lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

මමයි මගේ සැමියයි වෙන් වෙලා කියලත් සමහර වබේ අඩවිවල පළවෙලා තිබුණා

නිළියක් සේම නර්තන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක යෙදෙන ඇය මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකින්ම අප හමුවට එයි. ඒ අතර ජේ. ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ “එකගෙයි මිනිස්සු” ටෙලි නාට්‍යයේ “සුලෝචනා” ලෙසින් ඇය ඉදිරිපත් කරන රංගනය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ චරිතය තුළ වූ වෙනස් බව නිසාමය. ඇය නිරෝෂා තලගලයි.

එකගෙයි මිනිස්සු” ටෙලි නාට්‍යයේ “සුලෝචනා” ගැන මොකද හිතෙන්නේ?
සුලෝචනා කියන්නේ මානසික මට්ටම අඩු චරිතයක්. ඇගේ සිතුම් පැතුම් හැසිරීම කතාබහ හැමදේම තුළ නොමේරූ බවක් තියෙනවා. මම මේ වගේ චරිතයක් කරන පළමු අවස්ථාව තමයි මේ. මුලදී මම මේ චරිතය භාරගන්න ටිකක් මැලිවුණා. ඒකට හේතුව වුණේ මට මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද කියන සිතුවිල්ල. ඒත් ශිවා අයියා (ජේ. ශිවගුරුනාදන්) මාව ඉතා හොඳින් මෙහෙයවූවා. ඒක මට සුලෝචනාගේ චරිතය සාර්ථක කරගන්න හේතු වුණා.

නළු නිළියන් තමන්ට එදිනෙදා ජීවිතයේ හමුවන චරිත තමන්ගේ රංගනයන් සාර්ථක කරගන්නට අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගන්නා අවස්ථා තියෙනවා. නිරෝෂටත් “සුලෝචනා” වැනි අය මුණගැහිලා තියෙනවද?
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වගේම වැඩිහිටියනුත් ඉන්නවා. බැලූ බැල්මටම ඒ අයගෙ අසාමාන්‍ය බව පෙනෙනවා. ඒත් සුලෝචනා එහෙම නෑ. එයාගේ මානසික වර්ධනය අඩු වුණත් සාමාන්‍ය ගෑනු ළමයෙකුගේ පෙනුමක් තියෙන්නේ.... විවාහවෙන්න බැරිකමක් නෑ.... මට අර මුලින් කී විදියට බැලූ බැල්මටම අසාමාන්‍ය අය හමුවෙලා තියෙනවා. ඒත් “සුලෝචනා” වගේ මට්ටමක ඉන්න අයව නම් මුණගැහිලා නෑ. මේ චරිතය අභියෝගයක් වෙන්න ඒකත් හේතුවක්. මෙතැනදී මගෙන් අධි රංගනයක් මතු වෙන්නේ නැතුව එක සීමාවක ඉඳලා රඟපාන්න මට සිදුවුණා....

නිරෝෂා නර්තන ශිල්පිනියක්... දැන් ටිකෙන් ටික එයින් දුරස්වන්නේ නර්තනයට වඩා රංගනයට මුල්තැන දෙන නිසාද?
මම නිළියක් විදියට කාර්යබහුලයි. ඒකත් නර්තනයෙන් දුරස් වන්න හේතුවක් තමයි. ඒ වගේම යම් යම් සිත් කලකිරවන සිදුවීම් නිසාත් මම තාවකාලිකව නර්තනයට සමුදීලා හිටියා.

මොනවද ඒ සිත් කලකිරවන සිදුවීම්
මම නර්තනය හදාරලා තමයි නැටුමට ආවේ.... මට නර්තන කණ්ඩායමකුත් තියෙනවා. ඒත් අද වන විට කිසිම හැදෑරීමක් කරල නැති අයත් නර්තන කණ්ඩායම් පිහිටුවාගෙන ඉන්නවා. ඒ වගේ අයට තියෙන්නේ කොහොමහරි ඉදිරියට යන එක. කොයි විදියට හර වැඩි අවස්ථා ලබා ගන්න එක... ඒ වගේ අවස්ථාවලදී ඉතින් ගොඩක් අසාධාරණකම් සිත් රිදීම් සිදුවනවනේ....

ඒ කියන්නේ නිරෝෂා ආයම කවදාවත් නටන්නේ නැද්ද?
මුලදී නම් මම හිතාගෙන හිටියේ එහෙම තමයි. ඒත් මගේ කණ්ඩායමේ ළමයින්ට එයින් යම් අසාධාරණයක් වෙනවා. අනික මම නැටුමින් අයින් වෙන්න ගත්තු තීරණය ගැන ප්‍රවීණයන් කිහිප දෙනෙකුම මට දොස් කිව්වා. නැටුම ගැන කිසිම හැදෑරීමක් නැති අය නටද්දී මම පැත්තකට වෙලා ඉන්නේ ඇයි කියලා ඒ අය ඇහුවා. පස්සේ මමත් හිතුවා ආයෙම මගෙ නර්තන කණ්ඩායමත් එක්ක ප්‍රේක්ෂකයන් අතරට එන්න. ඉදිරියේදී මම ආයෙම නර්තනයට එනවා.

