lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

එදා ඒ විදියේ තීරණයක් ගත්තේ ඇයි කියලා මට අදටත් හිතාගන්න බෑ

ඇන්ටන් ජූඩ් කියන සොඳුරු කලාකරුවාට ඇළුම් නොකළ කෙනෙක් අපේ රටේ ඉන්නවාදැයි කීම හරිම අමාරුයි. මොකද, ඔහු සිය රංගන සහ ගායන ප්‍රතිභාවෙන් හැමෝගෙම හදවත් දිනා සිටි කලාකරුවෙක් නිසා. නමුත්, නිතරම ජනතාව සතුටු කරපු ඔහුට මීට හරියටම වසර 5 කට පෙර, එනම් 2012 වසරේ මාර්තු 19 වැනිදා ඒ කාගේත් නෙත්වල කඳුළක් ඉතිරි කරමින් හදිසියේම මෙලොව හැර යන්න සිදුවුණා. ඔහු මියගියත් ඔහු ගැන මතකය නම් කිසිදා නොමියෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඇන්ටන් ජූඩ් වියෝවී වසර 5ක් සපිරෙනදා ඔහුගේ බිරිඳ වන මානෙල් විජේසේකර සමග ඒ මතකය යළිත් අලුත් කරන්නට “රිද්ම” තීරණය කළේ ඒ නිසයි.

ජූඩ් නැතිව ගෙවුණු වසර 5 ඔබට දැනුණේ මොන විදිහටද?
ඇත්තම කීවොත් ජූඩ් මියගිහින් අවුරුදු 5ක් ගෙවී ගිහින් කියලා මට දැනෙන්නේ නැහැ. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 22 ක් එකට ගත කළා. ඔහු තවමත් මගේ ළඟ ඉන්නවා වාගෙයි මට දැනෙන්නේ.

ඔහු පාවිච්චි කළ දේවල් තවමත් ඒ විදියටම තියාගෙන ඉන්නේ ඒ නිසාද?
චිත්‍රපටයක රූගත කිරීම්වලට ගොස් සිටින අතරතුර ජූඩ් අපෙන් සමුගත්තේ. ජූඩ් ගෙනිහින් තිබුණු ඇඳුම් බෑගය රොඩ්නි වර්ණකුල මට ආපසු ගෙනැවිත් දුන්නා. ඒ ඇඳුම් බෑගයේ ඉඳන් ඔහු පාවිච්චි කරපු හැම දෙයක්ම වගේ තවමත් අපේ ගෙදර ඒ විදියටම තියෙනවා. ඒ දේවල්වල ඔහුගේ සුවඳ තවමත් තියෙනවා වගෙයි මට දැනෙන්නේ.

රංගනයේදී දකින්න ලැබුණා වගේම ජූඩ් සරල විදිහට ජීවත් වුණු කලාකරුවෙක් කියලයි බොහෝ අය කියන්නේ?
අනේ ඔව්. ජූඩ් කියන්නේ බොහොම හිත හොඳ, සරල මනුස්සයෙක්. කාට හරි උදව්වක් අවශ්‍ය වුණොත් ඔහු ඒක කවදාවත් පැහැර හැරියේ නැහැ.

ඔහුගේ ඉදිරි බලා‍පොරොත්තු ගැන ඔබට අන්තිම කා‍ලේ කියා තිබුණාද?
ජූඩ්ට අහස උසට බලා‍පොරොත්තු තිබුණේ නැහැ. හැබැයි ජූඩ් නිෂ්පාදනය කරපු “සකිසඳ මඬල” වේදිකා නාට්‍යයට ඔහුගේ පුදුමාකාර ආශාවක් තිබුණා. “මානෙල්... සකිසඳ මඬ‍ලේ දර්ශන වාර 100ක් සම්පූර්ණ කරලා මම අලුත් නාට්‍යයක් පටන් ගන්නවා” කියලා නම් ජූඩ් මට නිතරම වගේ කිව්වා.

ජූඩ් “සකිසඳ මඬලත්” සමග කොතරම් දුර ගියාද?
ජූඩ්ට සකිසඳ මඬල වේදිකා ගත කරන්න ලැබුණේ වාර 50 යි. ඒකත් හරිම පුදුම විදිහටයි ඔහු අවසන් කළේ.

ඒ කොහොමද?
දර්ශන වාර 48ක් සම්පූර්ණ කරලා තියෙද්දී  “ගමේ අයට මගේ නාට්‍යය පෙන්වන්න ආසයි“ කියලා ජූඩ් 49 වැනි දර්ශනයක් නොපවත්වා 50 වෙනි දර්ශනය විදිහට දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ “සකිසඳ මඬල” වේදිකාගත කළා. ඒ දර්ශනය වෙනුවෙන් ටිකට් ‍පොත් මුද්‍රණය කර තිබුණත් අන්තිමේදී ටිකට් විකුණන්නෙත් නැතිවයි නාට්‍යය පෙන්නුවේ. මට අදටත් හිතාගන්න බෑ ඔහු එදා ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ කියලා. එදා ජූඩ් ගොඩාක් සතුටින් හිටපු දවසක්. හැබැයි ඊට පස්සේ “සකිසඳ මඬල” වේදිකාගත කරන්න ඔහුට බැරි වුණා.

නමුත්, ඔහුගේ අභාවයෙන් පසුවත් “සකිසඳ මඬල” වේදිකා ගත වුණා නේද?
ඔව්. රොඩ්නිලාට මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ජූඩ් මියගියාට පසුවත් “සකිසඳ මඬල” දර්ශන වාර කිහිපයක් වේදිකා ගත කළා. නමුත්, හැමෝම කාර්ය බහුල වීම නිසා මේ වෙනකොට එය නැවතිලයි තියෙන්නේ.

මේ වසරේ ඔහුගේ ගුණ සමරන්නේ මොන විදිහටද?
ගෙවී ගිය අවුරුදු 5 පුරාම මම ජූඩ් සිහි කරලා දානමය පින්කම් කළා. මේ අවුරුද්දෙත් මම එවැනි පින්කමක් කරනවා. ඒ දේවල් තමයි අපට දැන් ඔහු වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.

කිෂාන් කනංකෙ
ඡායාරූප: පින්සිරි ආරියරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3259

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.