Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කාශ්‍යප රජුගේ දරුවන් නමින් විහාරයක් කරවා පූජා කරයි

සීගිරිය කාශ්‍යප රජුගේ වාසභවනය වීමට පෙර එහි  ලෙන්වල භික්ෂුන් වාසය කරන ලද බව ඉහතින්  දක්වා ඇත. එයට සාධක ලෙස එහි ලෙන්වල  ඇති ලිපි දැක්විය හැකිය. ඒවා මෙසේය.
1. පරුමක කඩිය පුත .... ප්‍රමුඛ කඬිගේ පුත්‍ර
2. පරුමක තිරිපුත අඛික්ධය ලෙණෙ ප්‍රමුඛ තිරිගේ පුත්‍ර අබික්ධිගේ ලෙණ (පුදන ලදී)
3. පරුමක නගුලිය ලෙණෙ ප්‍රමුඛ නගුලිගේ ලෙණ (පුදන ලදී)
4. පරුමක තිහ පුත බමදතහ ලෙණෙ ප්‍රමුඛ තිස්සගේ පුත්‍ර බ්‍රහ්මදත්තගේ ලෙණ (පුදන ලදී)
5. උපශක උතරශ ච උපශික තිශය ච ශදය ලෙණෙ උත්තර උවසුගේද තිස්සා උවැසියගේද සම අයිති ලෙණ (පුදන ලදී)
6. උපශක උතරහ ලෙණෙ උත්තර උවසුගේ ලෙණ (පුදන ලදී)
7. 1. අබල වාබර සලහ
2. ලෙණෙ වෙසාය තොසාච සියඹලා වෙළඳ ව්‍යාපාරික සලගේ ලෙණ වෛශ්‍යා  තොසා ගේද (පුදන ලදී) මේ ලිපිවල එන නම්, කඩි (කාළි) තිරි (ශ්‍රී) අබික්ධි (අභිජිත්) නගුලි (ලාංගලී) තිශ (තිෂ්‍ය) බමදැත (බ්‍රහ්මදත්ත) උතර (උත්තර) තිශ (තිස්සා) හා උපශක (උපාසක) උපශික (උපාසිකා) පරුමක (ප්‍රමුඛ) යන විරුද මේ ප්‍රදේශයේ රා.ව. පූර්ව යුගයේ  සමාජ රටාව  ගැන යම් යම් කරුණු පැහැදිලි කරයි. මෙහි දැක්වූ හත්වන ලිපිය විශේෂයෙන්  අවධානයට යොමු විය යුත්තකි. ලෙණ පිදූ දායකයා  සල නම්වේ. එනම් සාල, සල් යනුවේ. ඔහු අබල (අම්බල ඇඹුල් - සියඹලා) වෙළෙන්දෙකි. සල සමග හවුල් වී ඇති තොස (තෝසා) ගැහැනියකි. ඇය වෙසාය යනුවෙන් වෙසෙසා තිබේ.  ඉන් සංස්කෘත වෙශ්‍යා, පාලිවෙසි, සිංහල - වෙසඟන යන අර්ථ වෙයි. මෙබඳු යෙදුම් පැරණි සාහිත්‍ය ‍පොත පතේ සඳහන් වෙතත් එක් තැනැත්තක අරමුණු කර යොදා නැත.
රාහුල හිමියන් සැලළිහිණි සංදේශයේ වෙසඟන තුගුතණ යුගරෝන් කොකුමගර විසින්ද ධර්ම ග්‍රන්ථයේ වෙසියානු පදිස්සති ආදී වශයෙන් එය දැක්වේ. සෙල්ලිපියේ කෙළින්ම එක් කාන්තාවක අරමුණු කර යොදා තිබිමෙන් එදා සමාජ රටාව පිළිබඳව කිසියම් විමතියක් ඇතිවීම වැළකිය නොහැකිය.
ලෙන් පූජාවන්ට අමතරව සීගිරියේ  තවත් ආගමික ගොඩනැගිලි ඉදිවී ඇත. කාශ්‍යප රජුම සිය දූවරුන්ගේ නමින් සීගිරියේ විහාරයක් කරවා ධර්මරුචි නිකායට පිදුවේය.
පළමුවන මුගලන් (497-515) රජු එහි දළහ හා දාඨාකොඤ්ඩඤ්ඤ නමින් විහාර  දෙකක් කරවා ධර්මරුචි (අභයගිරි) සාගුලික (ජෙතවන) යන නිකාය දෙකට දුන් බව  මහාවංසය දක්වයි. එසේම තවත් ආරාමයක් කරවා අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙණේ  මහානාම තෙරුන්ට පූජා කර ඇත. මුලින් භික්ෂුවාශයක් වූ සීගිරිය කලාගාරයක් වී නැවත විහාරයක් ලෙසට පරිවර්තනය වූයේය.
