lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ජවිපෙ ධනපති පක්ෂයක් වෙයි

ප්‍රිය අනුර කුමාර,

මේ ළඟදී අපේ පුතා රතු කමිසයකුත් ඇඳගෙන කොහේද යන්න ලෑස්තිවෙනවා. උද්ඝෝෂණේකට ගිහින් ගුටිකන්න හදනවද දන්නැති නිසා මම ඇහුව කොහෙද යන්නෙ කියල. මිනිහ කියපි මම රනිල් සහෝදරයා හම්බුවෙන්න යන්න හදන්නෙ කියල. මම ඇහුවා කවුද රනිල් සහෝදරයා කියන්නෙ කියල. එතකොට මිනිහ මගෙන් අහනව ඇයි තාත්ත රටේ අගමැතිවවත් දන්නෙ නැද්ද කියල.
මම පුතාට කිව්ව රනිල්ට සහෝදරයා කියන්නෙ පරිස්සමෙන්, මිනිහ ඔයාව අංගොඩ යවන්නත් බැරි නෑ කියල. පුතා කියනව ලංකාවෙ නිර්ධන පංතියෙ නායකයා කවදාවත් තමන්ට සහෝදරයා කියන කෙනෙකුට එහෙම කරයිද කියල. මේ කතාවෙන් කරකවල අත ඇරපු මම ඇහුව ඔයා විහිළු කරනවද. රනිල් කියන්නෙ ධනපති පංතියෙ නායකයානෙ කියල. එතකොට පුතා කියනව මැතිවරණ කොමිසමට ලැබුණු ගිණුම් වාර්තාවල හැටියට නම් ලංකාවෙ ධනවත්ම පක්ෂෙ ජවිපෙයි, එහෙම නම් නිර්ධනයින්ගේ පක්ෂෙ යූඑන්පීය වෙන්න ඕන  නේද කියල.
පුතාගෙන් ඒ ආරංචිය ඇහුවම මට ඇතිවෙච්ච සන්තෝෂය කියලා නිම කරන්න බෑ. ඉස්සර ‍පෝස්ටරයක් අලවගන්න සල්ලි නැතුව තාප්පවල ප්‍රචාරක පාඨ ලියපු ජවිපෙ අවුරුදු 50ක් යන්නත් කලින් ලංකාවෙ ධනවත්ම පක්ෂය වුණා කියන්නෙ කොච්චර දියුණුවක්ද? මේක ජවිපෙ එක තැනම පල්වෙනව කියන හාදයින්ට කනපැලෙන්න දීපු උත්තරයක්නෙ. රට දියුණුවෙලා කියල ආණ්ඩුව කියන කතාව ඇත්ත බව තේරෙන්නෙ මේ වගේ වෙලාවටයි. නිර්ධනයින්ගෙ ජවිපෙ ලංකාවෙ ‍පෝසත්ම පක්ෂය වුණා නම් රටේ දුප්පත් මිනිස්සු මේ වෙනකොට කොච්චර ‍පෝසත් වෙලා ඇද්ද?
ඒත් අපි නම් අහල තියෙන්නෙ ජවිපෙට වගේ නෙවි රටේ ප්‍රධාන පක්ෂ දෙකට කෝටිප්‍රකෝටි ගණන් සල්ලි හම්බවෙනව කියලයි. ඒ සල්ලිවලට මොකද වෙන්නෙ? මහින්දට නම් තරහකාරයො හැමෝම කියනවනෙ හොරා කෑව කියල. චන්ද්‍රිකා ගැනත් ‍පොතක්ම ලියල තියෙනවනෙ චෞර රැජිණ කියල. ඒත් යූඑන්පීකාරයො මිස්ට ක්ලීන්ට ගෙනත් දීපු සල්ලිවලට මොකද වුණේ? අවංකකමට කප් ගහල ඉන්න මිස්ට ක්ලීන්ගෙ පක්ෂෙ ජේවීපියටත් වැඩියෙ දුප්පත් වෙච්ච එකනෙ තේරුම් ගන්න බැරි.
හැබැයි ප්‍රධාන පක්ෂ දෙකේ නායකයො පට්ට හොරුය කියන කතාව පට්ට බොරුවක් කියල නම් මේකෙන් ඔප්පු වුණා.  ඔය මිනිස්සු හොරකම් කරා නම් ඔය පක්ෂවලට ජේවීපියට වැඩියෙ සල්ලි තියෙන්න එපැයි. සමහරවිට පක්ෂෙට හම්බුවෙච්ච සල්ලි ඔය හාදයො සාක්කුවට දාගත්තද දන්නෙත් නෑනෙ කියල මගේ බිරිඳ කියනව. අනේ   ඒත් මිස්ට ක්ලීන් වගේ අය එහෙම කරයිද? එහෙම නම් එයා බැඳුම්කර වංචාවට අහුවෙච්ච යාළුවව බේරගන්නත් මහන්සි වෙන්න එපැයි.
අපිට රනිල්ට සහෝදරයා කියන්න වෙනව නම් ඔහේටත් සහෝදරයා කියන්න බෑනෙ. අනික ලංකාවෙ ධනවත්ම පක්ෂෙ නායකයට සර් හරි මහත්තයා හරි කියලනෙ කියන්න ඕන. ඉතින් අනුර මහත්තයෝ ජවිපෙ ඔය විදියට ‍පෝසත් වෙලා, ‍පෝසත් වෙලා ඒ සල්ලිවලින්  මොකද කරන්නේ? සමාජවාදී ව්‍යාපාර ජාලයක්වත් පටන් ගන්නවද තව තවත් වැඩියෙන් ‍පෝසත් වෙන්න. ඔහේලට රටේ බලය අල්ලන්න හදනව වගේ වැඩකුත් නැති නිසා එහෙම දෙයක් කිරීමවත් ප්‍රයෝජනවත් වෙයි කියලයි මගේ ‍ලේලි නම් කියන්නෙ. ඈ කියනව ඔය දැන් කරන ව්‍යාපාරෙට වැඩියෙ එහෙම කොම්පැණි ජාලයකින් රටටත් ප්‍රයෝජනයක් වෙයි නේද කියල. ඔය දැන් කාලෙ තරුණ පරපුර පංති පහකට ගෙනිහින් ජේවීපියට වශීකෘත කරගන්න පුළුවන් කට්ටියක් ‍නෙවෙයි. ඒක නිසා ඕකුන්ගෙ කට කැඩිච්ච කතා අනුර මහත්තයා ගණන් ගන්න එපා.  අපි නම් තාමත් ජවිපෙට භක්තිවන්තයි.
මීට,
මානි.

ප.ලි.  :- ජවිපෙ ‍පෝසත්ම පක්ෂෙ වෙච්ච බව අහපු අපේ පත්තර සගයෙක් කියනව දැන් මේ මැයි රැලියෙදී යූඑන්පීය සටන්පාඨ කියයි නේද ධනපති ජවිපෙ භංගවේවා කියලා. අනේ අම්මපා මේ මිනිස්සුන්ටත් හිතෙන දේවල්.

Comments  

0 #1 abaran 2017-04-20 12:24
මට නම් ජවිපෙ ධනපතිද,නිර්ධනපතිද යන්න අදාළ නැත ....දැනට රට පාලනයට බෙදාගෙන ඉන්නා ප්‍රධාන [********]්ෂ දෙක කරන්නාක් මෙන්, ඔවුන් කොතෙක් දුරට වංචා දුෂණයෙන් තොරව ජනතාවට සේවය කරන්නේ නම්....
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2630

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8842

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3902

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1226

Please publish modules in offcanvas position.