Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රූපවාහිනියේ ‘කෙසෙල් පිති පූට්ටුව සහ ‘කයිලවැල් පූට්ටුව’

පසුගිය අප්‍රියෙල් 27 බ්‍රහස්පතින්දා රාත්‍රී 10සිට මධ්‍යම රාත්‍රිය තෙක් ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය වූ ‘යථාරූප’ වැඩසටහන මගින් ගුප්ත හාස්කම් කිහිපයක් ඉදිරිපත් කිරීමට ‍පොල්ගම්පල ප්‍රදේශයේ ජී.එම්. අනුර නම් මන්ත්‍රාචාර්ය වරයෙක් ඉදිරිපත් විය. ඒ එම වැඩසටහන මගින් ඊට පෙර ගුප්ත හාස්කම්වලට එරෙහිව අදහස් පළ කළ වෛද්‍ය සෙනරත් වේරගම මහතාට කරන අභියෝගයක් වශයෙනි. එම හාස්කම් දැක්වීම නිරීක්ෂණය කිරීම පිණිස එම වැඩසටහනට සහභාගී වන මෙන් මෙම ලියුම්කරුට ද ඇරැයුමක් ලැබි තිබිණ. එබැවින් එම මන්ත්‍රාචාර්යවරයා කී ඒ හාස්කම කැමරා කෝණවලින් තොර සැබෑ ‘සජීවී’ අයුරකින්ම දැක බලා ගැනීමේ අවස්ථාව මේ ලියුම්කරුට උදාවිය.

ඔහු ඒ ‘හාස්කම’ පළකරන ලද්දේ අඩි පහක් පමණ දිගැති කෙසෙල් පිත්තක් හරි මැදින් දෙකට පලා එය එම සජීවී වැඩසටහන නැරඹීම පිණිස පැමිණ සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු හා සිසුවියක අතට දීමය. ඉන්පසු ඔවුන් විසින් කළ යුතුව තිබුණේ එම කෙසෙල් පතුරු දෙක තම ඇකයන්හි ස්පර්ශ වන පරිද්දෙන් අල්ලා ගෙන මුහුණට මුහුණලා සිටගෙන සිටීමය. එවිට එම මන්ත්‍රාචාර්ය වරයා විසින් තම අතෙහි වූ රිදී පැහැති සුරය ඒ අතරින් තබත්ම එම කෙසෙල් පතුරු දෙකේ මැද කොටස් එකිනෙකට සමීප වනු දක්නට ලැබිණ. බැලු බැල්මටම එය ගුප්ත හාස්කම් බලයක් සේ බොහෝ දෙනකුට හැඟෙන්නට ඇත.

එහෙත් ඉන්පසු එම කෙසෙල් පතුරු දෙක එපරිද්දෙන්ම වෛද්‍ය වේරගම සහ එම වැඩසටහනට සහභාගී වූ ගුප්ත විශ්වාස ගවේෂකයකු වන දයා සිසිර මහතා අල්ලාගෙන හිඳින අතරේ ද මන්ත්‍ර ශාස්ත්‍රඥ පී.එම්. අනුර මහතා සියතෙහි වූ සුරය එලෙසින්ම ඒ මැදින් තබන ලදි. එහෙත් එවිට එම කෙසෙල් පතුරු පෙර පරිදි එකි,නෙකට සමීප නොවී එපරිද්දෙන්ම තිබෙනු දැකිය හැකිවිය. එහිදී එම මන්ත්‍රකරු කී ගුප්ත හාස්කම් බලය සරසවි සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමටත් වෛද්‍යවරයා සහ මානව ශාස්ත්‍රඥයා හමුවේ ක්‍රියාත්මක නොවීමටත් බලපෑ මනෝ විද්‍යාත්මක හේතුව එම වැඩසටහන නැරඹූ ප්‍රේක්ෂකයන්ට වටහා දීමට මෙම ලියුම්කරුට සිදු විය.

මෙහිදී එක්වරම මෙම ලියුම්කරුට සිහිපත් වූයේ අප ජන සමාජයේ සාම්ප්‍රදායික ගුරුකමක් වන ‘කයිලවැල් පූට්ටුවය’.

කයිලවැල යනු අප රටේ ශාන්තිකර්ම සඳහා බහුලවම යොදා ගනු ලබන ශාක විශේෂයකි. මෙම කයිලවැල් පූට්ටුවේදී සිදු කෙරෙනුයේ ද ඉහත සඳහන් කෙසෙල් පිති පූට්ටුවේ දී මෙන් දෙකට පලන ලද කොසු මිටක් තරම් වන කයිලවැල එකිනෙකට මුහුණලා හිඳින දෙදෙනෙකු විසින් අල්ලා ගැනීමය.

එහෙත් ඒ කිසියම් අරමුණක් වෙනුවෙනි.

