lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

දුවගේ ශිෂ්‍යත්ව ටීචර්ට තාත්තාගෙන් “පැණි රස”ක්

එය මාතර ප්‍රදේශයේ ජනප්‍රිය ශිෂ්‍යත්ව පන්තියකි. ඉතා ප්‍රසන්න පෙනුමකින් සේම කාගේත් සිත් දිනාගන්නා කතාබහ සහ ඇවතුම් පැවතුම් සමුදායකින් යුතු එහි ගුරුවරිය විවාහක වූවද බැලූ බැල්මට පෙනෙනුයේ හිරිමල් යෞවනියක මෙනි.

තම පන්තියේ ඉගෙනුම ලබන එක් එක් සිසුවා හෝ සිසුවිය සතු කිනම් ‍හෝ විශේෂත්වයක් දුටු සැනින් එය පොතක සටහන් කරගෙන ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා පෞද්ගලිකව කතා බස් කිරීමේ සිරිතක් ඇය සතුව තිබිණි. එය ඇගෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දක්ෂතා ඔප් නැංවීමටත් අදක්ෂකම් දුරුවීමටත් හේතු විය. එනිසාම එම පන්තියෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිපල ද ඉහළ මට්ටමකක තිබිණ.

මෙම පන්තියේ ඉගෙනුම ලබන එක් සිසුවියකගේ මව අසනීප වීම නිසා එම දැරිය පන්තියට කැඳවාගෙන ඒම සහ ආපසු රැගෙන යාම ඇගේ පියාට භාරවිය. එබැවින් එම දින කිහිපය තුළ මෙම ගුරුවරිය අවස්ථා කීපයකදීම එම පියා සමග සුහද කතා බහකට එළැඹිණි.  එහිදී ඇගේ ප්‍රසන්න පෙනුම කතාබහ ඇවතුම් පැවතුම් ආදිය කෙරෙහි ඔහුගේ සිත තදින් වසඟවන්නට ඇත. එමෙන්ම ඇය තුළ පවතින ප්‍රියමනාප බව තමන් කෙරෙහි වූ සුවිශේෂත්වයක් යැයි ද ඔහු සිතන්නට ඇත.

“මිස්” එක්තරා දිනයක පන්තිය නිමවූ පසු එම ගුරුවරිය වෙත සමීපවූ ඔහු හෙමිහිට කිය. “දැන් අපේ වයිෆ්ට හොඳටම සනීපයි. ඒ හින්දා හෙට ඉඳන් දුවව එක්ක එන්න එක්ක යන්න මට එන්න බැරිවේවි; මට ඒක ගැන හරි දුකයි මිස්; එත් මට පුළුවන් වුණු හැටියෙම මොන විදිහකින් හරි මිස්ව බලන්න එන්නම්.” එසේ කී ඔහු තමන් එතෙක් සඟවාගෙන සිටි යමක් වටපිට බලා කාටත් නොපෙනෙන සේ ඇය වෙත දිගු කළේ, “මිස් මේක ගන්න” යනුවෙන් කියමිනි. එහෙත් එය කුමක් දැයි හනික විමසූ ගුරුවරියට; “අයියෝ විශේෂ දෙයක් නෙවෙයි බොහොම සුළු දෙයක්” යැයි කී ඔහු කාටත් නොපෙනෙන සේ එය හීන්සීරුවේ ඇගේ මේසය මත තැබීය.  ඔහු ඉවත් වූ සැනින් එය කුමක් දැයි විමසා බැලූ ගුරුවරියට දැක ගත හැකිවූයේ එය කවරයක දමන ලද විශාල ප්‍රමාණයේ චොකලට්ටුවක් බවය. ඔහු කී ලෙසම ඊට පසුදා එම දැරිය පන්තියට කැඳවාගෙන ආවේ ඇගේ මව; ඔහගේ බිරිඳය. එදින පන්තිය අවසානයේ තවත් මව්වරුන් කිහිප දෙනෙකු ඉදිරියේ දීම එම ගුරුතුමිය ඔහුගේ බිරිඳ විවෘතවම ඇමතුවාය. “අනේ ඊයේ ඔයා ඔයාගේ හස්බන්ඩ් අතේ මට එවලා තිබුණු තෑග්ගට බොහොම ස්තුතියි.”  ගුරුවරිය එසේ පවසත්ම එම බිරිඳ වටපිට බලන්නට වූයේ අන්දමන්ද ස්වරූපයකිනි. එහෙත් එම ගුරුවරිය ඒ සමඟම නැවත කතා කළාය.

“ඒත් මමවත් මහත්තයවත් අපේ දරුවෝවත් පැණි රස කන්නේ නැහැනේ; ඒ නිසා මේක කාටහරි දෙන්න.” එසේ කී ගුරුවරිය සුපුරුදු සිනාමුසු මුහුණින්ම එම චොකලට්ටුව දැරියගේ මව අතට පත් කළාය. එහෙත් එවිට ඇලේ මුහුණ කෝපයෙන් පුපරු ගසන අයුරු අවට සිටි කාටත් හොඳින්ම පෙනුණි

.දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 370

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2425

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1821

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.