lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

කොට උඩ එක්ස්ප්‍රස් ඇත්තටම කොට උඩ තමයි

මෙය ප්‍රේක්ෂකයාට හාස්‍ය ඇති කිරීම මුල්කර ගනිමින් තැනෙන චිත්‍රපටයක් බව හඟවමින් ආරම්භ කෙරෙන්නකි. නමුත් ඉතාමත් ප්‍රාථමික මට්ටමේ දෙබස් සහ රංගනයන් හේතු කොට ගෙන පළමු විනාඩි දෙක තුන තුළදීම එම උත්සාහය අසාර්ථක වෙයි.
ඉන් අනතුරුවද සමස්ත චිත්‍රපටය මුළුල්‍ලේ විටින් විට මෙවැනි විසූක දස්සන ඉදිරිපත් වුවද, මූලිකව ගත් කල මෙය පවුලකට බලපෑ සීරියස් ප්‍රශ්නයක් පිළිබඳ කතාන්තරයක් බව පෙනී යයි.
නමුත් මෙම කලවම් මැල්ලුම් ස්වභාවය හේතුකොටගෙන සීරියස් කට්ටිය විහිළු කරනවාද, විහිළු කරන කට්ටිය සීරියස් වී සිටිනවාද කියා අවබෝධ කරගත නොහැකිව ප්‍රේක්ෂකයා මෙව්වා වෙන තත්ත්වයකට පත්වෙයි.
ඉතා අමාරුවෙන් සීරියස් යැයි කියන කොටස වෙන් කරගෙන බැලූ විට සිතෙන්නේ, සීරියස් වීම කියන්නේ මෙය නම් එවැන්නක් සිනමාවට කොහෙත්ම අවශ්‍ය නොවන බවය. ඇත්තටම මෙම චිත්‍රපටයේ එම සීරියස් ජවනිකා කොතෙක් වෙහෙසකරද කියනවා නම් සිනමා පට නැරඹීම සඳහා ෆාස්ට් ෆෝවර්ඩ් ක්‍රමයක් නැතිවීම ගැන ප්‍රේක්ෂකයාට කේන්තියක්ද ඇතිවේ.
ප්‍රේක්ෂකයා මෙවැනි අලකලංචි තත්ත්වයකට පත් කරවනු ලබන ‘කොට උඩ එක්ස්ප්‍රස්’ චිත්‍රපටයට පාදක වන්නේ මෙවැනි කතාවකි.
යමක් කමක් ඇති පියෙකු තමන්ගේ උපාධිධාරී දියණියන් දෙදෙනකු විවාහ කර දීම සඳහා තෝ්රා ගන්නේ කාකි යුනිෆෝමය හැඳ මදුරු තෙල් ගසන්නකු සහ විකට හැසිරීමක් සහිත කෝකියෙකි. ඒ තෝරා ගැනීමේ කටයුතු සහ මංගල කාරණාවලදී පියා පමණක් නොව දරුවන්ගේ මාමාද හැසිරෙන්නේ ටෙනිසන් කුරේගේ චරිතයට පමණක් දෙවැනි වන විකට චරිත නිරූපණ ස්වභාවයකිනි.
මේ සියල්ල මධ්‍යයේ දේශපාලනඥයකුගේ දියණියකට පෙම් කරන පවු‍ලේ එකම පුතු ඇය සමග එක්ව සිය පියාගේ වස්තුව තමාගේ නමට ලියවා ගනී. ඉක්බිති සැණෙකින් දුෂ්ටයකු බවට පත්වන හෙතෙම සිය පියා හා පවු‍ලේ උදවිය සමග සටනට එළඹෙයි. ඒ සටන්වල ප්‍රතිඵලයක් ලෙස එම පවු‍ලේ මවද මියයන අතර විකට චරිත යුගලය ඉදිරිපත්ව වීරයින් බවට පත්ව පවු‍ලේ උදවිය බේරා ගනී.
ප්‍රේක්ෂකයාට අසීමිත කන්කරච්චලයක් වූ පියාගේත්, මාමා යැයි කියන හාදයාගේත් අනන්ත අප්‍රමාණ  අවවාද නිසා හෝ ඒවා ඉසරදයක් වීම නිසා හෝ දුෂ්ටයකු වූ පුතා තත්පර කීපයක් තුළ රත්තරන් පුතෙකු බවට පත්වෙයි. චිත්‍රපටයේ කට්ටිය මෙවන් පුතෙකු, බෑනෙකු, සොහොයුරෙකු ලැබිම ගැන නරසීහ ගාථා කියන තරමේ සතුටකටද, වැඩේ කොයි විදියෙන් හෝ කම්මුතු වීම ගැන ප්‍රේක්ෂකයා සැනසීමකටද පත් කරවමින් කොට උඩ එක්ස්ප්‍රස් නිමාවෙයි.
