lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

වැඩියෙන්ම කියවෙන වචනය නොහොත් සයිටම්

2017 පෙබරවාරි 12 වැනිදා, කොළඹදී.

ප්‍රිය දොස්තර නෙවිල්,
එකවරම ඔබට ප්‍රිය කියා ලියවුණත් දෙවනුව සිතා ඒක කපල දැම්මා. රටටම අප්‍රිය ඔබ මට ප්‍රිය බව හිතල පාඨකයන් මගෙන් ඈත්වෙන්න පුළුවන් නිසා. ඒත් සයිටම් ප්‍රශ්නෙ එනතුරුම ඔබ අපි හුඟ දෙනකුට ප්‍රිය වෙලා හිටපු කෙනෙක්නෙ. 1977 දී යූඑන්පියෙන් ඉල්ලල පාර්ලිමේන්තු ඇවිත් වැඩි දවසක් යන්න කලින් ඔබේ නායකයා වුණු ජේ. ආර්. එක්ක ඔබ හැප්පුණු හැටි අපිට මතකයි. අන්තිමේ ජේ. ආර්.ට ඔබව මැති සබයෙන් එලවන්න යෝජනාවකුත් ගේන්න සිද්ධ වුණානෙ. දැන් ඔබත් එක්ක හැප්පෙන හුඟ දෙනෙක් දන්නෙ නැතුව ඇති ඔබ නිදහසෙන් පස්සෙ අපේ රටේ බිහිවෙච්ච ලොකුම චණ්ඩියා වුණ ජේ. ආර්. එක්කත් හැප්පුණු කෙනෙක් බව. ඔබ නම් වැඩ කරන්නේ ජේ. ආර්. එක්කත් හැප්පිච්ච මට මේ දොස්තරලා මොක්කුද කියන ආකල්පයෙන් බව නම් පේන්න තියෙනවා.
මම මේ ලියුම ලියන්න ගත්තේ ඔබට චෝදනාවක් කරන්නයි. ඒ ඔබේ සයිටමය නිසා මට දැන් ගෙදරින් එළියට බැහැල යන්න විදියක් නෑ කියන්න. ගෙදරින් එළියට බහින්න ‍නෙවෙයි බයක් නැතුව ටෙලිෆෝන් එකට උත්තර දෙන්නවත් විදියක් නෑ ඔබේ සයිටමය නිසා. මොකද මේ දවස්වල හැම කෙනකුටම දැනගන්න ඕන අනෙක් කෙනා සයිටමය ගැන දක්වන අදහස.  කොටින්ම මේ ළඟදි මම හිඟන්නෙකුට හිඟමන් දෙන්න ගියාම ඒකා මගෙන් අහනවා සයිටමය ගැන මම දරන මතය මොකක්ද කියලා. එතකොට මම ඇහුවා තමුසෙට මොකටද ඒ මඟුලක් කියලා. එතකොට ඒකා කියපි මම හිඟමන් ගන්නෙ සයිටම් විරෝධීන්ගෙන් විතරයි කියලා.
අපේ පුතා ඉතා නිර්භීත කෙනකු බව මෙච්චර කාලෙකට පස්සෙ මට තේරුම් ගියේ ඔබේ ඔය සයිටමය නිසයි. මිනිහ අල්ලපු ගෙවල්වලටත් ඇහෙන තරම් හයියෙන් කියනවා එයා සයිටමයට පක්ෂයි කියලා. මිනිහ අහනවා ප්‍රයිවෙට් ටියුෂන් අරගෙන මෙඩිකල් කොලෙජ් ගිහින්  ප්‍රයිවෙට් ඉස්පිරිතාලවල ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන අය ප්‍රයිවෙට් මෙඩිකල් කො‍ලේජ් එකට විතරක් විරුද්ධ මොකද කියල. අපේ ‍ලේලිත් මිනිහට තකටතක. ඈ කියනවා පිටරට කවුරුත් දන්නැති විශ්වවිද්‍යාලවල උපාධි පිළිගන්න පුළුවන් නම් කවුරුත් දන්න මාලඹේ උපාධිය පිළිගන්න බැරි මොකද කියල. ඒගොල්ලන්ට  නම් මේව කියන්න ‍ලේසියි. මොකද උන් විද්වතුන් ‍නෙවෙයිනෙ. අපි එහෙමද? රැල්ල යන පැත්තට විරුද්ධව මුකුත් කිව්වොත් අපේ ජීවිතේම විනාශයිනෙ.
මගේ බිරිඳ මේ දවස්වල හැම ටෙලිවිෂන් නාලිකාවකම ප්‍රවෘත්ති බලනවා. මම ඇහුවා මොකක්ද මේ තරම් ප්‍රවෘත්තිවලට තියෙන උනන්දුව කියලා. ඈ කියනවා කොයි වෙලාවෙ හරි ප්‍රවෘත්තිවලට කියයි දොස්තර නෙවිල් ප්‍රනාන්දු සයිටම් එකට විරුද්ධයි කියල, ඒක හාපුරා කියා අහන්නයි මේ හදන්නෙ කියල. මම එතකොට කිව්වා එයා සයිටම් අයිතිකාරයා වෙච්චි, එයා මොකටද ඒකට විරුද්ධ වෙන්නේ කියලා. එතකොට බිරිඳ කියනවා දැන් නෙවිල් ප්‍රනාන්දු හැර රටේ අනිත් ඔක්කොම සයිටම් එකට විරුද්ධයි, කොටින්ම නෙවිල් ප්‍රනාන්දුගෙ ලොකු අයියා වගේ හිටපු මහින්ද රාජපක්ෂත් දැන් ඒකට විරුද්ධයිනෙ කියල.
සයිටම් ප්‍රශ්නෙ කතා කර කර ඉඳිද්දි අපේ ‍පොලිස් වාර්තාකරු මාත් එක්ක කියනවා හැම ආණ්ඩුවක්ම දඟලනවා පාතා‍ලේ මර්දනය කරන්න, ඒ වුණාට කිසිම ආණ්ඩුවකට බෑ ඒක කරන්න කියල. මං ඇහුවා ඒක කොහොමද සයිටම් කතාවට අදාළ වෙන්නෙ කියල. මෑන් එතකොට කියපි ඉතින් බොස් දොස්තරලගෙත් තියෙන්නෙ මාෆියාවක් නේද කියල. (දොස්තරවරුන් වෙත කරන විශේෂ දැනුම් දීමයි - දොස්තර මාෆියාවක් ගැන කීවේ මා නොව, අපේ ‍පොලිස් වාර්තාකරු බව කරුණාවෙන් සලකන්න.)
කොහොම වුණත් සයිටමයට පක්ෂව හා විපක්ෂව ඇති සියලු කරුණු තුලනාත්මකව සලකා බලා සයිටමයට විරුද්ධ වීමට මමද තීරණය කළ බව ඔබට අවසාන වශයෙන් දැනුම් දීමට කැමැතියි. දැන් මගේ වයස දොස්තරලා තරහ කරගෙන ඉන්න හොඳ වයසක් ‍නෙවෙයි

