lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

සමහර අය “සිහිනයකි රෑ”ට විරුද්ධයි

ඔබගේ සාමාන්‍ය ජීවිතයේ තොරතුරු සහ බාල කාලයේ මතකයන් සිහිපත් කරමින් අපි මේ කතාබහ ආරම්භ කරමු ..
මගේ ගම්පළාත එඩේරමුල්ල.
මුලින්ම ඉගෙන ගත්තේ එඩේරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. අපි දරිද්‍රතාවයේ පතු‍ලේ සිටි පවුලක්. අපේ තාත්තා ගල්වළක ගල් කඩලා, තේ හදලා, තේ විකුණලා බුලත්විට විකුණලා මල්ලිවයි මාවයි ‍පෝෂණය කළා. අම්මා රෑ එළිවෙනකල් අතින් කරකවන මැෂිමක රෙදි මහලා තාත්තට ශක්තියක් වුණා. ‍පොල්අතු වහල වැස්සට තමෛනකොට හබරල කොළවලින් ආවරණය කරලා අම්මයි තාත්තයි අපි දෙන්නව රැකගත්තා. ඔය කා‍ලේ තමයි ලංකාවට රූපවාහිනිය ආවේ. රූපවාහිනී නරඹන්න ළඟ ගෙවල්වලට යද්දී මල්ලිටයි මටයි ඒ ගෙවල්වල දොරෙන් ඇතුළුවෙන්න ඉඩ ලැබුණේ නැත්තේ අපේ දුප්පත්කම හින්දා. දවසක් අපි ළඟ ගෙදරක ටීවී බලන්න ගියාම ඒ ගෙදර මිනිස්සු අපිව බෙල්ලෙන් අල්ලල එළියට ඇදල දාලා දොර වැහුවා. මම ඒ වෙලාවේ වහපු දොරේ පුංචි හිදැසකට ඇහැ තියල ටීවී බැලුවා. එදාට  අදට වගේම හෙටටත් වලංගු හෙංචයියෙක් ඒ වෙලාවේ ඒ ගෙදර හිටියා. එයා ගේ ඇතුළේ ඉඳන් අර කවුළුවේ දුහුවිලිවලට පිම්බා. මගෙ ඇස්දෙක දූවිලිවලින් වැහිලා ගියා. මම පාරෙ තියෙන ටැප් එකකින් ඇස් දෙකත් හෝදගෙන මල්ලිත් එක්ක ගෙදර ආවා. මම හිතන්නේ රූපවාහිනිය ගැන මගේ හිතේ ඇල්මක් ඇතිවුණේ ඒ සිද්ධියෙන් වෙන්න ඇති.  

පසු කාලෙක ඔබ රටම හඳුනන චරිතයක් වුණේ රූපවාහිනිය හින්දා ..
පස්සේ කාලෙක අපේ තාත්තා ගෘහ සේවයට විදෙස් ගතවුණා. මට ගුරුකුල විදුහලට එන්න ලැබුණා. සීලරත්න සෙනරත් මහතා තමයි මුලින්ම මාව මාධ්‍යයට යොමුකළේ. 1991 දී මම ශ්‍රී ලංකා ‍පොලීසියේ උප ‍පොලිස් පරීක්ෂකතනතුරට යන්න සූදානම් උනත් දේශපාලන බලපෑම් මත එම අවස්ථාව අහිමිවුණා. 1991 දී ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදන සහයකයින් බඳවාගන්නා බවට තිබුණ පුවත්පත් දැන්වීමකට අයැදුම් කරලා එහි පරීක්ෂණ සමත්වෙලා තමයි මම ජාතික රූපවාහිනියට එක්වුණෙ. අද වනවිට මම වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් වගේම නිවේදකයකු ලෙසත් රූපවාහිනියේ රැඳිල ඉන්නවා.

ඔබ රටම හඳුනාගත්තේ නිවේදකයකු වීම නිසා. අධ්‍යක්ෂණයට පැමිණි මහේෂ් නිශ්ශංක නිවේදනයට එක්වුණේ කොහොමද .. ?
මම අධ්‍යක්ෂණය කළ “ගීත චාරිකා” වැඩසටහන නිවේදනය කළේ ජැක්සන් ඇන්තනී. මම එහිදී මට අවශ්‍ය කරන දේ ඔහුට පවසනවා. මම එම කටයුත්ත කරන විදිය බලාගෙන ඉඳලා ජැක්සන් තමයි නිතරම කිව්වේ එම කටයුත්තට මමම සුදුසු බව. ඒ කා‍ලේ කෙනෙකුට හිතෙන හිතෙන විදියට නිවේදනය කරන්න බෑ. ඊට පරීක්ෂණ තියෙනවා. මමත් ඊට මම නිවේදනය කරපු වීඩියෝ පටයක් පරීක්ෂක මඬුල්ලට යොමුකරලා ඉන් සමත්වුණා. කාර්යබහුලකම හින්දා ජැක්සන් වැඩසටහනින් ඉවත් වුණා. මමම එය නිවේදනය කරන්න පටන් ගත්තා.

