lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අලුත් අවුරුදු නැකත් විවේචනය කරන්නේ තමන් පිම්බෙන්නයි

මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් නිවැරදි නොවන බවටත් විශේෂයෙන් ආහාර අනුභවය සඳහා යොදා ඇති නැකත රටට  හානිකර බවටත් රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයෙකු මේ දිනවල මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම ශාස්ත්‍රීය සේම සදාචාරාත්මක නොවන දෙයක් බවත් එමගින් ඔහු මෙරට ජ්‍යොතිර්වේදීන් අතරින් විශේෂයෙන් කැපී පෙනීමට උත්සාහ දරන්නෙකු ලෙස තමන් වහන්සේට පෙනෙන බවත් ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ පවසති.

ජ්‍යොතීර්වේදය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් හදාරා ඇති උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කරනුයේ අලුත් අවුරුදු නැකත් භාවිතයේ ඵලදායකත්වය කෙසේ වුවත් රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජික ජ්‍යොතිර්වේදීන් 31 දෙනෙකු සකස් කෙට ගරු ජනාධිපති හා අගමැතිවරයාගේ අනුමැතියට යටත්ව පසුගිය වසරේ ජූලි මස ගැසට් කරන ලද්දක් බවය. මෙම සිංහල අවුරුදු නැකත් සීට්ටුව මේ දිනවල අභියෝගයට ලක් කිරීම මෙරට සංස්කෘතික පදනමට එල්ල කරනු ලබන බලවත් ප්‍රහාරයක් බව උන්වහන්සේ පවසා සිටියහ.

සිංහල අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් පැන නැගී තිබූ මෙම අර්බුදය මුල් කොට සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) මාධ්‍ය හමුවක් පැවති  අතර එහිදී අමාත්‍යවරයා මෙසේ කීහ.

"පහුගිය කාලෙත් ජ්‍යොතීර්වේදීන් පල්ම පල්වෙලා හිටියේ. සමහරුන් මාස ගණන් හැංගිලාත් හිටියා. ඒ කාලෙ ජ්‍යොතිෂ්‍යය මෙහෙය වුණේ කාගේ උවමනාවටද කෙහොමද කියන එක හැමෝම දන්නවා. ආයෙත් ඒ දේ කර ගන්න හදන්න එපා."

මෙම මාධ්‍ය හමුවට එක්වූ සංස්කෘතික අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය මෙසේ ප්‍රකාශ කාළාය.

"මේ රාජ්‍ය නැකත් කමිටුව රටේ පිළිගත් ජ්‍යොතීර්වේදින්ගෙන් සැදුම් ලත් එකක්. මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සැකසීමේදී ඒ සඳහා 30නෙකුගේම අනුමැතිය ලැබුණා. ඒ අයගෙන් එක් අයෙක් පමණයි මේ අවසන් මොහෙත එන තෙක් බලා සිට මාධ්‍ය මගින් මේවා විවේචනය කරන්නේ. ඒ නිසා මේ කමිටුවෙන් අනුමත වූ නැකත් වෙනුවට ඒ සමාජිකයා මේ කමිටුවෙන් ඉවත් කළ යුතු යැයි මා ඇමතිතුමාට යෝජනා කරනවා."

කෙසේ හෝ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියන් ප්‍රකාශකර සිටිනුයේ අදාල ශාස්ත්‍ර්‍රීය මූලාශ්‍ර පදනම් කරගනිමින් තමන් වහන්සේද සිංහල අවුරුදු නැකත් සීට්ටුව පරික්ෂාවට ලක් කළ අතර එහි කිසිදු දෝෂයක් තමන් වහන්සේට නොපෙනුණු බවය.

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2629

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8842

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3902

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1226

Please publish modules in offcanvas position.