Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර පූජාව මුල්කොට මේ වන විට විවිධ විපරීතයන් සිදුවන බව නොරහසකි.

මේ එම තත්ත්වය පිළිබඳව නූතන සමාජයේ විද්වත් තුන්පොළකගේ අදහස් දැක්වීමකි.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයේ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමිපානෝ,

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අතර යම් යම් සමානතා වගේම විෂමතාත් දකින්නට පුළුවන්. කාලානුරූපව සිදුවන සමාජීය වෙනස්කම් මත බෞද්ධ සංස්කෘතියේ ද වෙනස්කම් සිදුවීම වලක්වන්නට බැහැ. වර්තමාන කඨින පූජෝත්සවයට සිදුවී ඇත්තේත් එවන් ඉරණමක් මයි. නමුත් මෙය ශීඝ්‍ර විපරිනාමයක් ලෙස හදුන්වන්නට පුළුවන්. ගිහියන්ට නොයෙකුත් පින්කම් කිරීමට සහ කුසල් රැස්කීරීමට අවකාශ තිබුණත්  භික්ෂු විනය හා සම්බන්ධ වීමට හැකි වන්නේ කඨින චීවර මාසය මුල්කර ගෙනයි. නමුත් අද වන විට ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක පක්ෂය පදනම් කර ගත් කඨින චීවර මාසයේ ඇති සැබෑ බෞද්ධ මුහුණුවර ශීඝ්‍රයෙන් වැනසී යනවා. ඒ අනුව මෙය හුදු සමාජ, සංස්කෘතික සහ විනෝදාත්මක පක්ෂය ඉහළ නැංවන උත්සවයක් බවට පත්වෙමින් තිබෙන බව රහසක් නොවේ.

නූතන බෞද්ධයන් බුදු දහම, බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සදාචාරය පසෙකලා බුදු දහම නූතන සමාජයට ‍ගැලපෙන සේ යාවත්කාලීන කිරීමේ යාන්ත්‍රණයක නිරත වී සිටිනවා.

නූතන සමාජයේ බොහෝ පුරුෂාර්ථ තුළ ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක ලක්ෂණ නැහැ. එහි ඇත්තේ මුළුමනින්ම ලෞකිකත්වය තහවුරු කෙරෙන අධි සුඛෝපභෝගීත්වය, විවිධත්වය, බහුලත්වය සහ විනෝදාස්වාදය වැනි ලෞකික පුරුෂාර්ථ පමණයි.

එවන් පසුබිමක් තුළ කඨින පූජෝත්සවයේ ඇති ආධ්‍යාත්මික හරයන් සෝදාපාළු වීම වැලැක්වීම පිණිස දැවැන්ත සමාජ කතිකාවකට අප මුලපිරිය යුතු වෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සමාජ විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය දයා අමරසේකර,

නූතන සමාජයේ මධ්‍යම පන්තිය ශීඝ්‍රයෙන් විස්තාරණය වෙනවා. ඒ ඔස්සේ මධ්‍යම පාන්තිකයන් අතරේ ඇති සමාජ තරඟය තවත් තීව්ර වෙනවා. ඉහළ සමාජීය වරප්‍රසාද ලබා ගැනීමට ඇති උපාය මාර්ග කෙරෙහි ජනතාව ලොල් වෙනවා. කඨින චීවරය පූජා කිරීමට උදා කරගන්නා අවස්ථාවත් එවැනි සමාජීය වරප්‍රසාදයක් ලෙසයි අද බොහෝ දෙනෙක් දකින්නේ.

ඒ අනුව එය තමන්ගේ ධන බලය, නිල බලය ආදිය හුවාදැක්වීමේ අනියම් උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු යොදා ගන්නවා.