සීගිරියට ආසන්නව පැරණි පුදබිම් ගණනාවක් වෙති.එඬේරගල, මහානාපම් වෙහෙර, වියවුල්‍පොත, දිගන්පතහ හා කුඹුක්කඳන්වල, කිබිස්ස ආදී මේ තැන් අතීතයේ වැදගත් පුදබිම් විය.
සීගිරියට උතුරින් ආසන්නව පිහිටි පිදුරන්ගල විහාරය දළ වශයෙන්වත් පැහැදිලි කළයුතු තැනකි. කාශ්‍යප රජු සිය  දූවරුන් ලවා රං තබා පිදූ නිසාපිදුරන්ගල වීයැයි ජනප්‍රවාදයේ දැක්වෙන මේ පුදුබිම දියුණු ආරාමයක් විය. එහි කන්ද මුදුනේ  ඇති සුවිශාල  ලෙණ තුළ කරවා ඇති මහා බුද්ධ ප්‍රතිමා  වහන්සේ විශේෂ නිර්මාණයකි. මෙහි සීගිරියේ  චිත්‍රවලට සමාන චිත්‍ර ද ලෙණ තුළ වෙයි.
පහළ ලෙණක පසු කලකට අයත් ලෙන් විහාරයකි. සමබිමේ බෝධිඝර  ආදී ආරාමිකාංග කරවා තිබි ඇත.  මෙහි ඇති ලිපි කීපය ද මෙහි දැක්වීම සුදුසු යැයි සිතේ.
1. තටයක සමන අපහි කරවි ලෙණගෙ
තටයක (වසන) අභය ශ්‍රමණයන් විසින් කරවන ලද ලෙන් ගෙයයි.
2. හුළුවඩු දළගනයුනකය එක අමණක චජව ..... කහවණ එක තටයක ....
උළුවඩු දළගන යුනක විසින් එක් අමුණක ....
කහවණු එක තටයක (දෙන ලදී)
3. කොලගම ශිව පුත මක්ධිමයශ කධිනය තිශදෙවිය ලෙණෙ ශගශ දිනෙ තිශදෙවිය ශදයෙ මඩන ගරදිඩගම විමනග බරිය.
කොලගම සිවගේ පුත්‍ර මජ්ක්ධිම කුමරුගේ දියණිය වූ තිස්සා දේවියගේ ලෙණ සංඝයාට දෙන ලදී. තිස්සා දේවියගේ සමපිදුම ගරදිඩ ගමේ විමනග (භීමනාග) ගේ බිරිය වූ මණ්ඩනාය.
4. ...... කනන තිශහ ලෙණෙ
....... කනන තිස්සගේ ලෙණ (පුදන ලදී)
අභය ශ්‍රමණයන් කරවන ලද ලෙන්ගෙය විශේෂ යෙදුමකි. හුළුවඩු යනු ඉටඨක වඩ්ඩකි - ගඩොළු කපන්නාය. මක්ධිමයශ (මක්ධිම + අය) මජ්ක්ධිම  කුමාරයාගේ යනුවෙන්  වෙන්කර ගත යුතුවේ. ඔහු රාජකීයයෙකි. එහෙත් ඔහුගේ  පියා වූ කොලගම සිව ගැන එබඳු තත්ත්වයක් දක්වා නැත. පිදුරන්ගල මේ ප්‍රදේශයේ දියුණුව පැවැති පුදුබිමකි. කාශ්‍යප  රජුගේ දියණියන් බුදපුදට ගියේ මෙතැනට බව ජනමතයයි.
පුරාවිද්‍යා චක්‍රවර්තී
එල්ලාවල
මේධානන්ද
නාහිමි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 660

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 2525

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3297

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

IMAGE 2017 Sep 21 11:42
පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ'...
Views - 2431

කුස තුළ දරුවන් නොමරා අපට බාර දෙන්න

IMAGE 2017 Sep 21 09:43
“අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි...
Views - 1329

හෙළ කලා අඹරේ රජ ඔටුණු පැළඳේ

IMAGE 2017 Sep 21 00:50
පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් ‍පොකුණ...
Views - 5715

Please publish modules in offcanvas position.