මේ ආකාරයට කොටඋඩ ගිය කෝච්චියකින් බැස දෙපයින් ගමන නිමාකර ගන්නවා  වැනි හැඟීමක්, මෙම චිත්‍රපටය විසින් අහිංසක අප තුළ ඇතිකරනු ලබන්නේ ඇයි දැයි සිතා බලමු.
මෙම චිත්‍රපටය තැනෙන්නේ එක්කෝ තිර නාටකයක් නැතිවය. නැතිනම් ලියූ තිර නාටකය පාවට්ටා සහ නිකදළු සහිත කසාය වට්ටෝරුවකට මාරුවීම නිසා සිදුවූ අලකලංචියක්ද විය හැකිය. අප මුලින් සඳහන් කළ ආකාරයට විකටයන්ද, නැද්ද කියා හඳුනාගත නොහැකි පටලැවිලි නිසාද චරිත ලෙස අනන්‍යතාවක් පෙන්වන කිසිවෙකු නොමැති වීමද සියලු සිදුවීම් කිසිදු චිත්‍රපටයකට ඔරොත්තු නොදෙන තරමේ අභව්‍ය ඒවා වීම කොට උඩ එක්ස්ප්‍රස් තවදුරටත් කොට උඩ තැබිමට හේතු වී ඇත. ‍පොදුවේ ගත් කල සියලු චරිත නිරූපණ අසාර්ථකව ඇති අතර තිර රචනය සහ අධ්‍යක්ෂණය    විසින් එහි වගකීම බාරගත යුතුව ඇත. සියලු අබල දුබලතා මධ්‍යයේ දිල්හානි ඒකනායක ඇතැම් තැන්හි සිය රංගන ප්‍රතිභාවයන් සුළු මොහොතකට විදහා පෑවද එය කොට උඩ එක්ස්ප්‍රස් පීල්ලට ගැනීමට තබා සෙලවීමටවත් ප්‍රමාණවත් වන්නේ නැත. නමුත් ඉතින් මේ චරිතය ගැන නොව දිල්හානි ඒකනායක ගැන ප්‍රේක්ෂකයාට දුක සිතේ.
අද දවසේ චිත්‍රපටකරණය උදෙසා අප රට තුළ ක්‍රමවත් පාඨමාලාවක් නැතිකම ගැන විවිධ මැසිවිලි නැගෙනු අසන්නට ලැබේ.
නමුත් මෙවැනි කෘතීන් දෙස බලන කල සිතෙන්නේ ඊට පළමුව චිත්‍රපටකරණයේ යෙදෙන්නන්ට චිත්‍රපට නැරඹීමේ පාඨමාලාවක් ඇරඹිය යුතු බවය. අනිත් චිත්‍රපට නැරඹීමට වේලාවක් නැතිනම් තමන් හැදූ චිත්‍රපටයවත් නිෂ්පාදකවරයා සමග ගොස් ප්‍රේක්ෂකයන් සමග නැරඹීමට පුරුදු කළ යුතු බවය. කොතෙක් රැවටුවද ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාරවලට සවන් දීමෙන් බොහෝ දේ ඉගෙන ගත හැක.
මක් නිසාද යත් ප්‍රේක්ෂකයාගේ බුද්ධිමත් භාවය ගැනත්, රස වින්දනය ගැනත් ඔවුන් ඉල්ලන දේ ගැනත් මාධ්‍ය තුළින් අපට අදහස් දක්වන්නේත් මෙවැනි අධ්‍යක්ෂවරුන් වන හෙයිනි.

සිනමා විචාරය - තිස්ස ප්‍රේමසිරි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2627

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8834

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.