළඟම පාස‍ලේනෙ. අපිට බැරිවෙච්ච දේ අපේ ළමයෙකුටවත් දවසක අරගෙන දෙන්න ඕන. ඒක නිසා මාත් කවද හරි බඳින්න ඕන රෝයල් කාරයෙක්ව. ළමයවත් දාගන්න ඕන රෝයල් එකට. රෝයල් තමයි ඉස්කෝලෙ
 
ස්ත්‍රීවාදිනියක්:-
ටයි කෝට් ගහල උසට මහතට ඉන්න කොට මං හිතුවෙ පුරුෂාධිපත්‍යය වගුරුවන ‍පොරක් කියලනෙ. ඒත් එයා ප්‍රගතිශීලී, කාන්තා හිතවාදියෙක් විතරක් ‍නෙවෙයි ඒ බව රටට අඬබෙර ගහන්න උවමනාවක් නැති නිරහංකාර මනුස්සයෙක්නෙ. පිරිමිම බදාගෙන ඉන්න මේ රට ගොඩ යන්න නම් ඔය වගේ තමන්ගෙ භාර්යාවටයි, දුවටයි ගෙදර පිළිබඳ ස්වාධීනව තීන්දු ගන්න ඉඩ දීල ගෙදරින්ම ආදර්ශෙ දෙන නායකයො අපිට ඕන. මේ රටේ සියලු කාන්තාවන් එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන රවී ජනපති කරමු කියල. හිතල බලපල්ලා රවී ජනපති වෙච්ච දවසට මේ රටේ ගෑනුන්ට ලැබෙන තැන. කුස්සි මුල්ලෙන් එපාර්ට්මන්ට් එකට
 
ඇමැතිවරයෙක්:-
රවීත් එක්ක ගත්තම අපි මොක්කුද? අපි බලයට ආපු දවසෙ ඉඳන්ම කරේ ගෙදර දොරේ දියුණුවට වැඩ කරන එකනෙ. මේ මිනිහා ලක්ෂ ගණන්වල, කෝටි ගණන්වල තීරණත් ගෙදර ගෑනිටයි, ළමයින්ටයි ගන්න ඇරල උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකම් රට දැය සමය වෙනුවෙන් මහන්සි වෙලා. ඒක ඇහුවම නම් මට ලැජ්ජත් හිතුණා. මෙහෙම මිනිස්සු ඉන්න නිසානෙ අපිට අපේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒක නිසා කවුරු හරි රවී වගේ ජාතික වීරයෙකුට දුෂ්ට ච්ෙතනාවෙන් පහර දෙන්න ලෑස්ති වෙනව නම් අපි එක පයින් ඊට විරුද්ධව නැගී ඉන්න ඕන. (එහෙමද හොඳ, නැත්නම් මිනිහව යකාට යන්න ඇරල අපි නම් හොඳ මිනිස්සු කියල පෙන්නන එකද හොඳ?)

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1410

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 776

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4312

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2473

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4508

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5689

Please publish modules in offcanvas position.