ඒ කඨින පූජෝත්සවය මුල් කොට මධ්‍යම පාන්තික නිවෙස් වල සමාජ සාද පැවැත්වෙන අවස්ථා බහුලයි. එහිදී බෞද්ධ ආධ්‍යාත්මික මුහුණුවර සහ කඨින පිංකමේ ඇති බෞද්ධ සදාචාරාත්මක පක්ෂය පසෙකලා කඨින පිංකම් මුල්කොට 'බෝතල් පාටි' සංවිධානය කරන බෞද්ධයන් ගැනත් මා දන්නවා. මෙහිදී අපේ සංඝරත්නයත් මේ අදැහැමි බෞද්ධයන් දැහැමි කිරීමට සාමූහික ප්‍රයත්නයක් ගත යුතුයි. නමුත් අද වන විටත් ඒ සම්බන්ධයෙන් සතුටුදායක පියවරක් ගෙන නොමැතිව තිබීම බරපතල සමාජ අර්බුදයකට තුඩු දෙන්නක්.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) මහාචාර්ය ටී.ජී. කුලතුංග,

අපේ රටේ ජනප්‍රිය සංස්කෘතියට අද ඉහළ සමාජ ඉල්ලුමක් තිබෙනවා. නවීන විද්‍යා තාක්ෂණය සහ නවීන ආකල්ප සමාජය පුරා පැතිර යන විට සාම්ප්‍රදායිකත්වය ඉවත්විය යුතුය යන අත්තනෝමතික අදහස මේ වන විට සමාජය පුරා පැතිර තිබෙනවා. පැරණි කඨින පිංකම අද වන විට කඨින සැනකෙලියක්, කානිවල් එකක් බවට පත්ව ඇත්තේ ඒ නිසයි.

අද බොහෝ පිංකම් සිදුකරන්නේ බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය පදනම මත පිහිටා නොවේ. බෞද්ධයන්ගේ ලෞකිකත්වය වර්ධනය කිරීම අරමුණු කර ගත් අබෞද්ධ පූජා චාරිත්‍ර, 'අධිෂ්ඨාන පූජා' ආදී විපරීත නම් සහිතව නූතන ජන සමාජය තුළට පිවි‍සී ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මින් සිදුවන්නේ සමාජයේ ‍තෘෂ්ණා භරිත බව මත පදනම් වූ ලෞකිකත්වය අසීමාන්ත ලෙස ඉහළ නැගීම පමණයි. එනිසා මේ වැරදි අඩුපාඩු සකසා නොගතහොත් හුදෙක් බෞද්ධ සංකේත මත පදනම් වූ අවිචාරවත් පූජා චාරිත්‍ර දාමයක් මත සැකසුණු බෞද්ධ විරෝධී බුද්ධාගමක් රට පුරා ව්‍යාප්තවීමට වැඩි කලක් ගත වන්නේ නැහැ. නූතන විපරීත කඨින පිංකම් කියන්නේ ඒ ඛේදවාචකයේ එක් දුර්දාන්ත ලක්ෂණයක් විතරයි. එනිසා මේ ඛේදවාචකය මැඩලීමට පොදු සංඝ කතිකාවක් සහ ජන මතයක් ඇතිවිය යුතුමයි. එසේ නැතහොත් මේ ඛෙදවාචකය කෙසේවත් පිටුදකින්නට බැහැ.

සටහන -: දමයන්ති ගමගේ

 

සිංහල බෞද්ධයෝ අතිශය උතුම්කොට සලකන පිංකම් අතරිනුත් කටින පිංකමට හිමිවනුයේ මුල් තැනකි.

වප් පුර පසොලොස්වක පොහොයෙන් ඇරඹි ඉල් පුර පොහොයෙන් අවසන් වන මෙම සමය හැඳින්වෙනුයේ කඨින පූජා මාසය හෙවත් චීවර මාසය ලෙසිනි.

ලංකාවේ  සෑම ගමකම විවිධ අයුරින් කඨින පිංකම් සිදු වෙයි. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරෙයි.

කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇතිඋත්තරීතර වචනයකි. වන්නටඑම වදනශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය හේතු ගණනාවක් ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසකඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨිනචීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජුබව, කම්පා නොවන බව, තියුණු බව ආදී වශයෙන් දැක්විය හැක. අනෙක්‌ කුසලයන්ට වඩාකඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමුපිංකම වන්නේ ද මේ කඨින චීවර පූජාවයි.

පංචානන්තරිය පාප කර්ම හැරවෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය "කුසලෙන පිථියති"යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකරගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසුයන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී වියහැකිය. "සීතස්‌ත පටිඝාතාය" යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමිකපිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලාසුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධචෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වීහිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බව එම චෝදනාව විය.එම කාරණාවන් සහ තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින්භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයිඅනුදැන වදාළහ. එනම් "අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං" 'මහණෙනිවර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි'. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධනියමයන් අනුව අදට වසර 2500කට වැඩි කාලයක්‌ ගත වී තිබියදීත් උන්වහන්සේගේ අනුශාසනාවඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විස්මයජනකද?

ලෝකයේ වෙහෙරවිහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේවස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකමපිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨිනපිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභයපාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත්ලයිස්‌තුවේ සිටීම නිසාය.

කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂසිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙනසමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30නමක්‌ සැවැත්නුවරට වඩින්නටගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන සැවැත්නුවර ජේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාටනියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි විය. ඒ නිසා සාකේත නම් නුවර වස්‌කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නටනොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන්වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මඟදී මහ වැසිපතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින්යුතුව ජේතවනාරාමයට වැඩම කළහ.

එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳපිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාදනැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන්විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාදනැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහවැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූසිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බවසලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

