lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ටැබ්ලට් කොණ්ඩයා යනු කඳාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ‍ලෝලීන් අතර ජනප්‍රිය චරිතයකි. ඒ ඔහු ගංජා හෙරොයින් පමණක් නොව වර්තමානයේ පාසල් සිසුන් අතරේ ශීඝ්‍රයෙන් ප්‍රචලිත ටැබ්ලට් හෙවත් මත්පෙති ජාවාරමට ද සම්බන්ධ වූවකු බැවිනි. මත්ද්‍රව්‍ය ලෝලීන් අතරේ ජනප්‍රිය වුවද සමස්ත මිනිස් සමාජයට පිළිලයක් බදු මේ ටැබ්ලට් කොණ්ඩයා පිළිබඳව ප්‍රදේශවාසීහු වරින් වර පොලිසියට පැමිණිලි කළහ. එහෙත් ඉන් සැලකිය යුතු ප්‍රතිපලයක් ලැබුණේ නැත.

එහෙත් පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය ටැබ්ලට් කොණ්ඩයා ගේ මත්ද්‍රව්‍ය තිප්පල වැටලීය. එහිදී සැලකිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සමගම කුමක් හෝ ‍හේතුවක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අවධානය ඒ අද්දර පිහිටි තරමක ධනවත් නිවසක් වෙතද යොමුවිය. එමෙන්ම ඔවුන් අනුමාන කළ පරිදි එම නිවසේ ගරාජයේ තිබී ගංජා ග්‍රෑම් නවසියයක් සහ කඩු කිනිසි ආදී  හිංසන අවි කිහිපයක් ද සොයා ගන්නා ලදී. එහෙත් මෙම වැටලීම කරන අතරේ එම නිවසේ සිටි තරුණ රූමත් ගෘහණිය එළියට පැමිණියාය. එවිට නිලධෘරීන් ඇයට මෙම සොයා ගැනීම ගැන කීහ. තමන් සන්තකයේ එවැනි නීතිවිරෝධී භාණ්ඩ තිබියදී පොලිස් අත්අඩංගුවට ගැනීමේදී සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු තැති ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් එසේ තැති ගනු වෙනුවට මේ ගෘහණිය කෝපවූවාය.

ඔයාලා මම කවුරු කියලද හිතන්නේ මම අහවල් කොලේජ් (වත්තල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක්) ඒකේ ටීචර් කෙනෙක් - දන්නවාද? අපේ ගෙදරට ඇවිත් ඔයාලාට ඕනේ සෙල්ලම් පෙන්නන්න බෑ - හරිද?

අසවල් අසවල් අය (මෙහිදී ඇය සමාජයේ ඉහළ තරාතිරම් වල කිහිප දෙනෙකුගේ නම් කීවාය) ට එක ෆෝන් කෝල් එකක් දීලා ඔයාලාට විරුද්ධව ඇක්ෂන්ගන්න මට පුලුවන්. ඇය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට එසේ දෙහි කපන්නට වූවාය.

“ඒ කිසිම දෙයක් මෙතනට අදාල වෙන්නේ නැහැ නේනා; මේ වගේ දේවල් තමන්ගේ සන්තකයේ තබා ගැනීමේ වරදට දැන් අපිට නෝනාව අත්අඩංගුවට ගන්න වෙනවා. “එසේ කී නිලධාරීහු ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්  කළහ. පසුව ඒ පිළිබඳව කළ විමසීමක දී ඇය ටැබ්ලට් කොණ්ඩයාගේ සොයුරකු ගේ බිරිඳක හෙවත් කොණ්ඩයාගේ නෑනා කෙනෙකු වන ජාත්‍යන්තර පාසල් ගුරුවරියක හා විවාහක එක්දරු මවක බවත් අනාවරණය කර ගත හැකිවිය. එහෙත් ඇය සහ ටැබ්ලට් කොණ්ඩයාගේ ගංජා හෙරොයින් හෝ ටැබ්ලට් ජාවාරම අතර ඇති සබැඳියාව මෙතෙක් අනාවරණය වී නැත.

දමයන්ති ගමගේ

IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 384

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.