lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

මේ දවස්වල තොරතෝංචියක් නැතුව ඇදහැලෙන මහ වැස්ස හින්දා පළාත් බොහොමයක් ගංවතුරින් යට වෙන්න පටන් අරන්. ඔය අස්සේ එන්සිනාගේ නැන්දම්මගේ තුනටියේ අමාරුව වැඩිවෙලා කියලා නෑණා  එන්සිනාට ටෙලිෆෝන් එකෙන් කිව්වා. ඒ හින්දා තමයි පහුගිය සෙනසුරාදා  එන්සිනා දරු පැටව් දෙන්නයි මහත්තයයි එක්ක  මහත්තයලගේ ගෙදර යන්න පිටත් වුණේ. 
කොහොම හරි වෙනදා මේ ගමන යන ප්‍රධාන පාරවල් කීපයක්ම වතුරෙන්  යටවෙලා හින්දා වෙන වෙන පාරවල් වලට වාහනේ හරව හරවා යන්න මහත්තයට සිද්ධ වුණා. අනේ ඔය අතරේ පාරේ එක පැත්තක මහා විශාල ජලාශයක් අයිනේ පවුල් තිහ හතළිහක් කූඩාරම් ගහගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ගෙවල්වල  තිබුණු මේස පුටු හැලිවළං පිඟන් කෝප්ප සේරමත් මහපාර අයිනේ බිම තියලා.  ඔය අතරේ ඒ ජලාශය මැද්දෙන් බෝට්ටු එහාට මෙහාට යනවත් එන්සිනාලට හොඳට පේනවා. “ඕක දැන් ඔහොම ජලාශයක් වගේ පෙනුණට පවුල් සිය ගාණක් පදිංචි වෙලා ඉන්න ගමක්. ඔය ගම මැද්දෙන් ලොකු ඇළක් ගලාගෙන යනවා. ඕක උතුරලා තමයි ඔය ගම යට වෙන්න ඇත්තේ.”
එතන පාරේ අයින් කරලා වෑන් එක නතර කරපු එන්සිනාගේ මහත්තයා කිව්වා. කොහොම නමුත් හැමදාමත් බොහොම  අහිංසක  විදියට  ගෙදර දොර ජීවිතය  ගත කරපු පවුල් බර ගණනක් ් මේ විදිහට  පැය කීපයක් ඇතුළත මහපාරට වැටුණු එක ගැන එන්සිනාගේ හිතේ ඇති වුණේ ලොකු කම්පාවක්. කොහොම හරි මේ මිනිස්සු වැටිලා ඉන්න අමාරුව දැකලා හිත කම්පා කර ගත්තු අහල පහළ ගම්වල සෑහෙන පිරිසක් කෑම බිම වතුර ‍පොදි බැඳගෙන ඇවිත් මේ මිනිස්සුන්ට බෙදා දෙන්න  දරන උත්සාහය දැක්ක තමන්ගේ ඇස් දෙකට කඳුලු බින්දුවක් ඉනුවේ ඇයි කියන එක එන්සිනාට එකපාරටම හිතා ගන්න බැරිවුණා.
ඔය අතරේ හිටපු  හැටියම ඇලුමිනියම් බඳුන් තියන ලොකු ලොරියකුයි තවත් වෑන් එකකුයි එතනට ඇවිත් නතර කළා. මෙන්න ඒකෙන් බැහැපු නවීන තා‍ලේ ටීෂර්ට් දිග කලිසම් ඇඳගත්තු ලස්සන නෝනලා ටිකක් එහේ මෙහේ දුව දුව අර ගංවතුරින් අසරණ වුණු අයට මොන මොනවද බෙදනවා. 
ඒ නෝනලාගේ ටීෂර්ට්වල පිටේ ‍පොල්ගෙඩියක් තරම් ලොකුවට ප්‍රසිද්ධ වෙළෙඳ ලාංඡනයක් මුද්‍රණය කරලා. ඒත් ඉතින් මොනවා වුණත් මේ අය මේ වගේ ආපදා අවස්ථාවකදි ඉස්සරහට ඇවිත් අසරණ මිනිස්සුන්ට  උපකාර කරන්න ඉදිරිපත්  වුණු එක ගැන එන්සිනාගේ හිතේ පුංචි  සැනසීමක් මෝදු වුණා. ඒ එක්කම අර නෝනලාගෙන් ගංවතුර ආධාර ගත්තු පුංචි උන්  ටිකක් බොහෝම සන්තෝෂෙන් එන්සිනාල ළඟට දුවගෙන දුවගෙන ආවා.
“මොනවද බබාලට ඒ නෝනලා දුන්නේ?” එහෙම ළඟට ආපු පුංචි එකෙකුගෙන් එන්සිනා බොහොම ආදරෙන් ඇහුවා. එතකොට පුංචි එකා බොහොම ආදරෙන් තමන්ගේ අත් දෙක එන්සිනා දිහාට දික් කරලා මෙහෙම කිව්වා
“වතුර තියන වෙලාවේ හිතේ හැටියට නාගන්න කියලා ඒ නෝනලා අපිට ෂැම්පු පැකට් ගොඩාරියක් දුන්නා.”

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 39

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 205

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1152

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2505

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3128

Please publish modules in offcanvas position.