පූජ්‍ය ගෝණදෙනියේ සීවලී හිමි

‘රාම රාවණා යුද්දෙදී රාම කුමාරයා මහ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ තමයි රාවණාගේ සේනාව වෙතින් රාම කුමාරයාගේ සේනාවේ විශාල පිරිසක් මරණයට පත්වීම. මේ හින්දා මේ යුද්ධයෙන් රාම කුමාරයාට ලොකු අවාසියක් වුණා.’
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව  නොමැති දකුණු පළාතේ උස්සන්ගොඩ ජාතික උද්‍යානයට හැරෙන ස්ථානයේ ප්‍රධාන පාර අද්දර වෙළෙඳසලකදී අපට හමු වූ හුංගම ආර්.එන්. කේ. සීලවතී මහත්මිය එසේ කීවාය.  
අපි ඇයට තව දුරටත් කන් දුන්නෙමු.
‘ඊට පස්සේ රාම කුමරා මොකද කරන්නේ මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න තරම් බලයක් තියන ඉන්දියාවේ හිමාල වනයේ තියන මෘත සංජීව කියන මහා බලගතු ඖෂධ පැළැටිය හොයාගෙන  එන්න කියලා තමන්ගේ වානර සේනාවේ හනුමන්තාට නියම කළා. හනුමන්තත් මොකද කරන්නේ ඒ වෙලාවේම අහසින් ගිහින් ඒ පැළැටිය  හොයන්න පටන් ගත්තා. ඒත් හදිසියේ එහෙම දෙයක් කොහෙන් හොයන්නද? අන්තිමේ හනුමන්තත් මොකද කරන්නේ  හිමාල වනයේ අර මෘත සංජීව බෙහෙත තියන කඳුවැටියක්   කරෙන් උත්සාගෙන අහසින් ඇවිත් ඔතනට අත හැරියා. හනුමා උස්සාගෙන ආපු ගොඩ හින්දා තමයි මේකට උස්සන්ගොඩ කියන නම බැඳුණේ.’
සීලවතී මහත්මියගේ එම කතා ප්‍රවෘත්තියේ අද්භූත රසය සිත පුරා විඳගත් අපි ඉන් පසු එම සුවිශේෂ බිම් කඩට පිවිසියෙමු.
ඒ 3 දරන කතරගම හරහා වැටීගත් කොළඹ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හුංගම පසු කළවිට හමුවන උස්සන්ගොඩ නම් මෙම අසාමාන්‍ය බිම්කඩ පිළිබඳව අදටත් බොහෝ  දෙනෙකු නොදැන සිටියද කලමැටිය අභය භූමියට  මායිම්ව වර්ග කිලෝ මීටර් 3.49 හෙවත් අක්කර 862 පුරා පැතිර ගත් භූමි භාගයක් වන මෙය ශ්‍රී ලංකාවේ විසි එක්වන ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ 2010 වසරේ දීය.
ශ්‍රී ලංකාවේ අතිශයින් දුලබ තද රතු පැහැති  පස්වලින් යුතු මෙය රාවණා රජතුමාගේ දඬුමොණරය නතර කළ අංගනය ලෙසටද ජනප්‍රවාද තිබේ. එමෙන්ම මානාභරණ හෝ මේඝ වර්ණ නම් රජ කෙනෙකු යුද්ධයට ගිය පසු ලැබුණු වැරදි තොරතුරක් පදනම් කරගත් බිසෝවරුන් සත් දෙනකු සම්බන්ධ  පුරාවෘත්තයක් සහිත මෙම උත්සන්ගොඩ කළුකුමාර වෘත්තාන්තයටද සම්බන්ධය. සමුද්‍රාසන්නයේ පිහිටි මෙම සුවිශේෂ බිම්කඩ පිළිබඳ ඓතිහාසික සහ සාහිත්‍ය මුලාශ්‍ර විමසා බලන විට  කහ කුරුලු සන්දේශය, මංහරහසල්ල, මහසෝන් සමයම, දෙවොල් මඩු ශාන්ති කර්මය වැනි මුලාශ්‍ර වෙත යොමුවීමට අපට සිදුවෙයි.
මෙම උස්සන්ගොඩ භූමි  භාගයේ ඇති තද රතු පැහැති පස පිළිබඳ විමසුම් කළ විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මීට වසර මිලියන දහයකට පමණ ඉහත මෙම ස්ථානයට අභ්‍යවකාශ වස්තුවක් කඩා වැටී ඇති බවය. එමෙන්ම උඩවලව අභය භූමියට අයත් ගිනිහල් පැළැස්ස, ඉඳිකොළ පළැස්ස යන ස්ථානවලත් වස්ගමුව ප්‍රදේශයෙන් මීට සමූහ පස් ඇතැයි කියනු ලැබේ.
ශීඝ්‍රයෙන් සමුද්‍ර ඛාදනයට ලක්වෙමින් පවතින මෙම උත්සන්ගොඩ භූමි භාගයේ මාතාභරණ රජතුමාගේ මාලිගාව තිබූ බවටත් දැනට වසර තිහ  හතළිහක් තෙක් එහි නටබුුන් දක්නට ලැබි දැන්  ඒවා මුහුදු කෑමට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
උස්සන්ගොඩ ජාතික උද්‍යානයේ දක්නට ඇති මෙම රතු පස් මත කඑඹ, එරමිණියා, පතොක් වැනි සිමිත ශාක කිහිපයක් හැරුණු කොට කිසිදු වෘක්ෂයක් දක්නට නොලැබිමද විශේෂත්වයකි. ඊට හේතු වශයෙන් ඇතැමුන් පවසනුයේ මෙම පසෙහි ප්‍රමාණවත් කැල්සියම් සංයුතියක් නොමැති වීම ඊට හේතුව බවය.
ඒ කෙසේ හෝ කොළඹ සිට කතරගම ආදී ප්‍රදේශ කරා යන එන ගමනකදී හෝ මෙම විස්මිත බිම් කඩට පිවිස එහි හෝරා කිහිපයක් ගත කිරීමට ඔබටත් හැකිනම් අප  රටේ තවත් සුවිශේෂ ස්ථානයක්  දැක බලා ගැනීමේ සතුට, ආත්ම තෘප්තිය නිසැක ලෙසම ඔබටද අත් විඳීමට හැකිවනු ඇත. 







