lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

කෘත්‍රිම රස කාරකවලින් තොර කුකුල් මස් කරියක්

අවශ්‍ය ද්‍රව්‍ය
කටු, හම ඉවත් කර සෝදා කුඩාවට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 250
ඉතා කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 50
තීරු ලෙස කපාගත් තක්කාලි ග්‍රෑම් 30
ඇට ඉවත් කර තරමක කොටු කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 50
ඉතා සිහින්ව කපා ගත් ලූනු ග්‍රෑම් 20
ගෙඩි පිටින් සුද්ද කරගත් රතුලූනු හෝ ලොකු තීරු කපාගත් ලොකු ලූනු ග්‍රෑම් 50
කෑලි මිරිස් මේස හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
සිහින්ව කපාගත් සුදුලූනු මේස හැඳි 1
සිහින්ව කපාගත් ඉඟුරු මේස හැඳි 1/2
ලීක්ස් සුදුපාට  දණ්ඩ හරස් අතට තරමක් ලොකුවට කපාගත් ග්‍රෑම් 50
කරපිංචා ඉති දෙකක්
අඟල් 1/4 පමණ කුරුඳු‍පොතු කැබැල්ලක්
දෙකට පලාගත් අමුමිරිස් කරල් 2 යි
ලුණු රසට අනුව
රසට අනුව ගම්මිරිස්

සාදන ආකාරය  
මස් කැබැලි වලට ලුණු සහ කහ දමා හොඳින් අතගා පසෙකින් තබන්න. තරමක ලොකු තාච්චියක් ළිප තබා තෙල් ටික දමා රත් කරන්න. දැන් ‍පොඩියට කපාගත් ලූනු, රම්පේ. කරපිංචා, කුරුඳු ‍පොතු දමා හැඳිගාමින් හොඳින් බැදෙන්නට හරින්න. බැඳීගෙන එන විට ඉඟුරු, සුදුලූනු දමන්න. බැදෙන්නට හරින්න. දැන් ලූනු, ගම්මිරිස්, කෑලි මිරිස් එකතු කරන්න.
දැන් මස් ටික දමා හොඳින් හැඳිගාමින්, කැබැලි එහාට මෙහාට කරමින්, හරවමින් පිසින්න. දැන් සිහින්ව කපාගත් තක්කාලි කැබැලි දමන්න. දැන් හොඳින් මිශ්‍ර කරමින් ගින්දර අඩුකර ඒ තක්කාලි කැබැලි වලින් උනන ඉස්ම වල එය තැම්බෙන්නට ටික වේලාවක් වසා තබන්න.
මස් කැබැලි හොඳින් තැම්බුනු පසු ලොකුවට කපාගත් ලූනු හෝ රතුලූනු ගෙඩි එකතු කරන්න. ලීක්ස්, මාළු මිරිස්, තක්කාලි තීරු එකතු කර එහාට මෙහාට කරමින් වැඩි ගින්දරේ හොඳින් මිශ්‍රකර ගන්න. අපූරු රසයකින් සේම, අපූරු වර්ණ සංකලනයකින් නිමැවුනු කුකුල්මස් ඩෙවල් දීසියක් දැන් ඔබ සතුය.

ඡායාරූප ඉරේෂ් ප්‍රසංග

සටහන - නිර්මලා කුමාරි සේනාරත්න

IMAGE

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 806

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 2865

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 2583

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2012

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 3924

විජේවීරගේ චරිතය රඟපා නිමවන තුරු කළ කැපවීම කමල් හෙළි...

IMAGE 2017 May 21 13:33
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය...
Views - 2935

Please publish modules in offcanvas position.