lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

මොහිදින් බෙග් වෙන්න යන කතාව ගැනත් විශේෂ ප්‍රකාශයක්

විරාජ් පෙරේරා කියන්නේ ‘හදවත ගැහෙනා’ ගීතයත් එක්ක බොහෝ තරුණ තරුණියන්ගේ හදවත් දිනාගත් ගායකයෙක්. 
මේ දවස්වල ඔහුගේ අලුත්ම ගීතය වන “තථාගතයාණනි” කියන ගීතයටත් හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන් කියලා අපට ආරංචි වුණා. ඒ ගැන දැනගන්නත් එක්ක ‘රිද්ම’ අපි විරාජ් පෙරේරාට කතා කළා. 
 
විරාජ් පෙරේරා කියන ගායකයාට “තථාගතයාණනි” කියන ගීතය නිසා වෙනස් ප්‍රතිරූපයක් ගොඩනැගුණා කිව්වොත් නිවැරදිද?
ගායකයෙක් විදිහට වෙනස් ප්‍රතිරූපයක් හැදෙනවට තමයි මමත් කැමති. දීර්ඝකාලීනව එකම රාමුවක කොටුවෙලා ඉන්න මම කැමති නැහැ. මගේ ගායන විලාශය වෙනස් ගීතත් එක්ක ගොඩනගන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ආදර ගීත කරලා ලැබුණ තැනට වඩා ‘තථාගතයාණනි’ කියන ගීතයත් එක්ක ගොඩනැගුණු අනන්‍යතාවයට මම ගරු කරනවා.
 
ඉස්සර නම් බෞද්ධ ගීතයක් කිව්වාම මොහොදින් බෙග්. ඒත් අද කා‍ලේ බෞද්ධ ගීතයක් කිව්වාම විරාජ් පෙරේරා තමයි ඉතින් කියලා මේ දිනවල සමාජ ජාලාවල හුවමාරු වෙන සටහන ඔබ විසින්ම ප්‍රචාරණය සඳහා යොදාගත් උපක්‍රමයක් කියලා සමහරු කියනවා?
සමාජ ජාලාවල විවිධ ‍පෝස්ට් හැදෙනවා. මට තියෙන හඬ විලාශයත් එක්ක වෙන්න ඇති මොහිදින් බෙග් කියන ප්‍රවීණ ගායන ශිල්පියාට මාව සමහරු සම කරනවා ඇත්තේ. මමත් ආසයි කවදාහරි බෙග් මාස්ටර්, අමරදේව මාස්ටර් වගේ අපේ සංගීත ක්‍ෂේත්‍රයට වටිනා කියන දේවල් එකතු කරන ගායකයෙක් වෙන්න. ඒ ඇරෙන්න මම ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන ඔහොම සටහන් අන්තර්ජාලයට දමලා නැහැ. 
 
ඒ වුණත්  විරාජ් පෙරේරාගේ බලා‍පොරොත්තුව මොහිදින් බෙග් වගේ ගායකයෙක් වෙන එකද?
මම මොහිදින් බෙග් වගේ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. මොකද බෙග් මාස්ටර් මට වඩා ගොඩාක් ඉහළින් ඉන්නේ. නමුත් මම කැමතියි කවදාහරි ඒ වගේ ප්‍රවීණ ගායකයකු විදිහට යම් මතකයක් අපේ සංගීතයට එකතු කරන්න.
 
ඒ නිසාද බෞද්ධ ගීත වැඩිපුර නිර්මාණය කරන්න බලා‍පොරොත්තු වෙන්නේ?
මම හරිම ආසාවෙන් හිටියේ බෞද්ධ ගීතයක් ගායනා කරන්න. මට මුලින්ම ආරාධනා ලැබෙන්නේ ‘රිදී විහාරය’ කියන ගීතයට. නමුත් ඒ දවස්වල මම ටිකක් අසනීප තත්ත්වෙයි හිටියේ. ඒ නිසා ඒ ගීතය මට අහිමි වුණා. නමුත් තථාගතයාණනි කියන ගීතය මට ලැබුණාම මගේ බලා‍පොරොත්තුව ඉටුවුණා. තථාගතයාණනි ලියපු ලසිත ජයනෙත්තිට වගේම සංගීතවත් කරපු ඩිල්ෂාන් සහ අධ්‍යක්ෂණය කළ ප්‍රසාද්ට මම ස්තූති කරනවා. ඉදිරියේදී මගේ තවත් බොදු ගී එකතුවකුත් අහන්න ලැබේවි.
 
ජයසේකර අ‍පෝන්සුගෙන් විරාජ් පෙරේරාට විශේෂ ආරාධනාවක් ලැබුණා කියන්නේ ඇත්තද?
ඔව්, ජයසේකර අ‍පෝන්සු මට කතා කරලා පිටපතක් අතට දීලා කිව්වා විරාජ් මේ චිත්‍රපටය ඔයා කරන්න ඕනේ. ඒක මගේ හීනයක් කියලා. මම වගේම සංගීත ජීවිතයක් ගැන කියැවෙන, මම රඟපාන චිත්‍රපටයක් ඒ අනුව ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. රඟපෑමට අමතරව චිත්‍රපටය සඳහා ගීත නිර්මාණය කරන්නේත් මමයි. ඒ නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලයි ඉන්නේ.
 
ඒ කියන්නේ විරාජ් පෙරේරා ඉදිරියේදී නළුවෙක් වෙන්න යනවා කියන එකද?
අනිවාර්යයෙන්ම ඒ චිත්‍රපටයේ මම රඟපානවා. චිත්‍රපටයේ පිටපත ජයසේකර අ‍පෝන්සුගේ. ඒ වගේම ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක රඟපාන්නත් අදහසක් තියෙනවා. 
 
රඟපෑමට යොමු වුණොත් විරාජ් පෙරේරා ගායනා ක්‍ෂේත්‍රයෙන් සමුගනීද?
කවදාවත් නැහැ. මොකද ගායකයකු වීම කියන්නේ මට තිබුණු ලොකුම හීනයයි. මට අවුරුදු 5දී මම ‘විරාජ් ගී දැහැන’ කියලා වැඩසටහනක් කළා. එහිදී ගුණදාස කපුගේ මහතාගේ ගීත රැසක් මම තනිවම ගායනා කළා. මම පාසලෙන් අයින් වෙලා ගීත හදන කෙනෙක් විදිහට බොහෝ දෙනා හඳුන ගත්තා. ඒත් එක්කම ගායකයකු වීමේ හීනයත් සැබෑ කරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් නළුවෙකු වීමේ හීනයටත් ළඟා වෙමින් ඉන්නවා.
 
විරාජ්ගේ පෞද්ගලික ජීවිතය මොන වගේද කියලා දැනගන්න කැමැති පිරිසකුත් ඉන්නවා?
මගේ පවු‍ලේ ඉන්නේ මමයි, අයියයි, නංගියි, අම්මයි තාත්තයි. මගේ අම්මයි තාත්තයි තමයි මගේ ලොකුම ශක්තිය. මම තාම අවිවාහකයි. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 727

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 839

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3948

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2356

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1582

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 834

Please publish modules in offcanvas position.