lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ට්‍රැෆික් නැති කිරීමට නොවරදින මග

වාහන ‍පෝලිම නතර විය. එක වාහනයක්වත් හෙල්ලෙන්නේවත් නැත. මම වාහනයෙන් බැස්සෙමි. අනෙක් වාහනවල රියදුරෝද එකිනෙකා වාහනවලින් බසින්නට වූහ.
මොන මඟුලක්ද මන්දා මේ කළු පාට කමිසයක් ඇඳ සිටි රියදුරෙක් කියා සිටියේය. කිසිම එකෙකුට බෑනෙ ට්‍රැෆික් වැඩේට විසඳුමක් දෙන්න.
කොළ පාට කමිසයක් හැඳ සිටි රියදුරෙක් ඒ අසා සිනාසුණේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ නැතුව බෑ ඕකට.
ව්‍යවස්ථාව වෙනස් කරාම කොහොමද ට්‍රැෆික් නැතිවෙන්නෙ? කළු කමිසකාරයා ප්‍රශ්න කළේය.
කොළ කමිසකාරයා යළිත් හිනා වුණේය.
ඇයි? අලුත් ව්‍යවස්ථාවෙන් ට්‍රැෆික් තහනම් කරනවා. එතකොට හරිනෙ.
කළු කමිසකාරයා ඒ පිළිතුරෙන් අවුලට පත්වූ බව පෙනුණි.
ඒ වුණාට ට්‍රැෆික් තහනම් කෙරිල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධීයි නේද? ඔහු ඇසුවේය.
ඒ අතරේ නිල් පාට කමිසයක් හැඳ සිටියෙක්ද කතාවට එකතු විය.
ව්‍යවස්ථාව වෙනස් කරලා ට්‍රැෆික් නැති කරන්න බෑ ඔහු කීවේය. ව්‍යවස්ථාව වෙනස් කරොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය තියාගත්තොත් විතරයි ට්‍රැෆික් නැති කරන්න පුළුවන්.
ඒ කොහොමද ඒ? කළු කමිසකාරයා ඇසුවේය.
ඇයි? විධායක ජනාධිපති ක්‍රමයෙන් කරන්න බැරි මිනිහෙක් ගෑනියෙක් කරන එකයි, ගෑනියෙක් මිනිහෙක් කරන එකයි විතරයිනෙ නිල් කමිසකාරයා කීවේය. එහෙව් එකේ ට්‍රැෆික් නැති කිරිල්ල මොකක්ද?
මෙහිදී කහ කමිසකාරයෙක්ද කතාවට පැටලුණේය.
මං නම් කියන්නෙ අපි වැඩට යන්නෙ නැතුව, ළමයි ඉස්කෝලෙ යවන්නෙ නැතුව හිටියා නම් ප්‍රශ්නෙ ඉවරයිනෙ ඔහු කීවේය. එතකොට ට්‍රැෆික් නිසා දවසකට රටට පාඩු වෙනවා කියන බිලියන් එකත් ඉතුරුයි.
දුඹුරු කමිසකාරයෙක් ඊට පිළිතුරු දුන්නේය.
එහෙම ‍නෙවෙයි ආණ්ඩුව අපි හැමෝටම ගෙදර ඉඳන් කරන්න පුළුවන් රස්සාවල් හදන්න ඕන ඔහු කීවේය. එතකොට රස්සාවලුත් කරනවා, වැඩට යන්නෙත් නෑ.
රතු කමිසකාරියක් මෙහිදී කතාවට එක්වුණාය.
මං සුපර් මාකට්ටෙකේ වැඩ කරන්නෙ. ගෙදර ඉඳන් කොහොමද සුපර් මාකට් එකේ බඩු විකුණන්නේ?
දුඹුරු කමිසකාරයාට ඊට පිළිතුරක් තිබුණේය.
ඒකට කවුරුත් කඩේ නොගිහින් ගෙදර ඉඳන්ම බඩු ඕඩර් කරලා ගෙන්න ගන්න ක්‍රමයක් හැදුවා නම් හරිනෙ.
මෙහිදී සුදෝ සුදු ජාතික ඇඳුමකින් සැරසුණෙක්ද කතාවට එකතු වුණේය.
ඕගොල්ලො හැමෝම හරි කේන්තියෙන්, නොඉවසිල්ලෙන්නෙ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නෙ ඔහු කියා සිටියේය. ඕකට ඔහොම කලබල වෙලා බෑ.
එහෙනම් කොහොමද මේකට විසඳුමක් හොයාගන්නෙ? අනෙක් සියල්ලෝ එක්ව නොසතුටින් ප්‍රශ්න කළහ.
වාහනවල එන රියදුරන්ට ට්‍රැෆික් එකකට අහුවුණාම භාවනා කරන්න උගන්වන ජාතික වැඩ පිළිවෙළක් පටන් ගන්න ඕන.'' ජාතික ඇඳුම්කාරයා කියා සිටියේය. මිනිස්සු භාවනා කරන්න පුරුදු වුණාම ඔය ප්‍රශ්නෙ නිකම්ම හරි යනවා.
ඒ කොහොමද යකෝ ඒ? එකෙක් දැඩි නොඉවසිල්ලෙන් ප්‍රශ්න කළේය.
මේ තියෙන ට්‍රැෆික්වල හැටියට ඉක්මනටම මිනිස්සුන්ගෙ භාවනා ශක්තිය දියුණු වෙනවා ජාතික ඇඳුම්කාරයා කීවේය. භාවනා ශක්තිය දියුණු වෙලා, දියුණු වෙලා වැඩි කාලයක් යන්න කලින් ඩ්‍රයිවර්ලා එක එකා නිවන් දකින්න ගන්නවා. ඔක්කොම ටික නිවන් ගියාම ට්‍රැෆික් ප්‍රශ්නෙ ඉවරයිනෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6550

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.