Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව දිය කැපීමේ පුරාණ චාරිත්‍රය අද (08) අලුයම ගැටඹේ දිය කපනා ගං තොටේදී සුභ මොහොතින් සිදුවිය.

අද අලුයම  01.15ට යෙදුණු සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කෙට අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව වෙත ප්‍රවේශවීම සිදුවිය.

එහි සිරිත් ප්‍රකාරව පෙරහැර කරඩුව තැන්පත් කිරීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර සිය දේවාල වෙත ගොස් දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොට වෙත පෙරහැරින් ගමන් කෙරිණි.

එහිදී දිය කැපීමේ මංගල උත්සවය මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මහවැලි ගංගාව මැද දී දිය කැලීමේ චාරිත්‍රය සිදුකරන ලදි.

 දිය කැපීමේ චාරිත්‍රය මගින් වස් දොස් අපල උපද්‍රව දුරුවන බවට පවතින මතය හේතුවෙන් එය නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගීව සිටියහ.

 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන  බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද දිය කැපීමේ අවස්ථාව සදහා  එක්ව සිටියහ.

දිය කැපීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල  පෙරහැර මහනුවර කරා පැමිණ ගණදෙවි කෝවිලේ දි දේව පුජා පැවැත්වීම සිදු කෙරිණි.














නදීක දයා බණ්ඩාර - මහනුවර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 245

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 872

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1135

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 791

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7173

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3347

Please publish modules in offcanvas position.