lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

උපාසකම්මාගේ "සාම්බ්‍රානි" ගනුදෙනුව

එය ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුගේ වැඳුම් පිදුම් වලට ලක් වන බෝධියකි. එහි සුවිශේෂ හාස්කම් බලයක් ඇතැයි ද සමහරෙක් කියති. බදාදා, සෙනසුරාදා ආදී කෙම්මුර දවස්වල දීත්, පුර පෝ දිනවලදීත්, රජයේ ප්‍රසිද්ධ විභාග ආසන්නවනවිටත් එම බෝධිය අවට රැස්වෙන ජනකාය දහ දොලොස් ගුණයකින් වැඩිවන බව කිසිවකුටත් රහසක් නොවේ. මේ අතර දිනපතා සවස් කාලයේ එම බෝධියට වැඳුම් පිදුම් පිණිස යන කිහිප දෙනෙක් ද ගම්මුන් ගේ දැන හැඳිනුමට ලක්ව තිබේ.

මේ කියන උපාසකම්මා ද එසේ දිනපතාම සැන්දෑ කාලවලදී එම ‍බෝධිය අද්දර නිතර ගැවසෙන්නියකි. බැලූ බැල්මටමවුව වයස අවුරුදු හැත්තෑවද ඉක්මවා ඇතැයි කිව හැකි බැවින් එවැන්නියක සැන්දෑ සමයේ බෝ මළුවක් අද්දර දී දක්නට ලැබීමේ කිසිදු අරුමයක් නැත. එහෙත් මේ කියන උපාසකම්මාගේ හැසිරීම් සහ ඇවතුම් පැවතුම් රටාවල පැහැදිලි වෙනස්කමක් ඇති බව බැලූ බැල්මට කාටත් දැකිය හැකි විය. එමෙන්ම අනික් උවසු උවැසියන් මෙන් මැය බෝධිය වන්දනාකරන පාටක් ද නැත. බොහෝ විට සිදු කරනුයේ ඒ බෝමළුව අද්දර ඒ මේ අත කරකැවීම පමණි. එමෙන්ම එසේ ඒ මේ අත ‘හක්කලං’ කරන ඇය වෙතට පැමිණෙන තරුණයෝ විනාඩියක් හමාරක් තුළ මොහොතින් අතුරුදන් වෙති. එක්තරා සැන්දෑවක මේ තරමක් වෙනස් උපාසකම්මා හමුවීමට තරුණියෝ දෙදෙනෙක් බෝමළුව අද්දරට පැමිණ සිටියහ.

“අපිට පොඩ්ඩකට උපාසකම්මා ගේ ඔය බෑග් එක බලන්න පුළුවන්ද?” ඉන් එක් තරුණියක විනීත, සංවර ලෙසින් ඇගෙන් ඇසුවා.

“ඒ මොකටද මගේ බෑග් එක බලන්නේ? ඒකට නම් කොහොමවත් ඉඩ දෙන්න බැහැ.” ඉන් කෝපාවිශ්ඨ වූ ඇය හනික සිය අතෙහි වූ බෑගය පසෙකට කර ගත්තාය.

“ අපි පොලිසියෙන්; අපි මේ පරික්ෂාව කරන්නේ අපිට ලැබුණු ඔත්තුවකට අනුව; කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා.” අනෙක් තුරුණිය තරමක් දැඩි ස්ථිර හඬකින් කීවාය. එවිට එම උපාසකම්මාගේ දෑස් උඩ ඉන්දවුණු අතර ඒ වනවිට ද ඇගේ සුරතෙහි වූ බෑගය එම තරුණියකගේ අතට පත්ව තිබිණ.

“මේ මොනවද උපාසකම්මේ;”

එසේ අතට ගත් ඇගේ බෑගය තුළට අත පෙවූ එක් තරුණියක් එතුළින් ගත් කුඩා පැකට්ටු කිහිපයක් දක්වමින් ඇසුවාය.

“අනේ දුවේ සාම්බ්‍රානි කුඩු; සාම්බානි කුඩු, කෝ ඉක්මනට ඔය ටික දෙන්න; මට යන්න.”

ඒ සමඟම ඇය එම තරුණියන් දෙදෙනා හමුවේ පින්සෙන්ඩු විය.

“ හරි - හරි; දැනට මේ සාම්බ්‍රානි කුඩු ටිකක් එක්ක එන්න පොලිසියට යන්න; අපි එහෙදි බේරගමු; මේ ගනුදෙනුවේ ඉතුරු හරිය.”

තරුණියක් එසේ කියත්ම ඇය හඬා වැටෙන්නට වූවාය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු පොලිස් පරීක්ෂණ වලදී මැය හෙරෙයින් ජාවාරම් කාරියක බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වූ අතර ඒ අනුව ඇය මහේස්ත්‍රාත් වරයා හමුවට පත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසා බැලූ පොලිසියට දැන ගත හැකි වූයේ මේ වනවිට ඇගේ පුතුන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින බවකි.

දමයන්ති ගමගේ

Comments  

-4 #1 Shad 2017-02-01 06:35
I am truly pleased to glance at this website posts which
includes lots of valuable information, thanks for providing these
data.

Also visit my page: site: http://www.autoyon.com/userinfo.php?uid=55582
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 404

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 765

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2427

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1828

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2399

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3784

Please publish modules in offcanvas position.