Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන් බලන වේලාවන් තුළ එම ජනගහණය දෙගුණ තෙගුණ වෙයි. එහි සිට කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම් පොළට බස් ගාස්තුව රුපියල් නවයකි.

පසුගිය දිනෙක කුරුණෑගල රෝහල ඉදිරියෙන් පෞද්ගලික බසයකට නැඟි පහළොවක් පමණ පිරිස අතරේ සිට වියපත් මහතෙක් මෙසේ කෑ ගසන්නට විය.

‘උඹ නම් නියම කොල්ලෙක් පුතා. උඹ තමයි මේ රටේ ඉන්න හොඳම බස් කොන්දොස්තර. අනේ මට නම ගම විස්තර ටිකක් කියපන්කෝ’ ඒ මහතා එසේ කියත්ම බසයේ සිටි සියළු දෙනා එම සිද්ධිය දෙස විමසිල්ලෙන් බලන්නට වූහ.

‘ඇයි මොකද වුණේ ඒ?’ අතරින් කිසිවෙක් රහසින් ඇසීය.

‘හැමදාම මෙතනින් ටවුන් එකට යන්න දාස් ගාණක් බස් එකට නඟිනවා. බස් ගාස්තුව රුපියල් නමයයි. එතකොටයි මට තේරුණේ මේකා තමයි මේ රටේ ඉන්න හොඳම බස් කොන්දොස්තර කියලා. අනේ අම්මපා මට මේකාට උම්මා එකක් දෙන්න හිතෙනවා’ වියපත් මහතා එසේ කීයේ ඒ කොන්දොස්තර වෙත තම මුහුණද දිගු කරමිනි.

‘ඇයි මොකක්ද සිද්ධ වුණේ කියන්නකෝ අන්කල්.’

එහි සිටි තරුණයෙක් ඇසීය.

මෙතනින් බස් එකට නැඟලා ටවුමට යන්න රුපියල් දහයක් දෙන කිසිම කෙනෙකුට මේ  සම්මජ් ජාතියෙදි ඉතුරු රුපියල හම්බුවෙන්නෙ නෑ.’

එසේ කියු වියපත් මහතා වටපිට සිටියවුන් දෙස වඩාත් විමසිල්ලෙන් බැලීය.

‘ඒත් පුදුමේ කියන්නේ අද මේ කොල්ලා මම දීපු රුපියල් දහයෙන් මට ඉතුරු රුපියල දුන්නානේ'. ඔහු මහ හඬින් සිනා සෙමින් කීයේ එම කොන්දොස්තර තරුණයා වැළඳ ගනිමිනි.

දමයන්ති ගමගේ

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 761

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 1473

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1320

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1299

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1774

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2781

Please publish modules in offcanvas position.