lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කප් සිටුවීමේ සුලමුල මෙන්න

Kap 1

කප් සිටුවීමේ මංගල්‍යය යනු සෑම ඇසළ උත්සවයක් ආරම්භයේම නොවරදවා සිදුකරන චාරිත්‍ර විදියකි. මෙය දෙවිවරුන් සඳහා වන අභිචාර විදියක් බවද පැහැදිළිය.

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහැර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේද සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි සිදුකිරීමයි.

කප යනු කණුවහෙවත් කැප කිරීමයන තේරුම ගෙන‍ දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහැරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහැරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ.

කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හිය. එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදාදීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි.

මහනුවර මහදේවාල‍ය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැඟුණාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැ‍ඟෙනහිර දිශාභිමුඛව සිරිත් ‍පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි‍. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැ‍ඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් කපඔතා ස්වකීය‍ දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයෙක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා ‍වළෙක සුභ නැකතින් කපතැන්පත් කරනු ලබයි.

 Kap 2

අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමයි. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීමද එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති වන ලෙස ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාල වල කපු මහතුන් සිට වූ කපවටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම‍ පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැති වන බවට විශ්වාස කෙරිණ‍. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කපදියකැපුම් මංගල්‍යයදී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි, පා කර යවනු ලබයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1232

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1020

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4633

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2685

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1715

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.