lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

සෑම සතියකම අපි “සතුටයි දුකයි“ කියන මේ විශේෂාංගයට ඔබ දන්නා කියන ජනප්‍රිය චරිතයක් ගෙන එනවා. මෙදා සැරේ 
අපිත් එක්ක මේ ලෙංගතු කතා බහට එකතු වෙන්නේ නළුවෙක් විදියට වගේම අධ්‍යක්ෂවරයකු විදියටත් රටම හඳුනන බුද්ධික ජයරත්නයි. 
 
බුද්ධික ඔබ කොහොමද සතුට හා දුක කියන වචන දෙක කෙටියෙන් විග්‍රහ කරන්නේ? 
ජයග්‍රාහී ධනාත්මක සිතුවිලි ඇති වීම සතුට විදියට මම දකිනවා. කවර හෝ හේතු මත සිතට පරාජිත බවක් ඇති වීමට තමයි දුක කියන්නේ. 
 
තමන්ගේ ජීවිතයේ අත් විඳපු ලොකුම සතුට මොකක්ද? 
පිය පදවිය හිමි වීම. ඒක මගේ ජීවිතයට පමාවී ආ වසන්තයක් නිසා සතුට වැඩිපුර දැනෙනවා. 
 
ජීවිතයේ විඳපු ලොකුම දුක?
දුකක් විඳින මොහොතේ දැනෙන හැඟීම වැඩි වෙන්නේ පසුතැවීමත් එක්ක. පසුතැවීම තියෙන අය යළි යළි දුක්බර අත්දැකීම් සිහිපත් කරනවා. මගේ ජීවිතයේදී මමත් දුක් වූ අවස්ථා බොහෝ තියෙනවා. ඒත් කවර දාකවත් කිසිම දේකින් පසු තැවෙන කෙනෙක් ‍නෙවෙයි මම. පසුතැවීම නැති හින්දා විඳපු දුක් එකක්වත් මතක නැහැ. 
 
කලාකරුවකු ලෙස ඔබ අත් විඳි ලොකුම සතුට මොකක්ද? 
කලාකරුවකු වීමම තමයි. 
 
කලාකරුවකු ලෙස විඳි ලොකුම දුක මතකද?
ලංකාවේ කලාකරුවන්ට හිමි වෙලා තියෙන තැන දැක්කම ලොකු දුකක් ඇති වෙනවා. 
 
ඔබට ආදරය දුකක්ද සතුටක්ද? 
ආදරය තුළ විශාල සතුටක් තියෙනවා. ඒ වගේම තමයි ආදරය තුළ වේදනාව හා දුකත් පිරිලා තියෙනවා. ඇත්තම කියනවා නම් මට හිතෙන්නේ ආදරය කියන්නේ සතුටයි දුකයි යන දෙකේම එකතුවක්. 
 
වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජිවිතය තුළද? 
තනිකඩ කා‍ලේ හිතෙනවා, කසාද බඳින්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඒ වගේම තමයි ලෝකේ ඉන්න හැම විවාහකයෙකුටම එක වතාවක් හෝ හිතිලා ඇති අපරාදේ කසාද බැන්දේ කියලා. එහෙම බලද්දී ඔය දෙකම එකයි. 
 
බුද්ධික හින්දා වෙන කෙනෙකු සතුටු වූ අවස්ථාවක් සිහිපත් කළොත්?
මගේ සතුට අනිත් අය සතුටු කිරීමයි. සත්තුන්ට අභය දානය දීපු අවස්ථා, නැති බැරි අයට උදව් උපකාර කළ අවස්ථා නම් ගොඩක් තියෙනවා. මම ඒවා කරන්නේ ප්‍රසිද්ධියේ කියන්න නමෛයි. ආත්ම තෘප්තියටයි. 
 
