lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

වත්තල බියුටි සැලූන් එකට ආ “අද්භූත” නෝනා

ඒ වත්තල පැත්තේ රූපාලාවන්‍ය ආයතනයකි. කාටත් තේරෙන බසින් කීවොත් ‘බියුටි සැලොන්’ එකකි. එහි සේවය සපයනුයේ කාන්තාවන්ට පමණකි. එබැවින් ඒ සැලෝන් එක ඉදිරියේ ඇති නාම පුවරුවේ Ladies only යනුවෙන් ලොකුවටම සඳහන් කොට ඇත.
ඔය කියන සැලොන් එකේ සේවාව ලබා ගන්නා කාන්තාවන් අතර හොඳට කර දඬු උස මහත තරමක රළු කටහඬක් ඇති නෝනා කෙනෙක් ද සිටියි. මේ නෝනා මීට පෙර කිහිප වරක්ම පැමිණ ඇති බව රූපලාවන්‍ය වේදිනියට මතකය. එහෙත් ඇය ගැන වැඩි තොරතුරක් රූපලාවන්‍ය වේදිනිය නොදනී.
පසුගිය දිනයෙක ද මේ නෝනා ඒ සැලොන් එකට ආවාය. ඒ තම කෙටි කෙස් කළඹ කපා හැඩගන්වා ගැනීමටය. රූපලාවන්‍යවේදිනිය මේ නෝනාගේ කොණ්ඩය කපන අතරේ රූපලාවන්‍යවේදිනිය ගේ ජංගම දුකථනයට ඇමතුමක් ලැබිණ.
“එක්ස් කියුස් මී මිස්”
එම නෝනාගෙන් අවසර ගත් රූපලාවන්‍ය වේදිනිය එම ඇමතුම ගත්තාය.
“මිස් ඔය සැලොන් එක ලේඩීස් ඔන්ලි කිව්වට දැන් පිරිමි අයටත් සර්විස් එක දෙනවා නේද?” එම ඇමතුම දුන් නාදුනන පිරිමියා කීය.
“නෑ. . .  නෑ මෙහේ ලේඩීස්ලට විතරයි”
ඉන් තරමක කලබලයට පත් රූපලාවන්‍ය වේදිනිය කීය.
 
“ ඇයි මිස් ‍ඔහොම ‍බොරු කියන්නේ? එතකොට දැන් ඔය මිස් හෙයා කට් එකක් දාන්නේ කාගෙද? එයත් ගෑනියෙක්ද?”
සිනාමුසු හඬින් යුතුව දුරකථනයෙන් එසේ ඇසෙත්ම ඇමතුම සැ‍නින් විසන්ධි විය. ‍මේ ඇමතුමින් රූපලාවන්‍යවේදිනියට හීන්දාඩිය දැම්මේය.
එහෙත් ඒ වනවිට නෝනාගේ කොණ්ඩය හරි අඩක් කපා අවසන්ය. ඉන්පසු යළි පැමිණ ඇගේ කොණ්ඩය කපන අතරේ ඉදිරියේ ඇති කණ්නාඩියෙන් බලනවිට ඒ නෝනාගේ මුහුණේ පැහැදිලි පිරිමිකමක් ඇති බව රූපලාවන්‍ය වේදිනියට පෙනුණි.
“මිස් මට මිස්ගෙ අයිඩින්ටිටි කාඩ් එක පොඩ්ඩක් පෙන්නවද?”
එම නෝනාගේ කොණ්ඩය විනාඩියට දෙකට කපා දැමූ රූපලාවන්‍යවේදිනිය ඇසුවාය. ඉන් එම නෝනා මහත් සේ තැති ගන්නා අයුරු රූපලාවන්‍යවේදිනියට පෙනුණි.
“අයිඩෙන්ටිටි කාඩ් එක මොකටද? මම මෙතනට ආවේ හෙයා කට් එකක් ගන්න මිසක් ඡන්ද දාන්න නෙවෙයිනේ”
ඒ තිගැස්ම සමගින් නෝනා කීවාය.
“නෑ මිස් දැන් මට කවුරු හරි ‍කෝල් එකක් දීලා කිව්වා; මිස් ගෑනු කෙනෙක් වගේ හිටියට පිරිමියෙක් කියලා; ඒකයි මම අයිඩෙන්ටිටි කාඩ් එක ඉල්ලුවේ.”
රූපලාවන්‍ය වේදිනිය අසරණ හඬින් කීවාය. එවිට එම නෝනාද රූපලාවන්‍යවේදිනිය වෙත නොරිස්සුම් සහගත බැල්මක් හෙළුවාය.
“ඔයාට මං ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා හරියටම දැන ගන්න නම් බලන්න ඕන අයිඩෙන්ටිටි කාඩ් එක නෙවෙයිනේ.”
කෙසේ හෝ කාන්තාවක සේ සමාජයේ පෙනී සිටින පිරිමියකු දැන් ඒ ප්‍රදේශයේ සිටින බව පසුව ඒ ගැන විපරම් කළ රූපලාවන්‍යවේදිනියට දැන ගන්නට ලැබුණි.
 
දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 366

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 764

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2425

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1819

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2395

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3783

Please publish modules in offcanvas position.