lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ගම්පහ දිස්ත්‍රිකයේ කිරිඳිවැල මාලිගාවත්තේ පිහිටි කසල කළමණාකරණ මධ්‍යස්ථානය වෙත මෙම විසි අට වනදා දක්වා දිනකට කසළ ටොන් අසූව බැගින් බැහැර කිරීම සම්බන්ධයෙන් දැඩි සේ විරුද්ධ වූ ප්‍රදේශවාසී ජනතාව පසුගිය 20 දා හංවැල්ල - කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

කොළඹ මහ නගර සභාව මුහුණ දී ඇති කසළ අර්බුදය ගැන මානුෂික ලෙස සිතා එම සීමිත දින ගණන තුළ එම සීමිත කසළ ප්‍රමාණය පමණක් එහි රැඳවීමට ඉඩ දිය යුතු බවට රැස් වුණු ඇතැම් පිරිස් වල නිගමනය වූ අතර සෙසු පිරිස එක හෙළාම “කොළඹ කුණු අපට එපා” යන දැඩි ස්ථාවරයේ රැ‍‍ඳෙමින් මෙම අරගලය දියත් කළහ. එහි එක් අවස්ථාවක එම කණ්ඩායම් දෙක අතර  ඇති වූ උණුසුම් කතා බහකි  මේ.

පළමුවැන්නා; ඕවාට එහෙම එකපාරටම කොළඹ කුණු කියන්නත් බැහැ; මොකද ඔය විදිහට කොළඹට එකතු වෙන්නේ පිටපළාත් වලින් ගෙනියන දේවල්වලින් ඉතු‍රුවෙන කුණු නෙ.

දෙවැන්නා; ඔව්, ඉතින් කොළඹ මැනින් මාකට් එක ගත්තත් හැමදාම මුලු රටේම කුණු එතනට එකතුවෙනවා. ඒවට ඉතින් කොළඹ කුණු කියන එක නම් වැරදියි තමයි.

තුන්වැන්නා; එහෙම බැලුවොත් නම් ඉතින් හැමදාම මේ දොම්පේ ආසනෙන් වුණත් කොළඹ ගෙනියන දේවල් වලින් සෑහෙන කුණු ප්‍රමාණයක් එකතුවෙන්න පුලුවන් තමයි.

 මේ අතර එහි සිටි උද්ඝෝෂණකරුවෙක් එම තිදෙනාට මෙසේ කීය.

මේ ඕවා නිකම් බොරු බයිලා; කොළඹ නගර සභාව සීමාව ඇතුලේ එකතු වෙන කුණු කොළඹ කුණු; එහෙම නැතුව ඒවාට නුවර කුණු, ගාල්ලේ කුණු කියන්න බැහැනේ. ඉතින් ඒවට කොළඹදීම කර ගන්න දෙයක් කර ගන්නවා මිසක් ඒ කුණු අපේ ඇඟවල් වල ගහන්න එන්නේ මොන මඟුලකටද?

පළමුවැන්නා; මේ අපිත් දන්නවා ඔයාලගේ හැටි; ඔයාලා ඔය හදන්නේ මොන කුණු ගොඩක් අස්සට පැනලා හරි කල දුටු කල වළ ඉහගන්න; ඔයාලා ගෙයක් ගෙයක් ගාණේ ගිහින් මෙහේ දෙවැනි මීතොටමුල්ලක් වෙනවා කියලා මිනිස්සු බය කරපු හැටි අපිටත් ආරංචිවෙලා තියෙන්නේ; මෙතන මීතොටමුල්ල  වගේ නිකම් කුණු ගොඩක් නොවෙයි කසළ කළමණාකරණ මධ්‍යස්ථානයක්; මෙතනට කුණු සම්පතක්;

මෙම වාදය උණුසුම්ව ඇවිලයන අතරේ එතැන සිටි තළතුනා මහතෙක් මැද්දට පැන්නේ මෙසේ කියමිනි.

ඔයාලා ඔය කියන දෙපැත්තෙම කාරණාවල ලොකු ඇත්තක් තියනවා; හැබැයි ඉතින් මේ ප්‍රශ්නෙට නියම විසඳුමකුත් කියනවා; දැන් මේ මහත්තුරු කිව්වනේ කොළඹ කුණු ගොඩ ලොකු වෙන්න මේ දොම්පෙන් කොළඹට ගිය එක එක දේවලුත් බලපෑවා කියලා.

ඔහු එසේ කියත්ම එහි සිටි කිහිප දෙනෙකුම ඔව් යැයි කියමින් ඊට අවධානය යොමු කළහ.

එවිට තළතුනා මහතා  සිනාසී මෙසේ කීය;

ඉතින් අපි කොළඹ කුණු ලොරි ඔක්කොම මෙහාට ගෙන්නලා අපේ කුණු ටික විතරක් තෝරලා වෙන් කරලා භාර අරගෙන අනික් ඒවා ආපහු කොළඹ යවමු; ඉවරයි නේ කතාව.

 

එස්.ටී.පී.සිල්වා

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 574

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1291

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 472

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2036

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2078

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 924

Please publish modules in offcanvas position.