මම,
මානි
ප.ලි:- දැන් ජනාධිපතිත් ප්‍රශ්නයට අත දාන්න යන නිසා සයිටම් ළමයින්ටත් දවසක දොස්තරලා වෙන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් තව අවුරුදු 25ක් විතර යනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තැන්වලටත් සයිටම් ළමයි යන්න පුළුවන්. එහෙම ගිහින් සයිටම් ශිෂ්‍යයෙක් දවසක වෛද්‍ය සභාවෙ සභාපති වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච දවසට එයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වෙන බවට මොනවද ඔට්ටු?

Comments  

0 #1 Chandralal Fernando 2017-02-14 07:42
G.M.O.A. seeks minimum quality of Education of Medicine MBBS.
But they never maintain quality and ethics of professionalism. The followings are the examples.
1. Doctors never sign attendance. Preferable to keep attendance registry at Private Hospitals.
2. Patients at private hospitals get laugh from Doctors but never see this in Government Hospitals.
3. Patients are not allowed to know their decease and not explain side effects of medicines.
4. They boasted that they are looking more patients than allowed in a day by UNO. Then why they go to private hospitals in addition to government.
5. Seniority has been misused all the time. Doctors never happy increments or any benefits if received by others even attendants and nurses.
6. According to MBBS Doctors, the Assistant Medical Officers also traitors of them.
7. Educated from people but people unknown they will come to wards and when they leave ward.
8. On call doctors sleeps at nights. But nurses shall be awakened to wake up them if emergency attendance by doctor.
9. Vaccinations allocated to Doctors are allowed to give by nurse. This is against U.N.O. Ethics.
10. There is no way to make mistakes by Doctors. There is no record of mistakes and deliberate negligence of Doctors. If something recorded, G.M.O.A. asks power to settle them.
11. MBBS is distributor of medicines. But they pretend as Gods. This is equal to say Pilot of Air Craft. Other professional has made them to order. Say medicines are produced by others. Doses are decided by scientists, researches by others, diagnosis criteria is given by Scientists, Side effects are decided by researchers, medicines are produced by multi national company and S.P.C.
12. Never ask patient's explanations or assailants. But give us medicine without clarifications.
13. Specify places to purchase medicines which is beyond ethics.
14. In addition to private practice, conducts Pharmacy next to so that unexhausted medicines are sold to poor patients.
15. Never value time of patients. Never respect to Patients on the basis that paid Patients are Clients of Doctors.
16. Small boutiques are conducted. Never provided list of medicines and just provide medicines only.
17. Doctors never bother about qualifications of Nurses at theri places. But looks quality of nurses at government hospitals.
18. Favour to relatives at Government Hospitals only free of charge. But they never take to theri pravate place of practice.
18.. Educated by money of poor people. But they objected to free facility of Ambulances provided by Government.

They not allow clinical facility to SAITM and now complain that they have not got enough clinical training.
Quote
+3 #2 Upali 2017-02-15 03:33
100% agree with Chandralal Fernando.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2115

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.