එනම් දුරස් වී ගිය පවුල් සබඳතාවයක් යළි ගොඩනංවා ගැනීම, පිට කොන්ද ඇතුළු ශරීරයේ විවිධ ස්ථානවල ඇති වේදනා කැක්කුම් දුරු කර ගැනීම වැනි කරුණු මුල් කර ගනිමිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කයිලවැල් පූට්ටුව කෙරෙනුයේ ඒ සඳහා වන වෙනත් මන්ත්‍ර ගුරුකම් ආදිය සිදු කොට එහි සාර්ථකත්වය අත්හදා බැලීම හෙවත් ‘සත්ත බැලීම’ පිණිසය. එහිදී බොහෝ විට ඒ සඳහා එම ප්‍රශ්න, ගැටලු අර්බුදවලට ලක්වුවන් හා ඔවුන්ට සම්බන්ධ දෙදෙනකු යොදා ගැනෙන අතර එය එසේ ප්‍රශ්නගත පුද්ගලයන් හෝ ආතුරයන් ඉදිරියේ දී සිදු කරනු ලැබේ. එහිදී ඉහත සඳහන් කෙසෙල් පිති ගුරුකමේ දී මෙන් එසේ අල්ලා සිටින්නවුන් නොදැනුවත්වම එම දෙකට පැලූ කයිලවැල එකට සමීප වුවහොත් එය එම ගුරුකම සාර්ථක වූ බව පැවසෙන ඉඟියක් සේ සලකනු ලැබේ.

සැබැවින්ම ඉහත සඳහන් කයිලවැල් පූට්ටුවේ සහ කෙසෙල් පිති පූට්ටුවේ කිසියම් හාස්කම් බලයක් තිබේද? කිසිසේත්ම නැත. මෙහි ඇත්තේ සරල මනෝ විද්‍යාත්මක සිද්ධාන්තයක් පමණි. එය හැඳින්වෙනුයේ මනෝ චාලක බලපෑම (Ideomotor effect) යනුවෙනි.

අප සිතා මතා සිදුකරන සහ ඉබේ සිදුවන නොඑසේ නම් සචේතනික සහ අචේතනික වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් දෙකොටසකි. එහෙත් මේ කොටස් දෙකටම අයත් නොවන තවත් අන්තර් ක්‍රියා සමුදායක් ද අප අතර තිබේ. අප ඉහත සඳහන් කළ පරිදි ඒවා හැඳින්වෙනුයේ මනෝ චාලක ක්‍රියා යනුවෙනි. අප විසින් අපගේ යටිසිත් වල බලපෑමෙන් සිදුකරන මෙම ක්‍රියා අප සිතා මතා නොකරන ඒවා බැවින් ඒවා අප විසින් සිදුකරනුයේ මතුපිටින් බලන විට අපට නොදැනුවත් වමය.

මෙහි ඉහත සඳහන් කළ කෙසෙල් පිති පූට්ටුවේ දී සරසවි සිසුවකු සහ සිසුවියක එය අල්ලාගෙන සිටින අතර මන්ත්‍රාචාර්යවරයා තම අතෙහි වූ සුරය ඒ මැදින් තබත්ම ඒ කෙසෙල් පිති දෙක එතරම් ඉක්මනින් එකට සමීප වූයේ එසේ සුරය මැදින් තැබූ විට ඒවා එකනෙක ළංවන බවට ඔවුන් තුළ ඇති කරවනු ලැබූ මානසික ඇනවුම (Suggestion) නිසාය.

එමෙන්ම එක් පුද්ගලයකුට මෝල්ගස් දෙකක් දෑතින් අල්ලා ගැනීමට ඉඩ සලස්වා යම් යම් අරමුණු මත  කරන මෝල්ගස් ගුරුකමක් ද තිබේ. එහිදී ද ඒවා එකිනෙකට ළං වන්නේය යන මානසික ඇනවුම ඔස්සේ මඳ වේලාවක් තුළ ඒ පුද්ගලයා ද නොදැනුවත්වම ඒවායේ ඉදිරිපස කෙළවර ළංවීම ස්වභාවිකය. එමෙන්ම යම් වේලාවක් එවැනි බර දෙකක් දෑතින් දරා සිටීමේ දී සිදුවන දෑත් ආශ්‍රිත මාංශ පේශීන් කෙමෙන් ඉහිල්වීම මත ඒවා එකිනෙකට ළංවිය හැකිය. නමුත්  එක් එක් පුද්ගලයාගේ කායික ශක්තිය මත කිසියම් වේලාවක් තුළ ඒවා ළංවීමේ හැකියාවක් පවතී. එහෙත් එම ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය රඳා පවතිනුයේ ද ඉහත දැක්වු මනෝමය සිද්ධාන්තය ද පදනම් කරගනිමිනි.

එමෙන්ම කනප්පු ගුරුකම, කුළු කරකැවීම, භූත ලෑල්ල, තඹ‍ලේරු කරකැවීම, කාසි භූතයා, පොල්ගෙඩි ගුරුකම ආදී වශයෙන් බොහෝ දෙනකු හාස්කම් වශයෙන් සහ ගුප්ත ක්‍රියා වශයෙන් සලකන ක්‍රියා කාරකම් ද මෙම මනෝචාලක ක්‍රියා බව ඒකාන්ත වශයෙන්ම පැවසිය යුතුය. නමුත් මේවායේ කිසියම් ගුප්ත බලයක් ඇතැයි සිතන පිරිස් අතරේ වත්මන් සමාජේ ඉහළම තරාතිරම් වල පුද්ගලයින් හිදින බවද මම හොදාකාරවම දනිමි. එය එක්තරා අන්දමක අප ජන සමාජයේ ඇති නොදියුණු බව කියා පාන්නකි.



තිලක් සේනාසිංහ{jcomments on}

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1270

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2938

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3338

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4269

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2420

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2823

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click