lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

කෝච්චියේ යන නෝනාගෙන් බැණූම් කෝච්චියක්

පස්වරුව ඇරඹී හෝරා දෙකකට වඩා ඉක්ම ගොස් නොතිබිණ. ඒ කොළඹ කොටුවෙන් පොල්ගහවෙල දක්වා ගමන් ඇරඹූ මන්දගාමී දුම්රියකි. පවර්සෙට් දුම්රිය කට්ටලයක් වූ එහි මැදිරි තුළ මුහුණට මුහුණලා සැකසුණු අසුන් පිරෙන තරමට මගීහු සිටියහ. කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය මරදාන දුම්රිය පළේ නතර කළ පසු දුම්රියට නැඟුණු මහා ජනකායෙන් කොටසක් දුම්රිය අසුන්වල හිස් ඉඩකඩ ඉතිරිවී තිබූ තැන්වලට “මුක්කු ගැසීම” නිසා එම අසුන් මගීන්ගෙන් කිටි කිටියේ තද වී තිබිණ. දැන් දුම්රිය හෙමි හෙමින් දෙමටගොඩ දුම්ර්ය ස්ථානය දෙසට ළං වෙමින් තිබේ.
“මොකක්ද බූරුවෝ! ඔය කරන්නේ? ගෑණියෙකුට ලජ්ජා බය ඇතුව කෝච්චියක, බස් එකකවත් යන්න දෙන්නේ නැද්ද?” එහි එක් මැදිරියක අසුනක් මත කිටි කිටියේ තද වන සේ වාඩි වී සිටී තරුණ රූමත් නෝනා කෙනෙක් හිටිහැටියේ අසුනින් නැගිට සිට බෙරිහන් දෙන්නට වූවාය.
“ඇයි මොකද? ” දුම්රිය මැදිරියේ සිටගෙන හුන් මගීන් කිහිප දෙනෙක් ඇගෙන් අසා සිටියහ.
“බලන්නකෝ අනේ; මම වාඩිවුණු වෙලාවේ ඉඳලා මේ මිනිහා මට හොරෙන් ඇඟිල්ලෙන් අනිනවා; කාටවත් නොපෙනෙන්න. මගේ ඉන අතගානවා; බැරිම තැන තමයි මම මේ නැගිට්ටේ..... මේකා හිතනවද දන්නේ නැහැ මාත් උගේ ජාතියේ අවලම් බැල්ලියෙක් කියලා.”
දම් පැහැති සිල්ක් සාරියක් සහ ඒ වර්ණයේම අත් නොමැති හැට්ටයක් හැඳ සිටි නෙත් සිත් ඇද ගන්නා රූ සපුවකින් යුතු  ඒ නෝනා එහි සිටි මගීන්ට කෑ ගසා කියා සිටියාය. ඒ තමන් සිටි තැන වාඩිවී සිටි වැදගත් පෙනුමකින් යුතු මැදිවියේ මහත්මයෙකු පෙන්වමිනි. මෙම නෝනාගේ හැසිරීමෙන් ඒ ව‍න විට ඔහු කෙතරම් වික්ෂිප්තව සිටියේද යත් ඔහුගේ මුහුණ දුර්වරණ වී ඉහින් කනින් දාඩිය මතුවෙමින් තිබිණ.
“මහ ලොකුවට කලිසම් සූට් ඇඳලා බොහොම වැදගත් මත්තුරු වගේ පාරට බහිනවා; අන්තිමට බලනකොට මහ පාරේ අවලමේ  යන බල්ලෝ හොඳයි මුන්ට වඩා.” ඒ සමගම ඒ නෝනා යටිගිරියෙන් බෙරිහන් දුන්නාය. එවිට අඩුම තරමින් තම උගුරකට තෙමා ගැනීමට කෙළ බිඳක් වත් මුවෙහි නැති බවක් පළ කළ ඒ මහතාට හැකි වූයේ  “මං...... මං.... මං....”  යනුවෙන් කෙඳිරිගැමට පමණි.
එකෙනෙහිම සිද්ධිය වටා රැස්ව සිටි පිරිස අතරින් මනා දේහධාරී කඩවසම් මහතෙක් මතිවිය.