අද නළු නිළියන් ගායක ගායිකාවන් එකට එක්තැන් කරවන රියැලිටි තරග තුළදී ඒ අයට තමන්ගේ නර්තන දක්ෂතා පෙන්වන්නත් අවස්ථාව උදාවෙලා තියෙනවා.
මම නම් එවැනි තරගවලට යන්නේ නැහැ.

ඇයි.... ?
මම වේදිකාව මත නටල ඉවර වුණාම විනිශ්චය දෙන්න මගේ අඩු ලුහුඬුකම් කියන්න ඉන්න විනිසුරු නැටුම ගැන නිසි දැනුමක් ඇති ඒ ගැන හැදෑරීමක් කළ අයෙකු විය යුතුයි. එහෙම කෙනෙක් මම නැටුවා වැරදියි කිවුවත් මට ප්‍රශ්නයක් නෑ.... ඒත් ඔය විදියේ වැඩසටහන්වල විනිසුරු මඬුල්ලට එන්න ප්‍රධාන සුදුසුකම ජනප්‍රිය චරිතයක් වීම. එහෙම වුණාම නර්තනය ගැන දැනීමක් නැති අයගේ විනිශ්චයන් අදහස් උදහස් භාරගන්න අපට සිදුවනවා. ඒක මට විතරක් ‍නෙවෙයි මම ඉගෙනගත්තු ශිල්පයටයි මගේ ගුරුතුමාටයි කරන අවමානයක්.  ඒකයි මම ඔය වගෙ වැඩසටහන්වලට යන්නේ නැත්තේ...

එවැනි වැඩසටහන් නරඹන්නේවත් නැද්ද...?
ලැබෙන විවේකය අනුව නරඹනවා.

එහෙම නරඹන විට මොකද හිතෙන්නේ ...?
සමහරුන්ගේ  අප මතෛක් නුදුටු කුසලතා දකිනවිට සතුටුයි. ඒත් හැමෝටම හැමදේම බෑනේ... සමහරු බැරි දේවල් කරන්න ගිහින් තමන් ගොඩනගාගත්තු  ප්‍රතිරූපයත් නැතිකරගන්නවා දැක්කම නම් ඇතිවෙන්නේ දුකක්.

නිරෝෂගේ සාමාන්‍ය තොරතුරු දැනගන්නත් රසික පිරිස කැමති ඇති...?
මගෙ සැමියා අසේල ප්‍රියදර්ශන, විදෙස්ගතවයි ඉන්නේ.... ඔහු මේ වසරේ ලංකාවට එනවා. මගේ නර්තන කටයුතු වගේම රංගන කටයුතුවලටත් මගෙ අම්මයි මහත්තයගේ අම්මයි මගේ නංගියි ලොකු සහයෝගයක් ලබා දෙනවා.

සැමියා විදෙස්ගතවෙලා තනියම ජීවත්වන රූමත් නිළියෙකුට විවිධාකාර කටකතා හැදෙන්න පුළුවන්
ඔව් ඒක නම් ඇත්ත... අපි කොයි තරම් හොඳට හිටියත් අභූත චෝදනා එල්ල කරන අය ඉන්නවා. මමයි මගෙ මහත්තයයි වෙන්වෙලා කියලත් ඇතැම් අන්තර්ජාල වබේ අඩවිවල පළවෙලා තිබුණා. මේ විදියේ කටකතා හැදෙන්න හේතු ඕන නෑ...

ඒ වගේ පසුබිමක සිටින ගැහැනියකට පිරිමින්ගේ අනිසි බලපෑම්වලට ලක්වන්නටත් ඉඩකඩ වැඩියි?
මම නම් හිතන්නේ ගැහැනියකට පිරිමියෙකුගේ අනිසි බලපෑමක් එල්ල වනවිට අපි ඊට දක්වන ප්‍රතිචාර අනුව තමයි ඔහු ඊළඟ පියවරට යන්නේ.... මටත් ඔය වගේ ප්‍රතිචාර එල්ලවෙලා තියෙනවා. මම නම් කවුරු හරි පළවෙනි වතාවට ඒ වගෙ දෙයක් අහද්දි ප්‍රතිචාර දක්වන්නේ දෙවැනි වතාවට නැවත ඒ දේ අහන්න බැරිවෙන විදියට.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9081

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1360

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4194

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2892

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3262

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4155

Please publish modules in offcanvas position.