ඔබ නිසා තවත් කෙනෙකු දුක්වූ අවස්ථා තියෙනවාද? 
එහෙම අවස්ථා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම ඒ අයගෙන් සමාව ඉල්ලා තියෙනවා. එහෙම සමාව ඉල්ලන්න බැරි වූ අවස්ථාවක් තියෙනවා නම් මේ වේලාවේ මම ඒ අයගෙන් සමාව ඉල්ලනවා. ඒ වුණත් මම කිසිමදාක කිසිම කෙනෙකුට මහා ලොකු දුකක් දීපු කෙනෙක් නමෛයි. 
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
අවිනිශ්චිත බවක්. හැබැයි ඒ විදියට අවිනිශ්චිත බවක් දැනෙන්නේ දුක හින්දාවත් බය හින්දාවත් ‍නෙවෙයි. හැමෝටම වගේ මටත් අනාගතය ගැන බලා‍පොරොත්තු ගොඩක් තියෙනවා. බලා‍පොරොත්තු කියන දේ ඉටු වන්නටත් පුළුවන්, බිඳී යන්නත් පුළුවන්. ඒ නිසයි මට ජීවිතය ගැන අවිනිශ්චිත බවක් දැනෙන්නේ. 
 
ආරියවංශ කුලතිලක

පුංචි තිරයේදී නිතරම දඟකාර රංගන ශිල්පිනියක් වූ රොෂානා ඔන්ඩච්චි මේ දිනවල කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් බවට පත් වෙලා. සිඳු”හි” තමාලි සිරිවර්ධනගේ චරිතය හරහායි. දඟකාර රොෂානා තැන්පත් අම්මා කෙනෙක් වුණේ. 
 
ඔබ “සිඳු” ටෙලිනාට්‍යය හරහා තැන්පත් අම්මා කෙනෙකුගේ චරිතයක් රඟපානවා මොකක්ද වෙනස? 
තමාලි කියන්නේ මගේ ජීවිතයට ලැබුණු තීරණාත්මක චරිතයක්. තමාලි “රොෂානාව” ප්‍රේක්ෂක ආදරයට ලක් කළේ කවදත් මතක හිතෙන විදිහට. “තමාලි රොෂානාගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් වඩා නිවැරදියි. 
 
රොෂානා ඔන්ඩච්චි කියන්නේ සැබෑ ජීවිතයේදීත් තමාලි සිරිවර්ධන වගේ අම්මා කෙනෙක්ද? 
රොෂානායි තමාලියි අතර සමානකම් ගොඩක් තියෙනවා. මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. තමාලි වගේම මමත් දුවත් එක්ක මේ ලෝකේ තනි වුණ අම්මා කෙනෙක්. තමාලිට මහත්තයා හිටියත් නැහැ වගේ. සැබැ ජීවිතයේ මමත් අත් විඳින්නේ සැමියකු නැති අම්මා කෙනෙකුගේ අත්දැකීම්. 
 
තමාලි නිසා රොෂානාගේ ජිවිතෙත් වෙනස් වුණාද? 
පෙම්වතියක්, හාස්‍යජනක රංගන ශිල්පිනියක් වුණා. රොෂානාව ආදරණීය මවක් කළේ තමාලි. ඒ නිසා මගතොටේ හම්බවෙන හැමෝම රොෂානා ඔයාට අම්මගේ චරිතේ හොඳටම ගැළපෙනවා... අපි ඒ චරිතේට ගොඩක්  ආදරේ කරනවා කියලා කියනවා. ඒ නිසා මමත් දැන් හැසිරෙන්නේ තමාලි වගේම තමයි. 
රොෂානාට තමාලි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම 2004දි පෙම්බරයාණනි ටෙලිනාට්‍යයේදී ජානක සිරිවර්ධන එක්ක වැඩ කළා. එහිදී මගේ කුසලතා ගැන සෑහීමකට පත්වෙලා ජානක අයියා තමයි “සිඳු” සඳහා මට අවස්ථාව ලබා දුන්නේ. 
 
බටහිර පන්නයට විලාසිතා කරන රොෂානාට තමාලි වෙනුවෙන් ඔසරිය අඳින එක ‍ලේසි වුණාද? 
මම බටහිර පන්නයට ඇන්දත් ඒ ඇඳුම්වල වැදගත්බවක් තියෙනවා. ඔසරිය ගැන මුලදී නම් මට එච්චරම කැමැත්තක් තිබුණේ නැහැ නමුත් සිඳු ටෙලිනාට්‍යයෙන් පස්සේ මට හරිම ආසාවක් ඇති වුණා ඔසරිය අඳින්න. 
 
