lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අනියම් සබඳබදතාවක් මත රහසඟ අනියම් බිරිඳ විසින් පිහියකින් කපා වෙන් කිරීම නිසා බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ පොලොන්නරුව පොලිස් අධිකාරී කොට්ඨාශයට අයත් පොලිසියක රථ වාහන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම සිද්ධියට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා අවිවාහක අයෙකු බව පැවසේ. හෙතෙම හිඟුරක්ගොඩට ආසන්න ප්‍රදේශයක පදිංචි විවාහක දෙදරු මවක සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. එම හේතුව නිසා අදාල කාන්තාවගේ පවුල් ජීවිතයද දෙදරා ගොස් සැමියා හා දරුවන් වෙන්ව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

මෙම සිදුවීමට පෙර දිනයක දී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කාන්තාව පදිංචිව සිටි නිවසට ගොස් ඇගේ අකමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් මේ නිසා කාන්තාව පොලිස් ‍නිලධාරියා සමඟ කිසියම් නොමනාපයකින් පසුවී ඇති බවත් සඳහන් වේ.

මෙකී කාන්තාව පොලිස් නිලධාරියාට අකමැතිවීම හේතුවී ඇත්තේ ඔහු තවත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති නිසා බව ඇය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන් වේ.

තත්ත්වය මෙසේ තිබියදී එකී පොලිස් නිලධාරියා ඇයගේ නිවසට පැමිණ පසුගිය දිනක නැවතත් ඇය සමඟ බලහත්කාරයෙන් ලිංගික සබඳතාවක් පැවැත්වීමට උත්සාහ දරා ඇති බවත් එහි දී දෙදෙනා අතර ඇතිවූ මත ගැටුමක් මත කාන්තාව විසින් පිහියක් රැගෙන පොලිස් නිලධාරියාගේ රහසඟ කපා දමා ඇති බවටත් කරන ලද මූලික විමර්ශන වලදී හෙලිවී තිබේ. කෙසේ වුවද තුවාල ලැබූ පොලිස් නිලධාරියා මුලදී පොලිසියට සඳහන් කර  ඇත්තේ තමන් විසින්ම  කිසියම් හේතුවක් මත එම ක්‍රියාව සිදුකරගත් බව යැයි හිඟුරක්ගොඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.  පසුව දෙදෙනාගේ ප්‍රකාශ වල පරස්පර තාවයක් ඇති බැවින් එහි සැබෑ තත්ත්වය අනාවරණය වූ බවද හෙතෙම කීය.

මෙම සිද්ධියට අදාල පොලිස් නිලධාරියා විසින්  තමන් දූෂණය කිරීම මත මෙම ක්‍රියාව සිදුකළ බව ප්‍රකාශ කිරීම නිසා ඇයද රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ජයන්ත දසනායක යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ආර්.ඒ.බන්ඩාර - හිඟුරක්ගොඩ

  1. යකා එලවමින් සිටි යකදුරා හදිසියේ මරුට
  2. සැමියාගේ දේහයට බිරිඳ බෑ කියයි
  3. සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්
  4. සයිටම් පෙළපාළි ගිහිල්ලා හරි කවියෙක් මළොත් ඔහු තමයි හෙට ඉඳලා ලංකාවෙ වීර කවියා
  5. බණ කියන තැන පෙනී හිඳින මේ භූතයා හඳුනනවාද?
  6. “කළු කුමාරයා” ආ බවට කාන්තාවක් 119ට පැමිණිලි කරලා
  7. සර්පයාගේ ගෙදර ගිය පරිසරවේදියා හා මාධ්‍යවේදියා
  8. බොරු ධාතුන් වහන්සේලා කපටිකමින් "එර්දි" කරලා
  9. ඉංගිරිය පොලිසියට ‘යකින්නක්’ කඩා වැදිලා!
  10. ගංජා සමග කඩු කිනිසි නිවසේ තබාගත් ඉන්ටර්නැෂනල් ස්කූල් ටීචර්
  11. කොහොමද බලපන්කෝ ගමේ බඩුවල සයිස්
  12. උපාසකම්මාගේ "සාම්බ්‍රානි" ගනුදෙනුව
  13. දුවගේ ශිෂ්‍යත්ව ටීචර්ට තාත්තාගෙන් “පැණි රස”ක්
  14. කෝච්චියේ යන නෝනාගෙන් බැණූම් කෝච්චියක්
  15. වත්තල බියුටි සැලූන් එකට ආ “අද්භූත” නෝනා
IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 393

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2426

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1827

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.