“හරි...හරි.. මිස් මෙතන ඕනෑවට වඩා කෑගහන්න එපා! මිස් කැමතිද මේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කරන්න..” කී ඒ මහතා අනතුරුව එම නෝනාගේ චෝදනාවට ලක්වූ තැනැත්තා දෙසට හැරිණ.
“හොඳයි මහත්මයා කැමතිද මේ සිද්ධිය ගැන පොලිසියට කියනවට.”
ඔහු ඇසුවේ කාටත් ඇසෙන ලෙසිනි.
“ඔව් මම කිසි වරදක් කරලා නැහැ; මේක මට වෙච්ච ලොකු අපරාධයක්. මම කැමතියි පොලිසි යන්න.” ඒ මහතා පහත් හඬින් කීය.
“මේ ... ඔය එක එක බල්ලො කරන අවලං වැඩ වෙනුවෙන් නිකරුනේ පොලිසි උසාවි වල රස්තියාදුවෙන්න මට බැහැ; මට ඊට වඩා ලොකු වැඩ තියෙනවා.” මෙසේ කී ඒ නෝනා එතනින් ඉවත්ව දුම්රිය කැලණිය දුම්රිය ස්ථානයේ නතර කළ සැනින් ඉන් බැස අතුරුදන් වූවාය.
“මම වැඩකරන්නේ රේල්ලුවේ; මීට මාස කීපයකට කලිනුත් මේ ට්රේන් එකේ දි මේ වගේම දෙයක් වෙලා; ලොකු කළබලයක් වුණා; මට හොඳටම මතකයි එදා ඒ කලබලය කළේත් ඔය ගෑණු කෙනාම බව; එදා එයා හැසිරුණෙත් ඔය විදියටමයි.”
එම සිද්ධිය අතරට පැමිණි තැනැත්තා දුම්රිය මැදිරියේ සිටි පිරිසට කීය.
“අනික මේ කෝච්චි පෙට්ටිය ඇතුලේ ඔය තරම් කලබලයක් කරපු එයා පොලිසිය ගැන කියනකොට අර විදිහට මාරුවෙලා ගියේ ඇයි?” පිරිස අතරින් හඬක් නැඟුණි.
“මතුපිටින් සාමාන්‍ය ජීවිතයක් ගත කළාට මොකද? සමහර විට එයා බරපතල මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් වෙන්න ඇති; සමහර මානසික රෝග තියෙනවා ප්‍රකෘතියට පටහැනි විදිහට තමන්ගේ ඇඟට යම් යම් ස්පර්ශයන් සිද්ද වෙනවා වගේ දැනෙන අසනීප; සමහර විට මේත් ඒ වගේ  කෙනෙක්ද දන්නේ නැහැ”  එහි සිටි කෙනෙක් කීය .
ඒ කෙසේ හෝ එම අනපේක්ෂිත අකරතැබ්බයට පත් වූ මහතා කීයේ තමන්ට තවමත් මෙම සිද්ධිය සිහිනයක්ද ?සැබෑවක්ද? යන්න තේරුම් ගත නොහැකි බවකි.
ඔහු කුරුණෑගල ප්‍රදේශයේ විදුහලක නියෝජ්‍ය විදුහල්පති වරයකු බවද පසුව එහි සිටි පිරිසට දැන ගත හැකිවිය.
 
දමයන්ති ගමගේ
 
 

Comments  

0 #1 arschfikaa 2017-01-27 21:13
mama ehemanam oya athnethi blouse endapu kihille mayiluth penna pennaa eken wekkerena
daadiye ganden mulu kochchi pettiyama ganda
gaswaapu ema sinhala suruttita honda paadamak
uganwalaa ethi.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 383

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2425

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1822

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.