Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මමත් ජිප්සීස්ලගෙන් සින්දු 12ක් ගත්තා

ජිප්සීස්ලාගේ ගීතවලට අයිතිවාසිකමක් දැන් අනුර පළිහවඩන කියන ඔබටත් තියෙනවා නේද?
ඔව් හැබැයි හැම ගීතයකටම ‍නෙවෙයි. ගීත 12කට විතරයි.
 
ජිප්සීස් නායක සුනිල් පෙරේරා කියනවා කැමති ඕනෑම කෙනෙකුට ජිප්සීස්ලාගේ ගීත මිලදී ගන්න පුළුවන් කියලා. ඔබට ඒ ගීත ප්‍රයෝජනවත් වෙන නිසාද ඔබ ගීත 12 ක්ම මිලදී ගත්තේ?
මුලින්ම කියන්න ඕනෑ මම පාසල් කාලයේ පටන්ම ජිප්සීස්ලාගේ තදබල රසිකයෙක් බව. පාසලෙන් ඉවත්වූ අලුතම වගේ තමයි මම මුලින්ම ජිප්සීස්ලාව සජීවීව දැක්කේ. එදා ඇතිවුණු කැමැත්ත නිසාම මම පසුකාලීනව ජිප්සීස්ලාගේ ගීත ගයනා කරන්න පටන් ගත්තා. අදටත් මම ඒවා ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා. ඉදිරි කාලයේදී ඒ ගීත ඇතුළත් ගී තැටියකුත් එළිදක්වන්නයි මම හිතාගෙන ඉන්නේ.
 
ඔබ ජිප්සීස්ලාගේ ගීත ගායනා කරනවා පමණක් ‍නෙවෙයි සුනිල් පෙරේරාගේ හඬත් අනුකරණය කරනවා?
ඉස්සර ඉඳන්ම මම දැනගෙන හිටියා සුනිල් පෙරේරාට තරමක් සමාන රුවක් මට තිබෙන බව. ඒ වගේම ඔහුගේ හඬට සමාන හඬකින් ගීත ගායනා කිරීමේ හැකියාවකුත් මට තියෙනවා. ඒ හැකියාව නිසාම තමයි ස්වර්ණවාහිනියෙන් විකාශය වූ 'ෂැඩෝ ස්ටාර්' රියැලිටි වැඩසටහනට සුනිල් පෙරේරා අනුකරණය කරමින් ඉදිරිපත් වෙන්න මට අවස්ථාව ලැබුණේ.
 
නමුත් ඒ තරගාවලියෙන් ඔබට ජයග්‍රහණය හිමි වෙන්නේ නැහැ?
ඇත්ත, ඒ වැඩසටහනේදී මට ලැබුණේ හතරවැනි ස්ථානය, හැබැයි 'ෂැඩෝ ස්ටාර්' නිසා රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව මා ගැන දැනගත්තා. ඒ නිසා මට ලැබෙන ප්‍රසංග සංඛ්‍යාවත් වැඩි වුණා.
 
ඒ ලැබුණු ජනප්‍රියත්වය නිසාමද ඔබට ජිප්සීස්ලාගේ ගීත මිලදී ගන්නත් අවස්ථාව උදා වුණේ?
හරියටම හරි, රත්නපුරයේ පූජි ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති පූජිත් ස්ටැන්ලි රණතුංග මහතා ජිප්සීස්ලාගේ හොඳ රසිකයෙක්. මම නොදැන හිටියාට ෂැඩෝ ස්ටාර්' රියැලිටි තරගය පැවැත්වෙන කාලෙත් මාව ඉදිරියට යවන්න ඔහු බොහෝ ප්‍රචාරක වැඩකටයුතු කරලා තිබුණා. ඔහු තමයි පසුව මා වෙනුවෙන් මුදල් ගෙවලා ජිප්සීස්ලාගේ ගීත 12ක අයිතිය මට අරගෙන දුන්නේ. 
 
ජිප්සීස්ලාගේ ජනප්‍රිය ගීතත් ඒ අතරේ තියෙනවාද? 
ඒ හැම ගීතයක්ම ජනප්‍රිය ඒවා තමයි. ලුණු දෙහි, අම්මා අම්මා, ළිඳ ළඟ සංගමේ සහ මල්ලිකා වැනි ගීත ඒ අතරේ තියෙනවා.
 
සුනිල් පෙරේරාව ප්‍රසංග වේදිකාවේදී අනුකරණය කිරීම ගැන ඔහුගෙන් ඔබට කවදාවත් විරෝධයක් එල්ල වෙලා නැද්ද?
ෂැඩෝ ස්ටාර් තරගයට සහභාගි වෙන්න කලින් නම් ඔහු විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා තිබුණා මං වගේ කෙනෙක් ප්‍රසංගවලට එනවා. රැවටෙන්න එපා කියලා. සුනිල් අයියලා සාමාන්‍යයෙන් එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැනේ. ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණා, ඔහු අනුකරණය කරමින් ඒ ප්‍රසංගවලට සහභාගි වෙන්න. මගේ සින්දු කිව්වාට කමක් නෑ. මගේ වගේ තොප්පියක් පාවිච්චි කරන්න එපා කියලා ඔහු මුලදී කිව්වා. හැබැයි 'ෂැඩෝ ස්ටාර්'  විකාශය වෙද්දී ඒ විරෝධතාවය වෙනස් වුණා. 
 
ඒ කොයි විදිහටද?
සුනිල් අයියා මම සහභාගි වූ ෂැඩෝ ස්ටාර් වැඩසටහනක් නරඹලා තිබුණා. ඒ කා‍ලේ දවසක් ඔහු මට දුරකථනයෙන් කතා කරලා තමුසෙගේ වැඩේ නැගලා යනවා නේද? කියලා අහලා ඊළඟ දවසේ 'සිඤ්ඤෝරේ' සින්දුව කියනවා කියලා මගේ සහයට රොනී ලිච්වත් එවලා තිබුණා. ඒ විතරක් ‍නෙවෙයි ඔහු පළඳින විදිහේ පිටරටින් ගෙනාපු තොප්පි හතරකුත් පසුකාලෙක මට තෑගි කළා. 
 
කිෂාන් කනංකෙ
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 1470

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 3203

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 3354

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 3157

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 6301

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 5591

Please publish modules in offcanvas position.