lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

තව අවුරුදු විසිපහකට පසු

දැන් හාල් හරි මිලයි. වැඩිකල් නොයා ලොකු හාල් හිඟයක්ද ඒවි. අදටත් මෙහෙම නම් තව අවුරුදු 25 ක් ගිය තැන රටේ හාල්වල තත්ත්වය කෙබඳු වේද?
.....
සැමියා හා බිරිඳ නෑදෑ ගෙදරක සාංඝික දානයකට යති. සැමියා ගෙමිදු‍ලේ සිටින පිරිමි නෑදෑයන් සමග කතාවට වැටෙයි. බිරිඳ දානයට උදව් වීම සඳහා ගෙතුළට යයි.
ටික වේලාවකින් බිරිඳ මිදුලට දුවගෙන පැමිණ සැමියා පැත්තකට ඇදගෙන යයි.
ඒයි මාර දානයක්නෙ මේක, බතල මයියොක්කවත් ආප්ප ඉඳිආප්පවත් නෙවි දානෙට දෙන්නෙ ඕ කියා සිටී. සෝයා බත්.
ඒ අසා සැමියාට හිනා යයි.
ඔයාට මඤ්ඤං ඔහු බිරිඳට කියයි. සෝයාවලින් බත් හදන්නෙ නෑනෙ.
මෙහිදී බිරිඳ කල්පනාවට වැටෙයි.
ඒ වුණාට බත් වගේම ජාතියක් තමයි දානෙට උයලා තියෙන්නෙ ඕ කියයි. ඔයාට මතකයි නේද අපි ‍පොඩි කාලෙ බත් කියල ජාතියක් කෑවා.
සැමියා හිස වනයි.
අ‍පොයි ඔව් මාළුයි, එළවළුයි එක්ක අනල ගුලි කරල කටේ දාගත්ත ජාතියනෙ ඔහු කියයි. මට මතකයි ඒ කාලෙ බත් විතරක් විකුණන හෝටලුත් තිබුණ.... ඒවට කිව්වෙ බත් සාප්පු කියලද කොහෙද.
ඒ අසා වැඩිහිටි නෑදෑයෙක් සිනාසෙයි.
බත් සාප්පු ‍නෙවෙයි දරුවො බත් කඩ. ඒවයෙ කාල ඉවරවෙන්නැහේ ආයෙමත් ගෙනත් බෙදනවා ඔහු කියා සිටී. ඔය පීසා, පැස්ටාවලටත් වැඩියෙ රහයි බත්.
මේ අවස්ථාවේ ගේ ඇතුළේ සිට කලබලයෙන් පැමිණි කාන්තාවක් බිරිඳගේ කණට කිට්ටු කර යමක් කියයි.
ඒ අසන බිරිඳ එකවරම ඇද වැටේ.
දානේ ගෙදර මිදු‍ලේ සිටි උදවිය පැමිණ ඈ වට කරගනිති. පවු‍ලේ සිටින දොස්තර කෙනෙක් අනෙක් අය පසෙකට කර පැමිණ ලෙඩා පරීක්ෂා කරයි.
අනතුරුව සිනාවක් පාන ඔහු බයවෙන්න දෙයක් නෑ, හාට් ඇටෑක් එකක් නෙවි. ‍පොඩි කලන්තයක් විතරයි කියා එකපාරම මොකද වුණේ? යි අසයි.
බිරිඳට රහස කී කාන්තාව කට අරී.
මම ඇවිත් කිව්ව දානෙට උයලා තියෙන්නෙ ඇත්තම බත් කියල ඕ කියා සිටී. ඒ කිව්ව ගමන් තමයි මෙයා ඇදගෙන වැටුණෙ.
දොස්තර හිස වනයි.
සමහරුන්ට අනපේක්ෂිත ආරංචි දරාගන්න බෑ ඒකයි ඔහු කියයි. කොටින්ම දානෙට ඇත්තම බත් උයල තියෙනව කිව්වම මගෙත් හාට් බිට් එක වැඩි වුණා.
රහස කියූ කාන්තාව තවදුරටත්  කතා කරයි.
චීනෙන්මලු ඕඩර් කරල ගෙන්න ගත්තෙ ඕ කියා සිටී. ප්‍ලේන් එකෙන්මලු කිලෝ පහේ බත් ගෝනිය ආවෙ.
ඒ අසන වැඩිහිටි නෑදෑයා සිනාසී ඇයට තට්ටුවක් දමයි.
බත් ගෝනිය ‍නෙවෙයි ළමයො හාල් ගෝනිය. හාල් ඉව්වමයි බත් වෙන්නෙ කියයි. ඉස්කෝලවල ඉතිහාසෙ උගන්නන්නෙ නැතුවයින් දැන් කාලෙ උදවිය හාල්වල, බත්වල වෙනසවත් දන්නෙ නැතුව ගිහින්නෙ.
ඒ අසන දොස්තර බැරෑරුම් මුහුණක් මවා ගනී.
දැන් ඔය බත් කියන පුරුදු නැති කෑම ජාතිය කාල මේ දානෙට ආපු මිනිස්සු ලෙඩ වුණොත් තමයි වැඩේ ඔහු කියා සිටී. අපිට මෙඩිකල් කො‍ලේජ් එකේදි උගන්නල නෑ බත් කාල අජීර්ණයක් හැදුණොත් මොකක්ද කරන්න ඕන වෙදකම කියල.
ඒ අසන වැඩිහිටි නෑදෑයා දොස්තරට මෙසේ කියයි.
මම දෙවියන්ට බාරයක්වත් වෙන්නම් අද දවසෙ එහෙම ඇබැද්දියක් වෙන්න තියන්න එපා කියල ඔහු කියයි. දායකයො දානෙකදි නොදැන බෙදුවට බත් නම් කන්න එපා කියල දොස්තර ළමයා දානෙට වැඩපු හාමුදුරුවරුන්ට අවවාද කරන්න.
ඒ අවස්ථාවේ රහස කියූ කාන්තාව මඳ සිනාවක් නගයි.
මේක පුදුම වෙන්න දෙයක් නෙවි ඈ කියා සිටී. මේ ගෙදර ජෝඩුව බඳින කොට කේන්දර බලපු කෙනා කිව්වලු නාස්තිකාර වැඩ නිසා මේගොල්ලන්ට කවද හරි පාරට බහින්න සිද්ද වෙනව කියල.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6530

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1066

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3351

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2369

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2814

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3965

Please publish modules in offcanvas position.