lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

බොරු ධාතුන් වහන්සේලා කපටිකමින් "එර්දි" කරලා

නිවෙස්වලට බලපාන භූත ‍දෝෂ බුදුගුණ බලයෙන් පලවා හරින බවට ප්‍රසිද්ධියට සිටින කන්ද උඩරට පත් චීවරධාරියෙකි. අන  වින හදි හූනියම් අමනුෂ්‍ය දෝෂ ඇතැයි සැක කරන කිසිවෙක් ඔහු හමුවට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන විට ඔහු මෙසේ කියයි.

“මගේ ළඟ දඹදිවින් වැඩම කරවපු බොහොම හාස්කම් තියන ධාතූන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා; මම ඒවායින් කීපයක් දෙන්නම්; හැබැයි ගේ දොර එහෙම පිරිසිදු කරලා බොහොම ගරු සරු ඇතිව සුරක්ෂිතව වඩම්මගෙන ගිහින් ඒ ධාතූන් වහන්සේලා පිරිසිදු උස් තැනක වඩා හිදුවලා උදේ හවස මල් පහන් පූජා කරන්න; හැබැයි ඒ කාලය ඇතුලත ඒ ධාතූන් වහන්සේලා තියන කරඬුව අතපත නොගා පිරිසිදු සුදු පිරුවටයකින් වහලම තියන්න ඕනේ; හරියටම හත් වෙනි දවසේ පූජාව ඉවර කරලා බලනකොට ඒ කරඬුව ඇතුලේ ධාතූන් වහන්සේලා ඒ විදිහටම වැඩ හිටියොත් ගෙදර දෝෂ එතනින්ම ඉවරයි; හැබැයි ඒ වෙනකොට ධාතූන් වහන්සේලා එර්දි  වෙලා එහෙම තිබුණොත් පුලුවන් තරම් ඉක්මනට හිස් කරඩුවත් අරගෙන ඇවිත් මාව හම්බුවෙන්න; ඒ කියන්නේ ගෙදරට මහා බරපතල දෝෂ තත්වයක් තියනවා කියලයි.”

මෙසේ පවසන ඔහු අඬු ‍කෝප්පයක් මුනින් නැමුවාක් තරමේ රන් පැහැයෙන් යුතු විදුරු මංජුසාවක් බහාලූ කාඩ්බෝඩ් පෙට්ටියක් පැමිණි තැනැත්තාට දෙයි. ඒ තුළ රතු පැහැති වෙල්වට් අතුරනය මත සුන් සහල් කැබලි දෙක තුනක් බඳු යමක් තිබේ. ඒ ඔහු පවසන ධාතූන් වහන්සේලා ය. කෙසේ හෝ ඔහුගේ නියමය පරිදි එම දෝෂ දුරුකර ගැනීමට සැරසෙන්නෝ පළමුව ඒ සඳහා රුපියල් පන්දහසක මුදලක් ඔහුට ගෙවිය යුතුය. එහෙත් ඉන්පසු එම මංජුසාව හෙවත් කරඩුව නිවසට ගෙන ගොස් ඔහු කී පරිදිම ඒ සඳහා පුද පූජා කොට සත්වන දින සවස ඒ ධාතූන් වහන්සේලා පිළිබඳව විමසන අයහට පෙනී යන්නේ එම වෙල්වට් අතුරනය මත කිසිවක් නැති බවය. එම අතුරුදන් වීමෙන් මහත් සේ බියට පත්වන ඒ තැනැත්තා පසුදා පෙරවරුවේම එම චීවරධාරියා සොයා ගොස් ඒ බව පැමිණිලි කරයි.

“ඔව් මම ඒක දන්නවා; මොකද පූජා පවත්වපු තුන්වෙනි දවසේ මැදියම් රෑ ඒ ධාතූන්වහන්සේලා තුන් නම මුළු පළාතම අලෝකමත් කරගෙන සෘද්ධි බලයෙන් මෙහේ වැඩියා; මේ වැඩ ඉන්නේ ඒ ධාතූන් වහන්සේලා තමයි.” එම තැනැත්තා ගෙනා හිස් කරඬුව භාරගෙන එම චීවරධාරියා පවසන්නේ මහත් බැරෑරුම් බවක් මුහුණට ආරෝපණය කර ගනිමිනි.

“ඒ කියන්නේ ඔය ගෙදරට මහා බලගතු අන - වින හදි හූනියමක් හරි යක්ෂ බැල්මක් හරි තියනවා; ඒකයි ධාතුන්වහන්සේලා ඔය ගෙදර වැඩ වාසය කරන්න කැමති නැත්තෙ. කමක් නැහැ; අපි බුදුගුණ බලයෙන්ම ඔය සේරම දෝෂ මඟහරවමු; හැබැයි ඉතින් පූජා භාණ්ඩවලටයි අනෙක් විය හියදම්වලටයි රුපියල් දෙලක්ෂ අසූදාහක් විතර යනවා; දැනට අතේ මිටේ සල්ලි නැත්නම් ඒක මාසයකින් දෙකකින් වුණත් ගෙවල දාන්න පුළුවන්.”

අනතුරුව ඔහු කියනුයේ එම නිවැසියන් අන්දමන්ද කරවමිනි. එහෙත් සෘද්ධියෙන් වැඩම කිරීම කෙසේ වෙතත් අන වින හදි හූනියම් වලට සහ අමනුෂ්‍යයන්ට බියෙන් “පලා යන” ධාතුන් වහන්සේලා සිටිය හැකිද? යන්න යථාර්තවාදීව කෙසේ වෙතත් ආගමානුකූලව වත් වටහා ගත නොහැකි අසරණුන්ගේ පිහිටෙන් මොහු මෙම කූට ජාවාරමින් මාසිකව රුපියල් මිලියන ගණනින් මුදල් උපයන බව කියනු ලැබේ.

 එමෙන්ම ධාතූන්වහන්සේලා නමින් ඔහු දක්වන එම ද්‍රව්‍ය දින දෙක තුනක් තුළ දිය වී යන සුවඳ නොකැවූ කුඩා කපුරු කුඩු වැනි යමක් බවද ඔහු ඒවා බහාලන එම කරඩු පිටකොටුවෙන් රුපියල් දෙතුන්සියයේ පමණ සිට මිලට ගත හැකි ඒවා බවද ඒ පිළිබඳව සොයා බැලූ අයෙක් කියයි.  

කෙසේ හෝ බුදු සසුනේ නාමයෙන් නිදහසේ මෙවන් කූට ජාවාරම් කිරීමට මොවුනට තවදුරටත් සමාජීය ඉඩප්‍රස්ථාවක් හිමිව තිබීම ප්‍රබල ජාතික ඛේදවාචකයකි.

දමයන්ති ගමගේ

Comments  

0 #1 Bamunage Appachchi 2017-03-09 03:34
People blindly believe anything when they are desperate to hear some good news. The gullible person is easily taken for a ride. The government can't curb these con artists because top politicos are also superstitious just like the gullible. No winning for the religious fools; keep believing the con artist.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.