සිඳු නිසා රොෂානාට හිමි වුණ දේවල් වගේම අහිමි වුණ දේවලුත් තියෙනවා කියන්නේ ඇත්තද? 
සිඳු නිසා මට ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් ආදරේ ලැබුණා. ඒ වගේම පරණ හිතවත් නැති යාළුවෝ නැවතත් හිතවත් වුණා. ඒ වගේම කියන්න කනගාටුයි සිඳුහි තමාලි නිසා මට තිබුණු සමහර හිතවත් කම් නැති වුණා. 
 
ඒ කොහොමද? 
මොකද කියනවා නම් තමාලි නිසා රොෂානාට දවසින් දවස ප්‍රේක්ෂකයන් ආදරේ කරන්න පටන් ගත්තා.ඒ නිසාම මගේ සාර්ථකත්වය දරාගන්න බැරි වුණු ගොඩක් දෙනා මාත් එක්ක තරහා වුණා. විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ දුරගමනක් යන්න බැරිව එකතැනම ඉන්න සමහරුන්ට මම ඡායාරූපවලට පෙනී සිටීමත් වරදක් වුණා. 
 
සමන්මලි නැලිගම

පුංචි තිරයෙන් විවිධාකාර චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන හිමාලි සයුරංගි කියන ඔබ සැබෑ ජීවිතයේ මොනවගේ චරිතයක්ද?
ධෛර්යවන්ත, චිත්ත ශක්තියෙන් වැඩ කරන්න පුළුවන් කාන්තාවක්.
 
ඔබ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ රඟපාන උදේනිගේ චරිතය ගැන කතා කළොත් ?
උදේනි කියන්නේ ලොකු ඉවසීමක් තිබෙන සහෝදරියක්. ඒ වගේම මවක්. මම ටෙලිනාට්‍ය 30ක 40ක විතර රඟපාලා තියෙනවා. නමුත් ඒ හැම චරිතයකටම වඩා දෙවැනි ඉනිමේ උදේනි කියන්නේ නිරායාසයෙන්ම දැනෙන චරිතයක්. සියලු තාඩන පීඩන දරාගන්නා වූ මිත්‍රශීලී අම්මා කෙනෙක් විදිහට තමයි මම උදේනිව ප්‍රේක්ෂකයන් හමුවට ගේන්නේ.
 
දෙවැනි ඉනිම නරඹන බොහෝ අය උදේනි වගේ අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඇත්තද?
දෙවැනි ඉනිමේ මගේ චරිතය ආදර්ශමත් අම්මාවරුන්ට බොහෝම ලෙන්ගතු එකක්. ඒ වගේම තරුණ හදවත් උදේනි වගේ අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ආදර්ශමත් අම්මලා මට කතා කරලා කියනවා හිමාලි ඔයා රඟපාන්නේ මගේ කතාවමයි කියලා. 
 
හිමාලි සයුරංගි කියන්නෙත් උදේනි වගේ අම්මා කෙනෙක්ද?
උදේනියි හිමාලියි ගොඩාක් සමානයි. මටත් ‍පොඩි බබෙක් ඉන්නවා. මම ගොඩක් වැඩ තනියම කරන කෙනෙක්. උදේනි වගේ හිමාලිත් ධාරණ ශක්තියෙනුත් ‍පොහොසත් නිසා හරියට ඒ දෙන්නා එක වගෙයි කියලා කියන්න පුළුවන්.
 
උදේනි නිසා හිමාලිට ගොඩක් අඬන්න වෙනවා කියන්නේ ඇත්තද?
අනේ ඔව්. ඒත් ඒ චරිතේ නිසාමත් නෙමේ. මට ඇත්තටම ගොඩක් ඇඬෙනවා. මොකද ඒ තරමටම මම ඒ චරිතයත් එක්ක ජීවත් වෙන්න පටන් අරගෙන. 
 
