lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ජාත්‍යන්තර පරීක්ෂණ පිළිබඳ හුඹස් බිය

සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙන බව ජනපති මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් අල්හුසේන් කුමරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය. එසේම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද හෙතෙම ඇගයීමට ලක්කළේය. මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අල් හුසේන් කුමරු මෙහිදී අදහස් පළ කර තිබේ.
මෙම මාතෘකාවට ප්‍රවේශය ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ අදහස උපුටා දක්වනු ලැබුයේ අරමුණු කිහිපයක් පෙරදැරිවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සමගාමීව මේ දිනවල ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ චෝදනා යෝජනා සංවාද බොහොමයක් තිබේ. ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්ට අනුව රටේ ක්‍රමවේද නිර්මාණය වෙද්දී සමහර පාර්ශ්වයන් කියා සිටිනුයේ එය රට පාවා දීමක් ලෙසය. රටේ පවතින අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව මෙරටට පැමිණ ගිය අල්හුසේන් කුමරු නිකුත් කළ වාර්තාවේ සඳහන් වූයේ වසර දෙකකට ඉහතදීය. අධිකරණයේ සහ නීතියේ ස්වාධිපත්‍ය රැක ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන්නේ කුමන අන්දමේ දේශප්‍රේමියෙක්ද යන කාරණය අවබෝධ කරගැනීමට ජනතාවට එතරම් අපහසු නැත.
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ එක් පාර්ශ්වයක් කියා සිටින්නේ හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය. රටේ නීතියට පටහැනි අන්දමේ එවැනි දෙමුහුං (හයිබ්‍රිඩ්) අධිකරණයක් පිහිටුවන්නේ නැති බව ජනාධිපති අගමැති, විදේශ ඇමැති යන පාර්ශ්ව තුනම ඉතා පැහැදිලිව රටටත් ලෝකයටත් ප්‍රකාශ කළත් ඇතැමුන් එය  පිළිගැනීමට සූදානම් නැති බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් ගෝත්‍රිකවාදී මානසිකත්වයෙන් කටයුතු කරන මොවුන් බොහොමයක් දෙනා තමන්ගේ පටු දෘෂ්ටිය සමාජගත කරන්නට උත්සාහ දරමින් සිටිති.
රටේ වසර 30ක් පැවැති යුද්ධය අවසන් කළ රණවිරුවන් සහ හිටපු ජනපතිවරයාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්නට වත්මන් පාලන තන්ත්‍රය උත්සාහ කරන බවට මතයක් සමාජගත කිරීමට උත්සාහ කරනු ලැබුයේද මෙම පාර්ශ්වයන්මය. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සම්මුතින් මෙන්ම එල්ලවන චෝදනාවන් අතර තිබෙන සබඳතාව කෙබඳු ආකාරයේ එකක් දැයි විමසා බැලීම උචිතය.
ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය හා නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ සාකච්ඡාවකින් පසු 1990 රෝම ප්‍රඥප්තිය මගින් ජාත්‍යන්තර යුද අධිකරණය පිහිටවනු ලැබිය. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ ඇතුළු දඬුවම් නියම කිරීම දක්වා වූ පුළුල් පරාසයක බලයක් සහිත මෙම අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ හේග්් නුවරය.
මෙම අධිකරණය විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යුද අපරාධ, වර්ග සංහාර (Genocide) වැනි දැඩි ලෙස හෙළා දකින අපරාධ සම්බන්ධයෙන් මෙන්ම රටවල් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඒ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කාගේ හෝ අභිමතය පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතයකින් එවැනි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ බලය පවතී. යුද්ධයක් පැවැති අප රට මෙන්ම ඕනෑම රටකට ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සිදුවන්නේ දේශීය අධිකරණමය ක්‍රියාදාමයකින් අනතුරුවය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සඳහා දේශීය අධිකරණයකට නොහැකියාවක් තිබේ නම් පමණක් ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩ විවර වේ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් සඳහා දේශීය වශයෙන් අවතීර්ණ වී තිබේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමක් කිරීමට අයිතියක් නොමැත. එසේ නමුත් අදාළ රාජ්‍ය යුක්තිය පසිඳලීම සැලසුම් සහගත ප්‍රමාද කරන්නේ නම් ඊට මැදිහත් වීමේ හැකියාව එ.ජා.ගේ අධිකරණයට හැකියාව තිබේ.
මෙම තත්ත්වය අවබෝධ කරගෙන පසුගිය රජය යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තරයේ ප්‍රතික්ෂේප කළද පසුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබිය. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම පත්කළේය. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව පැමිණිලි රාශියක් එම කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබිය.
ඊට ඉදිරිපත් කෙරුණු පැමිණිලි මෙන්ම චැනල් ෆෝ නාලිකාවෙන් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම මෙන්ම යුද හමුදා පරීක්ෂණ අධිකරණයක් පිහිටුවනු ලැබිය. මෙරට යුද අපරාධ සිදු නොවූ බවට ගිය ආණ්ඩු සමයේ මුලදී කළ ප්‍රකාශයේ වලංගුභාවය මෙම ආයතන පිහිටුවීමත් සමග අහෝසි වී ගියේය.
ඉහත අවස්ථාවල ක්‍රියාකාරීත්වය සහ අධිකරණයේ ක්‍රියාදාමයන් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තරයට කියා සිටියේ මෙරට සංචාරයකින් අනතුරුවය. දේශීය වශයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා පසුගිය පාලන තන්ත්‍රය නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම අවසානයේ සිදුවීමට ගිය අභාග්‍ය සම්පන්න ඉරණමින් ගොඩ ඒමට රටට හැකියාව ලැබුණේ 2015 වූ දේශපාලන විපර්යාසය හේතුවෙනි.
ජාත්‍යන්තර වශයෙන් මෙරටට නැති වී ගිය විශ්වාසය තහවුරු කර ගැනීමට නූතන පාලන තන්ත්‍රයට හැකිවීම රටක් ලෙස සතුට දනවන කරුණකි. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා වසර දෙකක කාලයක් ලබා දීම සඳහා එ.ජා.ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට ප්‍රබල රටවල් රැසක සහය හිමිවී තිබේ. යුද්ධයක් සහ මානව හිමිකම් කඩ වී ඇතැයි චෝදනා එල්ල වූ රටක පාලන තන්ත්‍රය වෙනස් වූ අවස්ථාවල මෙවැනි මධුසමයක් උදාවේ. මේ ගෙවී යන්නේ එම සංක්‍රාන්තික සමයයි. රටේ ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝනය වී ඇතිනම් පරීක්ෂණ සහ වගවීමේ ක්‍රියාදාමයක් මගින් සත්‍ය අනාවරණය කර ගත යුතුව තිබේ. එමෙන්ම නීතියේ ආධිපත්‍ය අදටත් වඩා හෙට ශක්තිමත් විය යුතුය. ලංකාවට ලෝකයේ හුදකලා රටක් ලෙස පැවැතිය හැකි නොවේ. අප ශිෂ්ට සම්පන්න රටක් ලෙස ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කළ යුතුය. එබැවින් ගත හැකි යහපත්ම පියවර වන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්, සඳහා නීතිමය පියවර ගැනීමය. නොඑසේ නම් අර්බුදයකට යනුයේ තිස් වසරක යුද්ධය නිමා කළ සමස්ත ත්‍රිවිධ හමුදාවටමය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තිසු

IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 790

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.