lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

සර්පයාගේ ගෙදර ගිය පරිසරවේදියා හා මාධ්‍යවේදියා

මෙතෙක් කිසිවකුත් නොදැන සිටි 250දෙනෙකුට පමණ සිටිය හැකි සුවිසල් ගල්ගුහාවක් ශ්‍රීපාද අඩවියෙන් හමුවී ඇති බව පසුගිය මාර්තු පළවෙනිදා ලක්බිම පුවත්පත වාර්තාකොට තිබිණ. ඒ හෝඩුවාව ඔස්සේ අප මාධ්‍යවේදියෙක් පරිසරවේදියකුද සමග කුරුවිට ප්‍රදේශයේ සංචාරයක යෙදුණි. එහිදි ඔවුන්ට  එම ප්‍රදේශයේ ගැමියන්ගෙන් දැනගත හැකිවූයේ අතීතයේ සුවිසල් ජලප්‍රවාහයක් අද්දරින් ගලාගිය බවට සලකුණු ඇති මෙතෙක් සොයා නොගත් මෙම ගල්ලෙන බුදුන්වහන්සේ දිවාවිහරණය කළ දිවාගුහාව ලෙසද සැලකිය හැකි බවට ඇතමුන් තුළ විශ්වාසයක් පවතින බවය.

නමුත් එය නිවැරදිව කිමට හැකි කිසිවකුත් එම ප්‍රදේශයේ නොවීය.අවසානයේ එම මිතුරන් දෙදෙනාට දැනගත හැකිවූයේ ඊට ආසන්න ගමක ජිවත්වන සර්පයා ‍නමැති පුද්ගලයකු මේ පිළිබව හෝඩුවාවක් දැන සිටිය හැකි බවකි.එහෙත් කිසියම් පුද්ගලයකු සර්පයා යනුවෙන් හැදින්වෙන්නේ නිසක ලෙසම ඔහු විස සහිත කුරිරු ඇත්තකු නිසා බව මෙම දෙමිතුරන්ට රහසක් නොවීය. එහෙත් එම ප්‍රදේශයේ සියලුම දෙනා ඔහුව සර්පයා නමින් හදුන්වන බැවින් ඔහුගේ සැබෑ නම කිසිවකුත් නොදැන සිටියහ.එහෙත් දිවාගුහාව පිළිබදයමක් දැනගත හැකි එකම පුද්ගලයාද ඔහු වූ බැවින් ඉතා උපාය ශීලීව මෙම සර්පයා නමැත්තාගේ නිවසට ගොස් ඔහු මුණගැසීමට දෙමිතුරෝ සමත් වූහ.

ගැමියන් කී පරිදිම සර්පයා හැඩිදැඩි පෙනුමැති මැදිවියේ මිනිසෙකි. “මහත්තයලට කොහොමද මිනිස්සු මංගැන අහන්න කිව්වේ”. තම නිවසට ගිය ආගන්තුකයන්ගෙන් සර්පයා ඇසීය. ඒ වන විටත් ඔහුගේ සුරතේ තිබු තණකොළ කපන කැත්ත දෙමිතුරන් තුළ තිබෙන බිය දෙගුණ තෙගුණ කීරීමට සමත්විය.

“මිනිස්සු කියන්න ඇති සර්පයාගෙන් අහන්න කියලා නේද?”

 “ඕ ... ඕඕ... ව්” දෙමිතුරෝ ගොතගැසූහ.

“මේ පැත්තේ මිනිස්සු පුදුම විදිහට සර්පයෝ මරනවා. එහෙත් මං ඒකට කීයටවත් කැමති නැහැ. ඒ හින්දා මාව මේ හැම තැනම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ සර්පයෙක් දැක්කොත් වුව නොමරා පුලුවන් තරම් ඉක්මණට මට දැනුම් දෙන්න කියලා. එහෙම කළාම මමත් මගේ සේරම වැඩ නතර කරලා පුළුවන් තරම් ඉක්මණට ඒ සර්පයාව අරගෙන ගිහින් බොහොම පරිස්සමෙන් ඔයහිමේට (හෙතෙම සමනළ කදුවැටිය දෙසට අත දිගුකළේය) අතඅරිනවා. හැමෝම මට සර්පයා කියන්නේ ඒකයි”ඔහු අහිංසක ලෙස සිනාසුනි.

එමෙන්ම එවන් ගල්ගුහාවක් පිළිබදව යම් හොඩුවාවක් එම දෙමිතුරන්ට ඔහුගෙන් දැනගැනීමටද හැකි විය.

සහන් සංකල්ප සිල්වා

IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 790

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.