lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ඔළු බක්කෝ සෙට් එකක් අර කූඩුව ඉස්සරහ ඉන්නවා

කසාද බඳින්න ඉස්සර ගෙදර ඉන්න කා‍ලේ වෙසක් බලන්න ටවුමට ගිය හැටි එන්සිනාට මතක් වුණා. ඒ වෙසක් කා‍ලේ ටවුමෙදී දකින්න ලැබෙන අවිනීතකම් දැකලා එන්සිනාලා නරක් වෙයි කියලා එන්සිනාලා වෙසක් බලන්න ටවුමට යන එකට  ඒ කා‍ලේ අම්මලා, තාත්තලා  එච්චර කැමැති වුණෙත් නැහැ.
‘ලලිතා ඇවිත් රුපියල් පනහක් දුන්නා’ 
මැරතන් එකෙන් නිවනට යමු අපි දෙන්නා
වගේ අවිනීත කවි තොරන් කූඩුවලට ආධාර ගන්න කාර්යාලවල ඉන්න කවියෝ කියන්නේ මේසේ යට තියන බෝතලෙයි වීදුරුවෙයි බල මහිමෙන් කියන එක එන්සිනාත් පුංචිකමට දැනගෙන හිටියා. ඒ වගේම  රෑට ටවුමේ වෙසක් බලන්න යනකොට කොහේවත් ඉඳලා ආපු එවුන් කණට කිට්ටු කරලා කන් අඩි බිරිවෙන සද්දෙන් නලා පිඹපු හැටි හාවෙකුගේ හරි බළලෙකුගේ හරි වෙස් මූණකින් මූණවහගත්තු අසමජ්ජාතියෙක් කාටවත් නොපෙනෙන්න එන්සිනාගේ පිටිපස්සට තට්ටුවක් දමපු හැටි  එහෙමත් එන්සිනාට  තවම හොඳටම මතකයි.
‘හැබැයි ඉතින් එදා විදිහට බලනකොට නම් අද තත්ත්වේ හුඟාක්ම හොඳයි. ඔන්න මෙදා සැරේ වෙසක්වලට ඔය ඔළුබක්කෝ නටනවා වගේ බහුබූතත් නතර කරන්න කියලා  ‍පොලිස්පතිතුමා ‍පොලීසිවලට නියෝග කරලත් තියනවා.’
පුංචි එවුනුත් එක්ක මෙදා සැරේ වෙසක් බලන්න යන්න මහත්තයත්  එක්ක කතා වෙන අතරේ එන්සිනා කිව්වා.
‘ඔව් ඉතින් කවුරු කොහොම කිව්වත් සමහර දේවල්වලින් අද සමාජය ඉස්සරහට වඩා ගොඩක් දියුණුයි. ඉස්සර මිනිස්සු  සෙනඟ පිරිලා  උතුරන බස්වල යනගමන් සිගරට් බිව්වා. අද මනුස්සෙක් ප්‍රසිද්ධ තැනක සිගරට්  එකක් බොනවය කියන්නේ ප්‍රසිද්ධ තැනක සුළු දිය පහ කරනවා වගේ වැඩක් හැටියටයි අනික් අය දකින්නේ.’
මහත්තයත් එහෙම කිව්වා.
කොහොම හරි  ඉතින් වෙසක් දවසේ සවස පන්සල් ගිහින් එහෙම ඉවර වෙලා එන්සිනායි මහත්තයයි පුංචි එවුන් දෙන්නත් එක්ක ටවුන් එක පැත්තට ආවය කියමුකෝ.
‘එන්සිනා ඔයා කිව්වා නේද  මෙදා වෙසක් එකට ඔළු බක්කෝ නටන එක තහනම් කරලයි  කියලා.’ ටවුන් එකේ කූඩුවක් කිට්ටුව වාහනේ නතර කරපු මහත්තයා ඇහුවා.
‘ඔව් ඉතින් ? එන්සිනාත් පටස් ගාලා උත්තර දුන්නා.’
ඒ වුණාට එන්සිනා ඉස්සර වෙසක්වලට එළියට නාපු ඔළුබක්කෝ සෙට් එකක් අන්නඅර කූඩුව ඉස්සරහ ඉන්නවා.’
මහත්තයා එහෙම කියනකොට එන්සිනා එක පාරටම තිගැස්සිලා වගේ ඒ දිහා බැලුවේ ‘කෝ ? කෝ?’ කියලා අහන ගමන්. මෙන්න එතකොටම අර කුඩුව අයිනේ ‍පොල්තෙල් පහන වටේට ඒ පැත්තේ ඉන්න මැති ඇමැතිවරු බොහොම  ආඩම්බරෙන් හිටගෙන ඉන්නවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1045

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2557

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1791

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2725

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3747

බඩ වැඩි නිසා කැච් අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා

IMAGE 2017 Jun 20 09:58
ශ්‍රී ලංකාවේ තාමත් භාවිතා කරන්නේ 1960 ගණන්වල ව්‍යායාම බවත්, බඩට කරවන ව්‍යායාම තවමත් 75-80 කාලවල කළ...
Views - 4254

Please publish modules in offcanvas position.