අද වනවිට ඔබ අධ්‍යක්ෂණය කරමින් නිවේදනය කරන ”සිහිනයකි රෑ” වැඩසටහන බොහෝ කතාබහට ලක්වී තිබෙනවා.
ඔව් ... විදෙස් රටවලින් පවා ඊට ප්‍රතිචාර ලැබෙනවා. යහපත් ප්‍රතිචාර දක්වන අය වගේම අයහපත් ප්‍රතිචාර දක්වන අයත් ඉන්නවා. මේ වැඩසටහන වෙන්වන්නේ සුභාවිත සංගීතයට. ඒත් සුභාවිත සංගීතය වෙනුවෙන් පෙනී සිටින බව කියන අයත් මීට විරුද්ධ වන අවස්ථා තිබිම පුදුමයක්.

සිහිනයකි රෑ වැඩසටහන  පිළිිබඳ යහපත් අයහපත් ප්‍රතිචාර සහිත විශේෂ අවස්ථා සිහිපත් කරන්න කැමතිද   .. ?
දීපිකා ප්‍රියදර්ශනී සුභාවිත සංගීතය තුළ විශාල දෙයක් කළ ගායිකාවක්. බුද්ධදාස ගලප්පත්ති සහ දීපිකා සහභාගි වූ වැඩසටහනේදී දීපිකා එම්. එස්. ප්‍රනාන්දුගේ “අශෝක මල් මාල නෙලාලා” ගීතය ගයන්න තරම් නිහතමානී වුණා. ඒ වගේම මහාචාර්ය සමන්ත හේරත්, වික්‍රමබාහු කරුණාරත්න, නලින්ද ජයසිංහ වැනි දැවැන්ත චරිත මෙයට එක්වුණ හෝරාව තුළ සාමාන්‍ය පුද්ගලයින් මට්ටමටම තමන්ගේ සැබෑ සංවේදිතාවයන් මතුකළා. ඒ වගේම මෙයට එරෙහි වූ අයත් ඉන්නවා. මේ රටේ ප්‍රවීණ ගායකයින් දෙදෙනකුට මෙහි ගී ගයන්න ආරාධනා කළාම ඒ දෙන්නම එය ප්‍රතික්ෂේප කළා. ඒ අයට ඊට හේතුව වුණේ “අනිත් අයගේ ගී ගයන්න බයයි” කියන එක. මහගමසේකරයන්ගේ ගී වැඩසටහනට කරනවාට එරෙහි වුණේ ඔහුගේ පුතු රවින්ද්‍ර මහගමසේකර.
මේ රටේ ප්‍රවීණයින්ගේ ගී වෙනත් අය ලවා ගායනා කිරීම වැරදි යැයි හර්ෂ බුලත්සිංහල පවසනවා.  මම දන්නේ නෑ මේ රටේ සියලුම ප්‍රවීණයින්ගේ ගීතවල ෙනෙතික අයිතිය එක්කෙනෙකුටද තියෙන්නෙ කියලා. එහෙම තියෙනව නම් මේ වගේ දෙයක් කරන්න කලින් හර්ෂගෙන්ම අවසර අරගෙන එය කරන්න තිබුණා.

එදා මෙදාතුර ඔබ ඇගයීමට ලක්වූ අවස්ථා තිබෙනවා නේද .. ?
“සුරම්‍ය රාත්‍රිය” හා  “තුන්හෙ‍ලේ මංගල්‍යය” යන වැඩසටහන් සඳහා මම සුමති සම්මාන උළෙලෙහි දී සම්මාන දිනාගෙන තියෙනවා.

ඔබේ බිරිඳ සහ දරුවන් ගැන දැනගන්නත් ඔබේ රසික පිරිස කැමති ඇති ..
මගේ බිරිඳ දිල්රුක්ෂි. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ලොකු පුතා සනුජ  දැන් පාසල් අධ්‍යාපනය නිමා කරලා වැඩිදුර අධ්‍යාපනය ලබනවා. දෙවැනියා මනුජ. එයා සංගීතයට දක්ෂයි. බාල පුතා ක්‍රිකට්වලට දක්ෂයි.
පුත්තු තුන්දෙනාම අධ්‍යාපනය ලැබුවේ ආනන්ද විදුහ‍ලේ.

ආරියවංශ කුලතිලක

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9069

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4189

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2885

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3259

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.