 
දමයන්ති ගමගේ

මේ පොසොන් සමයේ අනුරාධපුරයට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හඳුනා නොගත් අප‍්‍රකට පුදබිම් කිහිපයක් තවමත් ඉතිරි වී තිබෙනවා. අනුරාධපුර කුට්ටම් පොකුණ අද්දරින් වැටීගත් ගල් පාලම පාරේ තරමක දුරක් ගිය විට හමුවන විජයාරාම වන පෙත ඉන් ප‍්‍රධානයි. මෙය පැරණි විහාරයක්.  විහාරයක් කීවාට මෙය වනයෙන් සැඟව ගත් පුරාවිද්‍යා නටබුන් සංකීර්ණයක් ලෙසයි අද අපට පෙනෙන්නට තිබෙන්නේ. නමුත් මේ පුරාණ පුදබිම අනුරාධපුර යුගයේ 8 - 9 සියවස්වලට අයත් පබ්බත විහාරයක් බව මේ වනවිට පුරාවිද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. 
අපේ රටේ පුරාවිද්‍යා ඉතිහාසය තුළ මෙතෙක් නිසි ගවේෂණයකට ලක් නොවූ පුදබිමක්ව පැවැති මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. බී. බෙල් මහතාගේ අවධානයට ලක් වූ බවට වාර්තා තිබෙනවා. නමුත් එතුමා වුවත් මේ පුරාවිද්‍යා නටබුන් අතරින් කිහිපයක නිර්මාණ ලක්ෂණ පිළිබඳව සටහන් තබා ඇතත් මෙම ආරාම සංකීර්ණය පිළිබඳව නිසි අධ්‍යයනයක් කොට නැහැ.
අනුරාධපුරයේ පුරාවිද්‍යා උරුමයන් මුල්කොට අසමසම මෙහෙවරක් ඉටුකළ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ අනභිභවනීය විරුවාණන් සේ සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන්ගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතර පවා මෙම විජයාරාමය ගැන විශේෂ සඳහනක් නොතිබීම විශ්මයට කරුණක්. 
එ් කෙසේ හෝ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 93 ක් සපිරීම නිමිත්තෙන් එහි හිටපු සභාපති ජගත් සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුව ඇරඹූ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ වැඩසටහනේ දී මෙම මාහැඟි පුරාවිද්‍යා උරුමය පිළිබඳ ගවේෂණය කොට එය ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබුණා. 
එ් වනවිට එහි නටබුන් සියල්ල වනයෙන් වැසී තිබූ අතර එම වනගැබ තුළ සතුන්ට මරුවැල් පවා අටවා තිබුණා. එ් අනුව එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. සේවා සම්මානිත පුරාවිද්‍යා මහාචාර්ය ටී. ජී. කුලතුංගයන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ එම ගවේෂණ සහ කැනීම්වලින් පසුව එහි පැරණි ස්ථූපයක් ඇතුළු පුරාවිද්‍යා ස්මාරක 45 ක් පමණ සොයාගෙන තිබෙනවා. දැනට එහි ප‍්‍රධාන ස්ථූපය සංරක්ෂණය සිදු කොට ඇති අතර අක්කර 23 ක් පුරා පැතිර ගත් මෙම භූමිභාගය පාරිසරික පුරාවිද්‍යා උද්‍යානයක් ලෙස සංරක්ෂණය කෙරෙනවා. 
වියළි පරිසරයකින් යුත් අනුරාධපුර ප‍්‍රදේශය තුළ උස් තුරුවැල්වලින් සමන්විත ස්වභාවික වනපෙතක් වන මෙය තුළට පිවිසි පසු සිතේ ගතේ වෙහෙස මුළුමනින් නිවී යන බව අප නොයෙක් වර අත්දුටු දෙයක්. එ් අනුව මෙම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ඔබට මෙම නිසංසල පැරණි වනගත ආරාම බිමට පැමිණ එහි හෝරා කිහිපයක් ගතකොට ගිමන් නිවා ගැනීමේ පහසු ඉඩක් සැලසෙන බව කිවයුතුමයි. 
 