රඟපෑමට ආරාධනා බාරගනිද්දී ඔබ අධ්‍යක්ෂවරයා ගැනත් අවධානය යොමු කරනවා කියලා ආරංචියි ?
මම හොඳ අධ්‍යක්ෂවරයන් මත යැපෙන කෙනෙක්. මට රඟපාන්න ආරාධානා ලැබුණාම මුලින්ම අවධානය යොමු කරන්නේ අධ්‍යක්ෂවරයා ගැනයි. මාව හොඳට මෙහෙයවන්න පුළුවන් දුර්වල නැති අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට පමණයි මම දායක වෙන්නේ.
 
රංගනය, නර්තනය, ගායනය වගේම නිවේදනයෙන් හුඟක් දුර ගියපු ඔබට ඉදිරියේදී සැබෑ කරගන්න තවත් හීනයක් තියෙනවා කියන්නේ ඇත්තක්ද?
ඔව්. ඒක මගේ ජීවිතේ විශේෂ කඩඉමක් වගේම හීනයක්. මගේ අතින් ලස්සන නවකතාවක් ලියන එක තමා මගේ හීනය. මම කවදාහරි ඒ හීනයත් සැබෑකර ගන්නවා. 
 
ඔබෙන් පසු පැමිණි රංගන ශිල්පීන් දිහා බලද්දී මොකද හිතෙන්නේ ?
ඔවුන් පුදුමාකාර විදිහට දක්ෂයි. නමුත් එයාලා ගොඩාක් බාහිර පෙනුම ගැන හිතනවා. දර්ශනයක් කරන්න කලින් අනේ මගේ කොණ්ඩෙ අවුල් වෙලානේ, මේකප් ගිහිංද දන්නේ නැහැ අන්න ඒ වගේ දේවල්. ඉතින් අපේ තරුණ පරපුරට මම කියනවා බාහිර දේවල් ගැන වැඩිය හිතන්නේ නැතිව වෘත්තීය වෙනුවෙන් කැපවෙන්න කියලා.
 
හිමාලිට ඔය හැම දෙයක් එක්කම දැන් නර්තන ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?
පසුගියදා පැවැති රියැලිටි නර්තන තරගයකින් අපේ කණ්ඩායම තමයි ශූරතාවය දිනාගත්තේ. එහිදී මගේ දක්ෂතා පෙන්වන්න උපරිම අවස්ථාවක් ලැබුණා. ලංකාවේ විතරක් නෙමේ විදේශ නර්තන ප්‍රසංගවලටත් මට දැන් ආරාධනා ලැබෙනවා. 
 
