lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

කොහොමද බලපන්කෝ ගමේ බඩුවල සයිස්

කොළඹ, කතරගම ප්‍රධාන මාර්ගය පසුගිය 10,11,12 යන දින තුන තුළ වඩාත් ජනාකීර්ණ වී තිබිණ. ඒ එම දින තුනේ එළබි සතිඅන්ත නිවාඩුවේ කතරගම වන්දනාවේ යන පිරිස් වෙනදාට වඩා වැඩි වූ බැවිනි.

ඒ හම්බන්තොට ප්‍රදේශයට අයත් ප්‍රධාන මාර්ගය අද්දර එළවළු පළතුරු සහිත කඩ බක්කි කිහිපයක් තිබූ ස්ථානයකි. එම වෙළඳුන් සහ වන්දනාවේ ගොස් ආපසු යමින් සිටි තරුණ පිරිසක් අතර කිසියම් උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අයුරු එම මාර්ගයේ ගමන් කරන්නවුන්ට පෙනිණ.

“අපි කවදත් ඔහේලට බොහොම ගරු නම්බු ඇතුව සලකන්නේ ඔහේලා හොඳ වැදගත් මහත්තුරුය කියලා හිතලා හරිය? ඉතින් ඔහේලා මෙහේ ඇවිත් ඔහොම තිරිසන් කතා කියන්න පටන් ගත්තම අපිටත් ඇස් කන් වහගෙන බලා ඉන්න ඇහැක.

එම වෙළඳුන් අතරින් මතු වූ බුලත් කෑම නිසා රතු වූ මුවකින් යුතු නිරුවත් උඩුකයකින් යුත් වැඩිවියේ අයකු තරුණ වන්දනා කරුවන් පිරිසකට උස් හඬින් එසේ කියනු කාටත් ඇසිණ. ඒ පිළිබඳව වැඩිදුර විමසා බැලූ අයකුට අසන්නට ලැබුණේ මෙවන් කතාවකි.

එම පළතුරු වෙළඳ සලක අලෙවි කටයුතු වල යෙදී සිටි පුෂ්ටිමත් තරුණියක් පෙන්වූ නගරයෙන් පැමිණි තරුණ වන්දනා කරුවෙක් ඇයට ද ඇසෙන සේ “කොහොමද බලපන්කෝ ගමේ බඩුවල සයිස්?” කියා අසල සිටි තම මිතුරකුගෙන් අසා ඇත. එහෙත් ඒ මොහොතේ ඔවුන්ට මුවාවී සිටි ඇගේ පියාට ද ඒ කතාව ඇසී තිබේ. එහෙත් ඇගේ පියා එම වන්දනා කරුවෙන්ගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔවුන් පුන පුනාම කියා සිටියේ තමන් කොහොමද ගමේ බඩුවල “සයිස්” කීයේ බක්කියේ තිබූ ලොකු ගස්ලබු ගෙඩියක් පෙන්වමින් බවය. ඒ කෙසේ හෝ ඒ මොහොතේ හිටිහැටියේම මෝල් ගසක් පමණ වන ලොකු පොල්ලක් ඇතැ,තිව එහි පැමිණි තරුණයෙක් එම පොල්ල තරුණ පිරිස වෙත  දිගු කළේය. ඒ  “මේකත් ගමේ බඩුවක් තමයි සර්; තව ටික වෙලාවක් මෙත හිටියොත් ඔහෙලට මේකේ හයි හත්තියත් බලා ගෙනම යන්න ඇහැකි.” යනුවෙන් කියමිනි.

ඔහු සිනාමුසුව කී මෙම වදනත් සමගම හනිහනික තමන් පැමිණි වෑන් රථයට නැගගත් එම තරුණයන් කිහිප දෙනා එසැනින් අතුරුදන් වූහ.

 

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 384

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.