සහන් සංකල්ප සිල්වා

දරු පැටවුන්ගේ සුරතල් බැලීමට කැමති අපි කවුරුත් අලි පැටවුන්ගේ සුරතල් බැලීමට ඒ තරමටම කැමැතියි. නමුත් එකම තැන එකම විටෙක අලි පැටවුන් හතළිස්  තුන් දෙනෙකුගේ සුරතල් බැලීමට අපේ  රට තුළ  ඇත්තේ එකම එක තැනක් පමණයි. ඒ තමයි උඩවලවේ ඇත් අතුරු සෙවණ.
වනයේදී විවිධ හේතූන් මත දෙමාපියන්ගේ රැකවරණ අහිමිව අතරමං වන අලි පැටවුන් ලොකු මහත් වි නැවත වනයට මුදාහැරෙන තෙක් ඔවුන් ආරක්ෂිතව රඳවා තබන මේ ඇත් අතුරු සෙවණ  ආරම්භ කොට දැනට අවුරුදු විසි එකක් වෙනවා.
1995 නොවැම්බර් 04 දා  යෙදුණු ලෝක මහ සත්ව දිනය මුල්කොට මේ ස්ථානය ආරම්භකොට ඇත්තේ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ සංකල්පයක්  අනුව එවකට වනජීවී විෂය භාර අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මුලදී වන්නි හත්පත්තුවෙන් සොයා ගත් කෝමලී නම් ඇත් පැටවාගෙන් ආරම්භ වූ මේ ඇත් අතුරු සෙවණේ අදවන විට දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් අලි ඇත් පැටවුන් හතළිස් තුන් දෙනෙකු රැකවරණය ලබනවා. මෙහි රඳවා ඇති කුඩා අලි පැටවුන්ට  උණුසුම ලබාදෙන කාමර, රෝගී අලි පැටවුන් රඳවා තබන වාට්ටු අලි පැටවුන් හට සැත්කම් සිදු කෙරෙන ශල්‍යාගාර ආදී  පහසුකම් රැසකින් යුතු මෙහි අලි ඇතුන් නැරඹීම සඳහා වන වේදිකාවක් වගේම තොරතුරු මධ්‍යස්ථානයකුත් ස්ථාපිත කොට තිබෙනවා.
දිනපතා  පෙ.ව. 9.00 - මධ්‍යාහ්න 12 දක්වාත් නැවත ප.ව. 3.00 සිට 6.00 දක්වාත් මේ ඇත්අතුරු සෙවණේ අලි පැටවුන්ගේ සුරතල් දඟකාරකම් සිත්සේ  රස විඳින්න ඔබට පුළුවන්.