සමන්මලී නැලිගම

පුංචි තිරය වගේම රිදී තිරය තුළත් ජනප්‍රිය තරු බවට පත් වීමේ වාසනාව උදා වූ  නළු නිළියන් සිටින්නේ අතළොස්සක් පමණයි. උදාරි වර්ණකුලසූරියත් මේ අන්ත දෙකම ජයගත් තරුවක්. මේ දවස්වල සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.00ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වන “සිහින සොයා” ටෙලි නාට්‍යය තුළින් උදාරි අපිට හමුවනවා. 
“සිහින සොයා” ෂූටිං ඉවරයි. මේ දවස්වල නම් ටෙලි නාට්‍යවලට කාලය යොදනවා අඩුයි. වැඩි කාලයක් යොදවලා තියෙන්නේ සිනමාවටයි. 
උදාරි රඟ පෑ “‍පෝරිසාදයා”, “අයි.ආර්.සී.” සහ “ඇලඩින්ගේ පුදුම පහන” කියන චිත්‍රපට 3ක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.
උදාරි රංගනය ජයගත්තේ රංගන කුසලතාවය වගේම ඈ සතු සුන්දර රුව නිසා කියලා මේ රටේ ප්‍රේක්ෂකයින්ට ඉතින් අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නැහැනේ. ඇය බොහෝ නිර්මාණවලදී සුන්දර පෙම්වතියගේ චරිතය තුළින් අපූරු රංගනයන් ඉදිරිපත් කළා. “බොඳ මීදුම්” ටෙලි නාට්‍යයේ සාරංග සමගත් “ආදරණීය කතාවක්” චිත්‍රපටයේ හේමාල් සමගත් ඇය මැවූ පෙම් රැඟුම් තවත් කාලයක් අපේ හිත්වල තියේවි. ඒත් දැන් ඇය එතැනින් එහාට ගිහින්. ඉදිරියේදී  ඇය ක්‍රියාදාම චිත්‍රපටයකටත් එක්වී සිටිනවා. “‍පෝරිසාදයා” චිත්‍රපටයේ ඇය රඟපාන්නේ සී.අයි.ඩී. ඉනිස්පෙක්ටර්වරියකගේ චරිතයක් 
“මම සටන් නිළියක් විදියට සාර්ථකද කියලා ප්‍රේක්ෂකයන්ට තමයි තීරණය කරන්න වෙන්නේ” උදාරි එහෙම කියනවා. පහුගිය කා‍ලේ ටෙලි නාට්‍යවල අහිංසක බොළඳ පෙම් චරිත රඟ පෑ උදාරි වර්ණකුලසූරිය සිනමාවේ ගහ මරා ගන්නා හැටි ඉදිරියේදී ඇගේ රසික පිරිසට දැක බලා ගන්න පුළුවන් වේවි. 
උදාරිගේ පුංචි දෝනි “ශෙනර්යා උමේරි” ගේ පස්වැනි උපන් දිනය මේ මාසේ උදා වෙනවා. ඒ වගේම ඇය පාසල් ගමනත් පටන් ගන්න සූදානම්. මේ දවස්වල උදාරි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ දියණියගේ කටයුතු වෙනුවෙන්. 
“සුජිත් මේ දවස්වල විභාගයකට සූදානම් වෙන හින්දා ලංකාවට එන්න විදියක් නැහැ. ඒ හින්දා දුවගේ උපන් දිනය ලොකුවට ගන්නේ නැහැ. “බ්‍රිටිෂ් ස්කූල්” එකේ එක වසරට දුව ඇතුළත් කරන්නේ අගෝස්තු මාසයේ. මේ දවස්වල එයාගේ කටයුතුවලට තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. 
පුංචි ශෙනර්යා හරිම හුරුබුහුටි දඟකාර දියණියක්. අනුකරණය හරිම අපූරුවට ඉදිරිපත් කරන්න ඇයට පුළුවන්. මතු දාක ඇයත් රංගනයට එයිද දන්නෑ. 
“දැනටත් අධ්‍යක්ෂවරු දෙන්නෙක් එයාව ඉල්ලුවා. ඒත් එයා දඟයිනේ. ඒ නිසා දර්ශන තලයට ගියාම මොනවා කරයිද දන්නේ නැහැ. සමහර දාට මම එයාව ෂුටිං එක්ක යනවා. මම රඟපාන කොට පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අධ්‍යක්ෂ “ඇක්ෂන්” කියද්දී මෙයා “කට් කියනවා” 
උදාරි තමන්ගේ චූටි දෝනිගේ ක්‍රියාකාරකම් ගැන එසේ පැවැසුවා. 
“මම ටී.වී. ‍ප්‍රෝග්‍රෑම්වල “ආයුබෝවන් කියන විදියට එයත් කරල පෙන්නනවා. අරහෙන් මෙහෙන් අහුල ගත්තු වචන කෑලි කියනවා. මොකක් හරි වුණ හැටියේ “ඔබට සතුටුයිද දැන්” කියලා අහනවා.....” 
සමහර වෙලාවට පුංචි ශෙනර්යා දේශපාලනඥයින් විදියටත් කතා කරලා පෙන්නන බව උදාරි පැවසුවේ හිනාවෙවී. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

පසුගියදා තායිලන්තයේ පැවැති ‘Mister Globle -2017’ තරගාවලියේ Best National Costumes ශූරතාව හිමි වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වූ මෙනුක අල්විස්ටයි. කඩවසම් රුවක් ඇතිව නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසෙන මෙනුක මේ වන විට ගීත රූප රචනා දෙකකටද රංගනයෙන් දායක වී තිබෙනවා. නමුත් ඒ  ගීත රචනා දෙකම මෙරට ආන්දෝලනයට ලක්වූ ඒවා. 
 
