lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

දළදා පෙරහැරේ අසිරිමත් ඉතිහාසය

Pld1

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත උළෙලකි. මෙකී පෙරහැර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියන්ගේ දේශාටන වාර්තාවෙහි ,,රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක.තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක.......

අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහැර සංවිධානය වු ආකාරය කියැවෙයි.

 Pld2

මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහ රජුගේ පටන් ලක්දිව සියළු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර, අන් හැම විටම, දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. පොළොන්නරු සමයේ මහා පරාක්‍රබාහු රජු විසින් ද යටකී පරිදි මහා වංශයේ සඳහන් වන අයුරු රජ ගෙදර පටන් යොදනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියළු සතුන්ගේ වැඩෙහි ඇලුනේ හැම තැන්හි සිතියම් දරන්නා වු ලෝකානන්ද හේතු වු තොරන් කරවා තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයන් ද, විසිතුරු කොඩියෙන් ද, පුජාවට සුදුසු අන්‍යවු දෙයින් ද සරසා මාර්ගයාගේ උභය පාර්ශවයත් පළදරන තැඹිලි, කෙසෙල්, පුවක් පොල් ගස් ආදියෙන් හොබවාම නාමල් කළසින් හා පුන් කළසින් ද සරසවා ත්‍රීදශේන්ද්‍රයාගේ සුදුසුන් වෙය සෙයින් මාර්ගාමාර්ග දෙක්හි විචක්‍ෂණ වු රජතෙමේ මාර්ගයන් අලංකාර කරවා දළදා ගෙදොර මාලකයන් අලකා නුවර සේ සත් පුරුෂයන් සතුටු කිරීමෙහි හැකි වු චතුර රජතෙමේ ජනයන් පිනවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලූයෙන් හාත්පස සියළු දිගුන් හා එසේම විදිසාවෙන් එකළුකොට ඡත්‍ර චාමර පන්තීන් ද, විචිත්‍ර ධජ පන්තීන් ද, නානා වර්ග පතාකාදියෙන් , සියලූ අහස් කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අසුන්ගේ හේසා රාවයෙන් ද, රථයන්ගේ චක්‍රනාදයෙන් ද, භෙරීන්ගේ භාන්ධාකාරයෙන් ද, සියලූ මංගල සංඛයන්ගේ මනෝහර ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් ද, වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද, සාදුකාර ධ්වනියෙන් ද, සියලූ දිගුන් දොඩමලූ කෙරමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන් විභුෂිත වු රුන්සැක් ආදියෙන් සැදුම් ලද ප්‍රවර ශෝභා ඇති ඇතකු නැඟී නොයෙක් එකල්හි ඒ මහා මේඝය තෙමේ උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් ගංවතුර ඇත්තේ හැම තැන්හි වැව් පුරවමින්........

යටකී පරිදි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජු සමයේ පැවති ඇසළ පෙරහැර මංගල්‍යය අනුරපුර පැවති ඇසළ පෙරහැර මංගල්‍යයටත් වඩා විචිත්‍රවත්ව පැවැත් වූ බව මැනවින් ස්ථුට වේ.

එම විස්තරයට අනුව සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරී ගත් ජනයා ද මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, ජත්‍ර, චාමර, ධජ පතකාදිය රැගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේය. වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය.

දඹදෙණි රාජධානියෙහි දෙවන පරාක්‍රමබාහු රජු දවස ද මේ හා සමව පෙරහැර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළිවේ. එහිදී තෙමසක් පුරා උත්සව පැවැත්වු බව ද කියවේ. දළදා වහන්සේ වැඩ සිටි සෑම රාජධානියකම පාහේ ඇසළ පෙරහැර පැවැත් වූ බව සිතා ගත හැකිය.

ඒ අනුව යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොඩි සේසත් චාමර සහිතව වීදි සංචාරය කළ බව කියවේ.

කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය දෙවිපුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සම`ග වැඩහුන් කරඩුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා දොරනා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා යනුවෙන් දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්‍යවස්ථාවන්ට අනුව එවකට පෙරහැර පැවති ආකාරය දත හැකිය. දළදා සිරිතෙහි එන චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි.

 Pld3

කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩමවු බව වංශකතාවල සඳහන් වේ. එකී රාජධානින් තුළ ද චිරාගත සාම්ප්‍රදායානුකුලව ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වු බව අනාවරණය වේ.

1592 පළමු වන විමලධර්මසුරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ද ඇසළ පෙරහැර මංගල්ලය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. මහනුවර යුගයෙහි දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකුව සිටි රොබට් නොක්ස් දුටු පෙරහැරේ ඉදිරියෙන් කපුරාල කෙනෙකු පට පිළියෙන් ඔතා සරසන ලද ලීයක් කරතබා ගෙන මුඛවාඩම් බැද හස්තියකු පිට නැගි වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් නැට්ටුවෝ ද, මේ පෙරහැරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහැර දෙවියන්ට කැපවූවක් බව පෙනේ. මෙම කාලපරිච්ෙඡ්දය වන විට ඇසළ පෙරහැර දෙවියන්ට පුජෝපහාරය පිණිස පැවති සිව්මහා දේවාලයේ පෙරහැර වශයෙන් පැවැත්වුන බව අනාවරණය වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747 - 1781) දවස ක්‍රි.ව 1753 දී දළදා පෙරහැර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළවෙලට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහැර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට පැවැත්වේ.


ජෝන් ඩේවි හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාල කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ , නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්‍රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමා ද මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහැර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය. රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදළවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරීහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩිය ද රැගෙන සිටියහ. රිදී යෂ්ඨිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණීමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රශස්ති ගායනා ආරම්භ විය. රජු මහඅදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසීය. අදිකාරම්වරයා ඒ වග දැන්වු පසු රජුගේ නියමයෙන් පෙරහැර ආරම්භ විය.

තොරතුරු මුලාශ්‍ර - ශ්‍රී දළදා මාළිගාව

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1228

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1019

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4629

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2681

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1713

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.