Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපි කසාද බැදලා නැහැ ඒත් අපිට දරුවෙක් හම්බ වෙන්න යනවා

“දසුන් පතිරණ කියන්නේ හිතුවක්කාරයෙක්. සමහරු එහෙම කියනවා. “හැබැයි ඒ හිතුවක්කාරකම තුළ තර්කයක් තියෙනවා”. දසුන් නම් කියන්නේ එහෙමයි. පෞද්ගලික ජීවිතය තුළත් දසුන් හැමවෙලාවෙම කරන්නේ තමන්ට හරි කියලා හිතෙන දේ. කසාද බැඳලා දරු මල්ලෝ හදාගෙන පිළිවෙළක් වෙන්න හැමෝම හිතද්දී අවිවාහකව තාත්තා කෙනෙක් වෙන එක ප්‍රශ්නයක් ‍නෙවෙයි කියලයි දසුන් නම් කියන්නේ. ඒ විතරක් ‍නෙවෙයි උපන් දරුවාට නම් තබන්න ඉඳුල් කටගාන්න හැමෝම නැකැත් බලද්දී දසුන් තමන්ගේ නුපන් දරුවාට මේ වෙනකොට නමකුත් තබලා ඉවරයි. ඇත්තටම මොකක්ද මේ වෙන්න යන්නේ. අපි දසුන්ගෙන්ම ඒ ගැන ඇහුවා. 
 
දසුන් මොකක්ද මේ කතාව?
පෙබරවාරි මැද හරියේ විතර මගේ පුංචි දුව ඉපදෙනවා.
 
ඉපදෙන්නේ දුවෙක් බව දන්නවාද? 
ස්කෑන් පරීක්ෂණයකින් දැන ගත්තා.
 
උපදින දරුවට දැනටමත් නම් තැබිම කරලා අවසන් කියලත් ආරංචියි?
දුවගේ නම ෂයියා ලිලී පතිරණ. ෂයියා කියන වචනයට සිංහල තේරුමක් නැහැ. ඒත් ස්විස් භාෂාවෙන් ෂයියා කියන්නේ දෙවියන් දුන්නු තෑග්ග කියන අදහස. ලිලී කියන්නේ මලක නමක්.
 
දුවට ඒ වගේ නමක් දාන්න හේතුව මොකක්ද? 
අපි ඒ නම දැම්මට දුවට කවදහරි එයා. ඒ නමට අකමැති නම් කැමැති නමක් දාගන්න සම්පූර්ණ නිදහස දෙනවා. දුව ඉපදුනාට පස්සේ අපි ස්වීඩන් යනවා. හංසි ඉන්නේ ස්වීඩන්. දුවව එහේ තමයි ලියාපදිංචි කරන්න හිතාගෙන ඉන්නේ.
 
දසුන් ඕනෑම කෙනෙක් දරුවෙකුට නමක් තියන්නේ උපන් නැකතට අනුව ගණ පිහිටීමට අනුව යෙදුනු අක්ෂර මත. ඒ මුකුත් නැතිව කොහොමද ඔය විදිහට නමක් දැම්මේ? 
අපේ දුව මේ ලෝකෙට එන්නේ සීසර් සැත්කමකින්. ඩොක්ටර් ඇහුවා දරුවව එළියට ගන්න සුදුසු නැකතක් තියෙනවද කියලා. එහෙම සුබ නැකැත් අනුව දරුවන් උපද්දනවද කියන එක මට නම් අදාළ නැහැ. මම ඔයවගේ පුහු මතවල ඉන්නෙත් නැහැ. ඒ හින්දා මගේ දරුවට නමක් තියන්න ගණ පිහිටීම් අවශ්‍යත් නැහැ. 
 
සාම්ප්‍රදායට හිස නමන්නේ නැති හින්දද අවිවාහකව පියපදවිය ලබන්න හිතුවේ?
විවාහය කියන්නේ සුද්දා අපිට දීපු දෙයක්. දික්කසාදයත් ඒකේ කොටසක්. ඒත් ඉස්සර අපේ සමාජ තුළ “විවාහය” කියලා දෙයක් තිබුණේ නැහැ. එකගෙයි කෑම වගේ චාරිත්‍ර තිබුණා. ලිංගික නිදහසක් තිබුණා. හැමෝම හරිම සතුටින් ජීවත්වුණා. “සුද්දා” අපිව හිරකරලා ගිහින් ඒ අය අද ඒ නිදහස භුක්ති විඳිනවා. විවාහ නොවී එකට ජීවත් වෙනවා. (living together) සුද්දාගේ නීතියේ හිරවෙලා ඉන්න අපි ඒ දිහා පුදුමයෙන් බලනවා. මට කඩදාසියක අත්සන් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම අපි දෙන්නට දවසක වෙන්වෙන්න හිතුණොත් දික්කසාද අවශ්‍යත් නැහැ. දරුවාගේ ලියාපදිංචියට අපේ විවාහය අවශ්‍ය වුණොත් විතරක් අපි විවාහ වෙයි. නැත්නම් මේ විදියටම ඉඳීවි. 
 
අවිවාහකව මව් පදවිය ලබන්න කිසිම ගෑනු ළමයෙක් කැමති වෙයිද කියා සැක සහිතයි. හංසි ඔබේ අදහසට කැමැති වුණාද? 
සමහර ගෑනු ළමයි යාළු වුණදාම අහන්නේ කවදද බඳින්නේ කියලා. හංසි නුවර. ඒත් පදිංචිය ස්විඩ්න්. අපි මුණ ගැසුණේ ජ්චජඥඡධධඬ හරහා. හංසි සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් නමෛයි. මගේ ජීවිතේ විවිධ අය මුණ ගැහිලා තියෙනවා. ඒත් මගේ දරුවගේ අම්මා වෙන්න සුදුසු කෙනා හංසි. දරුවා හදන්න තීරණය කළේ අපි දෙන්නමයි. මේක අහඹු සිදුවීමක් නමෛයි. අපි දරුවා හැදුවේ සැලසුම් කරලා. ඒත් කඩදාසියක අත්සන් කරන අවශ්‍යතාවය අපි දෙන්නටම තිබුණේ නැහැ. 
 
ආරියවංශ කුලතිලක
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1286

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 725

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2848

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3894

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6931

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6134

Please publish modules in offcanvas position.