‘Mister Globle -2017’ තරගයෙන් ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. රටවල් 34ක් මේ තරගයට සහභාගි වුණා. “මුරගල” සංකේතවත් කරමින් අමිල උදය පෙරේරා නිර්මාණය කළ ඇඳුම තමයි මම එහිදී ඉදිරිපත් කළේ. එයට ජයග්‍රහණය හිමිවුණා.
 
මෙනුක මින් පෙර මෙවැනි තරගාවලින් ජය ලබලා තිබෙනවාද?
මීට කලින් මම Mister Sri Lanka 2016 තරගයට ඉදිරිපත් වෙලා අවසන් 5 දෙනා අතරට ආවා. ඒ වගේම “Colombo Fashion”ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය ශිල්පීන් 8 දෙනාගෙන් කෙනෙකු වූයේ මම. අනෙක් සියලුදෙනාම ඉන්දියානු ශිල්පීන්.
 
මෙනුකගේ පෞද්ගලික ජීවිතයේ විස්තර ටිකක් කතා කළොත්?
දැනට මම “ඉන්ස්ටියුට් ඔෆ් චාටඩ් එකවුන්ටන් ශ්‍රී ලංකා” ආයතනයේ සේවය කරනවා. මගේ ගම ගාල්ල. ඉගෙන ගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. නිරූපණ ක්‍ෂේත්‍රයේ මගේ ගුරුවරිය රොසෑන් ඩයස්. ‘Mister Globle -2017’ තරගයට මාව යොමු කළේ සමීර වීරසිංහ. බ්‍රයන් කකෝවන් සහ මයිකල් විජේසූරියත් මම මේ මොහොතේ සිහිපත් කරනවා.
 
නිරූපණ ශිල්පියකුට අමතරව මෙනුක දැන් නළුවෙක්. එහෙම නේද?
ඔව්. මේ වෙද්දී මම ගීත රූප රචනා දෙකක රඟපාලා තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටයක රඟපෑමටත් සූදානමින් ඉන්නවා. 
 
ඕෂධි හිමාෂා සමග “ආශාවරි” ගීත රූප රචනයෙත් ටීනා සමග “වෙන්න තියෙන” ගීත රූප රචනයෙත් ඔබ කළ ශෘංගාරාත්මක රංගනයන් ආන්දෝලනයට ලක්වුණා.
ඒ ගැන විවිධ අය විවිධ මත පළ කළා. මුලදී මගේ තාත්තත් ඇහුවා මේ වගේ දේකට ඉදිරිපත් වුණේ ඇයි කියලා. යාළුවොත් විවිධ අදහස් පළ කළා. ඒ හැමෝටම මම තේරුම් කළා මේක රංගනයක් බව. රංගනයේදී අපිට අනවශ්‍ය සීමා පනවාගන්න බැහැනේ.
 
ඒ කියන්නේ චිත්‍රපටයක නිරුවත් හෝ ලිංගික දර්ශනයකට වුවත් මෙනුක ඉදිරිපත් වෙනවා.
නිර්මාණය ගැන හිතලා මගේ චරිතය ගැන බලලා, අධ්‍යක්ෂවරයා එක්ක කතාබහ කරලා ශ්‍රී ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ ඉඳගෙන තමයි කරන දෙයක් කරන්නේ.
 
චන්ද්‍රලතා තන්ත්‍රීගේ

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති “ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩල් වර්ල්ඩ් - 2017” තරගයේ කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ රටවල් 20ක නිරූපිකාවන් පරදවමින්. මේ වන විටත් නිරූපණයෙන් රංගනයට පිවිස සිටින චුලක්ෂි මේ අන්ත දෙකේම දස්කම් පාන සුරූපිනියක්. 
 
