Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නැටුම් ගැයුම් වැයුම් පුහුණු කිරීමට භික්ෂූන්ට හැකිද?

සම්බුදු සසුන කාලානුරුපව වෙනස් විය යුතු බවට සමාජය තුළ පොදු මතයක් ගොඩනැගෙමින් තිබේ. ඒ අනුව බෞද්ධාගමික පුද පිළිවෙත් ආදියද කාලයේ තාලයට සකස් විය යුතු යැයි කියන්නෝ සිටිති. විශේෂයෙන් දැන් එළඹී ඇති කඨින චීවර මාසයේ සිදුකෙරෙන ආගමික චාරිත්‍ර වල ආධ්‍යාත්මක පක්ෂය අභිබවා සංස්කෘතික, කලාත්මක සහ විනෝදාත්මක පක්ෂය ඉහළ නැංවෙන බවක් පෙනේ. දැහැමි විනෝදය බුදු දහමට අකැප නොවුවද බුදු දහමේ නමින් සිදු කරනු ලබන ධර්ම විනය විරෝධී ක්‍රියාවන්ට අනුබල දීම බුදු සසුනේ පරිහානියට සෘජු හේතුවක් බව නොකියාම බැරිය.

විශේෂයෙන් කඨින උත්සව නමින් පැවැත්වෙන සංස්කෘතිකාංග වලදී භික්ෂූන් වහන්සේලා පවා නැටුම්, ගැයුම්, වැයුම් ආදිය පුහුණු කරවීම සහ එම කටයුතු වලට සම්බන්ධ වීම දැන් නාගරිකව මෙන්ම ගම්බදවද බොහෝ විට සිදුවන්නකි. මේ සම්බන්ධයෙන් ඇතැම් උපසපන් භික්ෂූන් වහන්සේලා පවසනුයේ සාමනේර භික්ෂූන් වහන්සේලාට එබඳු කටයුතු වල යෙදීමේ වරදක් නොමැති බවකි.

අංකුර අවදියේ සිටින කුඩා හිමිනමක් වුවත් සංඝ සෝභන ගුණයන්ගෙන් යුක්ත විය යුතුය. මෙහිලා චණ්ඩාශෝක, ධර්මාශෝක බවටපරිවර්තනය වූයේ කුඩා නිග්‍රොධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත දසුනෙනන් බව සිහියට නගා ගැනීම වැදගත් ය. තව ද බුදුරජාණන් වහන්සේ වදාළ

යො හවෙ දහරො භික‍ඛු

යුඤ්ජති බුද්ධසාසනෙ

සො ඉමං ලොකං පභාසෙති

අබ්භා මුත්තොව චන‍දිමා

බුදු සසුනෙහි යෙදී වෙසෙනද ‘මෙලොව මොනවට බබළයුතුයි’ නිර්දේශ කිරීම සිනහවට කරුණකි. නැටුම් – ගැයුම් – වැයුම්වලින් තොරව විසීම භික‍ෂු සීලයකි. සීලය කිසිවිටෙකත් සාපේක‍ෂක අගයෙන් යුක්ත නොවේ. හුදු එය නිරපේක‍ෂකයි. සාපේක‍ෂක යන්නෙහි අර්ථය නොදැනීම නිසා අද බොහෝ දෙනෙක් සීලය යුගයට සාපේක‍ෂක කළ යුතු යැයි කියයි.

බුදුරජාණන් වහන්සේ වදාලේ

  1. තමා එහි ඇලීම (අත‍ථාති තස්මිං සරෙ සාරජ්ජති)
  2. අනුන්ද එහි ඇලවීම (පරෙපි තස්මිං සරෙ සාරජ්ජති)
  3. භික‍ෂූන් ගී ගයතැයි විශ්වාස කරන ගිහියන් කළ කිරීම
  4. චිත්ත සමාධියට බාධා පැමිණවීම (සමාධිස්ස භන්ධොහොති)
  5. කියන්නා අගතිකාමී වීම

ඒ අනුව භික්ෂූන් වහන්සේ ස්වකීය අධ්‍යාත්මික දිවි පෙවෙත අතහැර සංස්කෘතික කලා සහ විනෝදාත්මක කටයුතු වල නියැලීම උදාවී ඇති කඨින සමයේ ආධ්‍යාත්මික හරය සේම බුදු දහමේ පැවැත්මට බරපතල තර්ජන එල්ලකරවන කටයුත්තක් බව නොකියාම බැරිය.

හෑගොඩ විපස්සී හිමි{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2566

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2462

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3956

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4497

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5319

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3165

Please publish modules in offcanvas position.

X

Right Click

No right click