lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ඉංගිරිය පොලිසියට ‘යකින්නක්’ කඩා වැදිලා!

“අන්න පොලිසියට යකින්නක් කඩා වැදිලා.”

පසුගිය විසි එක්වන දා ඉංගිරිය නගරය පුරා සුළිසුළඟක් මෙන් පැතිර ගිය රාවයකි ඒ.

“ඒ යකින්නගේ ඇස් දෙක ගොරකා මද දෙකක් වගේ රතුයිලු; කට දෙපැත්තෙන් දළ දෙකකුත් එළියට පැනලලු; කෙහෙවලු විදාගෙන යටිගිරියෙන් පොලිසියට කඩාවැදිලා පොලිසිය දෙක කරනවලු; පොලිසියේ ඔක්කොම බයේ පැනල ගිහිල්ලලු;

“කවුරුහරි පොලිසියත් එක්ක තරහට පිල්ලියක් ජීවම් කරලා කියලයි කියන්නේ.”  

ඉංගිරිය ප්‍රධාන බස් නැවතුම් පලේ පවා වේගයෙන් පැතිරගිය ඒ කතාවට අනුව එහි සිටි බොහෝ දෙනෙක් තම සියලු කටයුතු පසෙකලා මේ අරුමය බැලීමට පොලිසිය දෙසට ඇදුනහ.

සැබැවින්ම ඒ වන විට පොලිසිය ඉදිරියේ ලොකු කලබලයකි. පැතිරගිය ආරංචියේ හැටියටම දෙනෙත් රතු කරගෙන කෙස්වැටිය විදාගත් ගැහැණියක පොලිසියට පැමිණ සිටි කිහිප දෙනෙකුගේ කෙස්වලින් අදිමින් පහර දීමට පටන් ගෙන තිබේ. එවිට එය වැළැක්වීම පිණිස ඉදිරියට පැමිණි මුහුණ පුරා රැවුල වවාගත් පුද්ගලයකුගේ රැවුලෙන් අදිමින් ඔහුට වද හිංසා පමුණුවන්නට පටන් ගෙන ඇත්තේ දෙනෝ දහසක් බලා සිටියදීමය. ඒ ප්‍රකෘති ලෝකයෙන් මුළුමනින්ම බැහැර වූ යක්ෂාවේෂ වූවකු ලෙසිනි. මෙම කාන්තාවගේ මෙම ක්‍රියාවලින් බියපත් වූවන් ඒ මේ අත විසිර යන්නට වූ අතර ඉන්පසුව ඇය බිම තිබූ ගල්කැට අහුලා ගෙන ඔවුනට පහර දෙන්නට වූවාය. පොලිසිය අද්දර මහාමාර්ගයේ බස් නැවතුමේ සිටි කාන්තාවක් ද ඇගේ මෙම ගල් ප්‍රහාරයට ගොදුරුවිය.

මිනිසකු තබා යකෙකු වුව සාමය කඩ කරන ක්‍රියාවක යෙදෙන තුරු නිසොල්මන්ව බලා සිටීමට රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැත. එබැවින් ඔව්හු මහත් අසිරූවකින් ඇය මෙල්ල කර ගත්හ. ඇය කයින්නක නොව සාමාන්‍ය මිනිස් දුවක බව කාටත් වැටහුණේ ඉන් පසුවය.

“යකින්නක් කිව්වට යකින්නක්ම නෙවෙයි; යක්ෂාරූඩයක් තියන ගෑණු කෙනෙක්ලු; ඒ හින්දා තමයි පොලිසියේ දී ඔය යක්ෂනියක් වගේ හැසිරිලා තියෙන්නේ” ඉන්පසු ප්‍රදේශය පුරා පැතිර ගියේ එම කතාවය. එමෙන්ම පොලිස් භාරයට පත් වූ පසුවද දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නිසා ඇය පොලිස් සිරමැදිරියේ රඳවා තැබීමටද නිලධාරීන්ට සිදුවිය.

එහෙත් ඇය යක්ෂණියක හෝ යක්ෂාරූඬ වූ කාන්තාවක නොවන බවත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පැමිණි තදබල මානසික රෝගයකින් පෙළෙන අසරණියක බවත් වටහා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ කෙසේ හෝ මෙම කාන්තාව භාර ගැනීමට ඇගේ පුතු පොලිසියට පැමිණියේය. එවිට මින් පසු මෙලෙස මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරීමට ඇයට ඉඩ නොහරින ලෙස ඔහුට අවවාද කළ පොලිසිය එම මානසික රෝගී කාන්තාව ඇගේ පුතුට භාර කරන ලදී.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 399

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 765

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2427

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1827

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2397

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.