චුලක්ෂි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකකට ඉදිරිපත් වෙලා ඒ දෙකෙහිම කිරුළු දැරුවා. එහෙම නේද?
ඔව්. මම 2014දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා කිරුළ හිමිකර ගත්තා. 2017දී ඉන්ටර් නැෂනල් බෙස්ට් ෆීමේල් මොඩ්ල් වර්ල්ඩ් 2017 තරගයට ඉදිරිපත් වෙලා ජාත්‍යන්තර ජයකුත් හිමිකර ගත්තා.
 
නිරූපණයට අවස්ථාව හිමිවුණෙත් රූපයෙන් ලැබූ ජයග්‍රහණයක් නිසා නේද?
ඔව්. 2012දී ලක් රුවැත්ති තරගයෙන් දිනලා තමයි මට නිරූපණයට අවස්ථාව ලැබුණේ.
 
නිරූපණයෙන් රංගනයට පිවිසුණේ කොහොමද?
ඒ පසුගිය අවුරුද්දේ. මගේ ප්‍රථම චිත්‍රපටය තමයි දේදුනු ආකාසේ. මට එහිදී රඟපාන්න තිබුණේ හේමාල් රණසිංහ එක්ක. ළඟදීම එය තිරගත වේවී. 
 
රඟපෑම එතැනින් නතර කළාද?
නැහැ. නැහැ. දිගටම රඟපානවා. ඒත් මම ටෙලිනාට්‍ය ගැන ලොකු උනන්දුවක් නැහැ. මට අවශ්‍ය සිනමා තාරකාවක් වෙන්නයි. හොඳ චිත්‍රපට ලැබුණොත් රඟපානවා.
 
නිරූපණයටයි රඟපෑමටයි යොමු වීම පුංචි කා‍ලේ ඉඳන් මැවූ හීනයක්ද?
මම පාසල් යන කා‍ලේ යොමුවෙලා හිටියේ පැසිපන්දු ක්‍රීඩාවට. පාසල් යන කා‍ලේ මම ජාතික පැසි පන්දු පාසල් ක්‍රීඩා කණ්ඩායමට පවා තේරිලා හිටියා. ඒ කා‍ලේ මම හීන මැව්වේ ඒ තුළින් ඉදිරියට යන්න.
 
ඒ හීනය බිඳිලා ගිහින් ඔබ වෙනස් මගකට යොමුවුණේ කොහොමද?
මගේ අයියා රුසිරු රණතුංග, ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහු නිසා තමයි මමත් පැසිපන්දු ක්‍රීඩාවට යොමුවුණේ. ටික  කාලෙකට අයියා විදෙස් ගත වුණා. මම නිරූපණයට යොමු වුණා. නිරූපණයයි ක්‍රීඩාවයි දෙකක් එකට පවත්වාගෙන යාම අසීරුයි. ඉතින් ක්‍රීඩාවෙන් බැහැරවෙලා නිරූපණයයි, රංගනයයි සඳහාම යොමුවුණා. දැන් බලා‍පොරොත්තුව ඒ තුළින් ඉදිරියට යන එක. මගේ ඒ ගමනට උදව් කළ රොසෑන් ඩයස්, බ්‍රයන් කකෝවක්, සේනක ද සිල්වා වගේම, මෙම තරගයේදී උදව් කළ කමිල්වත් මම ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.
 
චුලක්ෂිගේ සාමාන්‍ය තොරතුරු දැනගන්නත් රසික පිරිස කැමැති වේවි?
මගේ ගම නිට්ටඹුව. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව විදුහ‍ලේ. දැනට වෘත්තිය වශයෙන් නිරූපණ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.
 
චුලක්ෂිගේ ආදරවන්තයා ගැන කියන්නේ නැද්ද?
ආදරය ගැන විතරක් කතා නොකර ඉමු.
 
චන්ද්‍රලතා තන්ත්‍රීගේ

Page 1 of 4

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 573

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1290

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 472

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2032

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2078

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 924

Please publish modules in offcanvas position.