lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

එයා මගේ ළඟට ආවොත් ජීවිතේ සතුටින් ගෙවන්න මම කැමැතියි

ගුවන් විදුලිය, වේදිකාව, පුංචිතිරය සේම සිනමාව තුළත් සිය රංගන කුසලතා මතුකළ ජනප්‍රිය සම්මානනීය නිළි ගීතා කාන්ති ජයකොඩි මෙවර කතාබහට එකතු කරගන්න අපි හිතුවා. ඒ ඇගේ රංගන දිවියේ තොරතුරු ගැනවත් සාමාන්‍ය ජීවිතයේ ආගිය තොරතුරුවත් කතාකරන්න නම් නමෛයි. ජීවිතයේ අනේක විධ අත්දැකීම් හමුවේ සතුට සහ දුක අතර ඇගේ ජීවිතය දෝලනය වූ ආකාරය ගැන කතාකරන්නයි. අපේ හුරුපුරුදු රිද්ම විශේෂාංගය ‘සතුටයි දුකයි‘ සඳහා මේ සතියේ එකතුවන්නේ ගීතා කාන්ති ජයකොඩි.

ඔබ සතුට හා දුක නිර්වචනය කරන්නේ කෙසේද?
හොඳින් බැලුවොත් තේරෙයි, අපි හැමෝගෙම සතුට හා දුක තීරණය කරන්නේ වෙනත් අය බව. ඇත්තටම බාහිර ලෝකයේ විවිධ ක්‍රියා හින්දා තමයි අපි සතුටුවන්නේ. ඒ වගේම දුක්වෙන්නේ.

ඔබේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වූ දවස?
එහෙම එක දවසක් කියලා කියන්න බැහැ. මගේ දුව තමයි මගේ සතුට වුණේ. එයාගේ ජයග්‍රහණ හැම එකක්ම මට සතුටක් ලබාදුන්නා.

වැඩියෙන්ම දුක්වෙන්නේ?
අම්මලා සතුටුවෙන්නේ දරුවන්ගේ සතුටට. අම්මලා දුක්වෙන්නෙත් දරුවෝ සම්බන්ධ දුක්මුසු අත්දැකීම් හින්දා. මේක හැම අම්මා කෙනෙකුටම ‍පොදුයි.

ගීතා කාන්ති ජයකොඩි කියන නිළිය කලා ජීවිතේදී වැඩියෙන්ම සතුටු වූ අවස්ථාවක් දුක්වූ අවස්ථාවක් නැද්ද?
‘පූජා’ චිත්‍රපටය තමයි මගේ ප්‍රථම චිත්‍රපටය. ඒ වසරේ හොඳම නිළියට නිර්දේශ වුණේ ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ අනෝජා වීරසිංහ, ‘කොටි වලිගය’ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ හා ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් මම. එදා සම්මානය හිමිවුණේ අනෝජාට. ඉතාම ආධුනික මට්ටමක සිටි මට එදා ඒ නිර්දේශ වීම දැනුණේ හොඳම නිළිය වුණා වගේ සතුටක්. එය තමයි නිළියක ලෙස මා ලැබූ ඉහළම සතුට. නිළි ජීවිතයේ විඳපු දුක් ගැන කතාකරද්දි නම් මතක්වෙන්නේ අසාධාරණකම් වූ අවස්ථා. ඒ හැම අවස්ථාවකම දුක් වුණා.

පවු‍ලේ අය ජීවිතයට සතුටයි දුකයි අරගෙන ආවේ නැද්ද?
අපේ පවු‍ලේ  අයියා, මම, මල්ලි, ශ්‍රියානි නංගි හා රත්නා ලාලනී නංගි තමයි සහෝදර සහෝදරියෝ, පුංචි කා‍ලේ අයියයි මමයි ගොඩක් සමීපව හිටියා. ශ්‍රියානියි රත්නයි සමීපව හිටියා. වයසින් වැඩෙද්දී අයියයි මල්ලියි ළං වුණා. ශ්‍රියානියි රත්නයි හිටපු විදිහටම හිටියා. ඉබේම වගේ මම හුදකලා චරිතයක් වුණා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් වූ අවස්ථාවලදී නම් අප එකිනෙකාට උදව් කරගන්නවා.

කුළුදුල් ප්‍රේමය, විවාහය ජීවිතයට සතුට වගේම දුක අරගෙන ආවා නේද?
ඔව්. මගේ කුළුඳුල් ප්‍රේමය තමයි විවාහය දක්වා දුර ගියේ. ආදරේ කරන කා‍ලේ ජීවිතයම කියන්නේ ආදරය කියල හිතුණා. පාසල්වියේ ආදරේ කරලා බොහොම අඩු වයසින් විවාහ වුණා. හැබැයි ඒ විවාහය තුළ නම් අර දැකපු සුන්දරත්වය තිබුණෙත් නැහැ. අත්වින්දෙත් නැහැ.

අඩු වයසින් විවාහ වෙලා මවක් වෙලා ඉන්පසුව දියණිය සමග හුදකලා වීම ලොකු දුකක් ගෙනෙන්න ඇති?
මොනවද මේ අහන්නේ. එක එහෙම නොවුණා නම් තමයි පුදුමේ. ඒ වෙලාවේ දරුව හදාගෙන ජීවිතේ ඉදිරියට යන්න මට ශක්තිය වුණේ අම්මයි තාත්තයි ගෙදර අයයි.

වර්තමානයේ ඔබ හුදකලා වෙලා. ඒක මොන වගේ අත්දැකීමක්ද?
හුදකලා නැහැ. මට මගේ දුව ඉන්නවා. ඒත් එයාටත් ජීවිතයක් තියෙනවා. මට දුව ළඟට වෙලා ඉන්න පුළුවන්. ඒත් මම කැමති නැහැ එහෙම කරන්න. මම තනියම හෝ මගේ නිවසේ ස්වාධීනව ජීවත්වෙන්න කැමතියි. හැබැයි පහුගිය කා‍ලේ අසනීප වුණාම තමයි හිතුණේ ස්වාධීනව තනිව ජීවත්වීම හිතන තරම් පහසු නැහැ කියලා.

වයසත් එක්ක මිනිස්සු පරිණත වෙනවා. වැරදි හදාගෙන ජීවිතේ අලුතින් පටන් ගන්නවා. ගීතා අද දියණියගේ යුතුකම් ඉටුකරලා හුදකලා ජීවිතයක් ගෙවනවා. ඔබේ සැමියා ආයෙම ඔබ ළඟට ආවොත් ජීවිතේ ඉදිරිය සතුටින් ගෙවන්න පුළුවන් වේවි නේද?
මට අද වෙද්දි පරිණත විදියට ජීවිතය දකින්න පුළුවන්. එයාටත් ඒ හැකියාව අද වෙද්දි තියෙනවා නම් ආයෙම මගේ ළඟට ආවොත් ඉදිරි ජීවිතේ සතුටින් ගෙවන්න මම කැමැතියි. හැබැයි තවමත් එයා ඉන්නේ එදා හිටපු මානසික මට්ටමේ නම් ආයෙම එන්නෙ නැතුව ඉන්න එක මට සතුටක් වෙයි.

ආරිංයවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6548

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.