ඒ අතර මේ අම්මා අප්පා අහිමි වූ මේ අලි බබාල අලි සූප්පුවලින් පිරි කිරි උරා බොන දර්ශනය බලා සිටින විට අපේ සිත්වලට නැගෙන හැඟීම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.
මෙසේ ඇත් අතුරු සෙවණේ රැකවණය ලබන  අලි ඇත් පැටවුන් ප්‍රමාණවත් ලෙස වැඩුණු පසුව මුදා හැරින්නේ ඔවුන් උඩවලවේ ලුණුගම්වෙහෙරගාල මාදුරුඔය වැනි ජාතික වනෝද්‍යාන වෙත බවයි අපට මෙහිදි දැනගන්නට ලැබුණේ. මිනිසුන් අතරේ කුඩා කළ හැදුණු වැඩුණු අලි ඇත් පැටව් නැවත මුදා හැරීමෙන් නැවත වනජීවීන් කළ නොහැකි බවට එවක පරිසර සහ වනසත්වලෝලීන්ගෙන් සුවිසල් අභියෝග පැන නැගුණා. ඒ වගේම මේ ඇත් අතුරු සෙවණ සංචාරයට ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙසටත් ඇතැමුන් හඳුන්වා දී තිබුණි.
නමුත් ඇත් අතුරු  සෙවණේ හැඳි  වැඩී 1998 වසරේ මුදා හළ අනුරාධ, අනුෂා, කණ්ඩුල සහ ගාමිණී කියන ඇත් පැටවුන්  සිව් දෙනා ඇත් අතුරු සෙවණින් මුදා හල පසු වනයේ  අලි රංචු සමග එක්වීමත් සමග  ඇත්අතුරු සෙවණේ සාර්ථකත්වය ලොව හමුවේ අනාවරණය වුණා. ඊට පසුව තමයි බොහෝ දෙනකුට එහි සැබෑ වටිනාකම තේරුම් ගියේ කොළඹ සිට රත්නපුර හරහා  ඇඹිලිපිටිය දෙසට  යන ඒ 18 ප්‍රධාන මාර්ගයේ උඩවලව මංසන්ධියෙන් තණමල්විල දෙසට වැටි ඇති බි 427 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 03 ගිය විට හමුවන පී.ජී. ද සිල්වා මාවතේ තවත් මීටර් තුන්සියයක් පමණ ගියවිට උඩවලවේ ජලාශයට මායිම්ව ඇති මෙම ස්ථානයට පැමිණිය හැකියි. වැඩිහිටියකුගෙන් රුපියල්  විස්සක්ද  වයස අවුරුදු දොළහකට අඩු දරුවෙකුගෙන් රුපියල් දහයක්ද අය කෙරෙන අතර  කණ්ඩායම් වශයෙන් එන පාසල් සිසුවකුගෙන් අය කරන්නේ රුපියල් පහක් පමණයි.
ඒ කෙසේ හෝ මේ අලි පැටවුන් හතළීස් තුන්දෙනා රැක බලාගැනීම වෙනුවෙන් එක් දිනයක් සඳහා රුපියල් හැත්තෑපන්දහසක පමණ මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැය වන බවයි අපට එහිදී දැනගන්නට ලැබුණේ. ඒ නිසාම මෙම අලි පැටවුන් හට කැප කරු මාපියන් විමේ සහ ඔවුන්ට  බිමට කිරිපිටි සපයා දීමේ වරමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඔබ සඳහාද උදාකර දී තිබෙනවා.  011- 2888585 අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අමතා වනජීවී සෞඛ්‍ය අංශය විමසුමක් කළහොත් ඔබට ඒ  කැපකරු මාපිය වැඩසටහන සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගන්නට පුළුවන්. 
ඒ වගේම ඒ ඇත් අතුරු සෙවණේ අලි බබාලාට පෙවීම සඳහා ලැක්ටෝජන් 02 ළදරු කිරි ඇත්අතුරු සෙවණට භාරදීමටත් ඔබට අවකාශ තිබෙනවා. නමුත් මේ එක අලි බබෙක් සඳහා එක දිනකට ග්‍රෑම් 400 ලැක්ටොජන් 02  පිටි පැකට්හයක්ම අවශ්‍ය වන බවත් මතක තබා ගන්න. මොකද ඒ අය සාමාන්‍ය බබාලා නොවන අලි බබාලා නිසා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා අතුරු සෙවණේ 047-2232147 දරන දුරකථන අංකය යොදා ගන්න පුළුවන්.
 




 
 
දමයන්ති ගමගේ

Page 1 of 2

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 2627

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2640

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 5648

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3352

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2001

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2840

Please publish modules in offcanvas position.

Web Analytics