lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

පාරම්පරික වී සම්පත ජාන කොල්ලකරුවන්ට බිලිවීමේ අවදානමක්

එය 1980 දශකයේ එක්තරා දවසකි. කෘෂිකර්ම පුහුණුවක් සඳහා ලංකාවෙන් ගිය නිලධාරීහු කණ්ඩායමක්, ජපානයේ කිසියම් අධ්‍යයන ආයතනයක සැසිවාරයකට සහභාගීවෙමින් සිටියහ. එදින දේශකයා වූයේ ජපන් ජාතික මහාචාර්යවරයෙකි. පැමිණ සිටි පිරිස ලංකාවේ අය බව ඇසූ ඔහු මහත් සතුටට පත් විය. ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා හොඳ තත්ත්වයේ පවතින බවත්, එය සුන්දර රටක් බවත් මහාචාර්යවරයා කීය. ඉන්පසුව ඔහු ප්‍රශ්නයක් ඇසුවේය.
උඹලාගේ රටේ දස මහා යෝධයෝ කියලා කට්ටියක් ඉඳලා තියෙනවා. උඹලාගේ රජවරු ඒ අයට කන්න දීලා තියෙන සහල් වර්ගය මොකක්ද? යන්න, ජපන් මහාචාර්යවරයාගේ ප්‍රශ්නය විය.
ලංකාවේ පිරිස මුහුණට මුහුණ බලා ගත්හ. නවීන පන්නයේ රසායනික ගොවිතැන පිළිගෙන සිටි ඔවුන් එවන් දෙයක් දැන සිටියේ නැත. ජපාන මහාචාර්යවරයා ලංකාවේ දස මහා යෝධයන් ගැන දැනුවත්ව සිටීම පවා මහත් කුතුහලයක් ගෙන දිණි. අවසන මහාචාර්යවරයා තමන් ඇසූ ප්‍රශ්නයට තමන්ම උත්තර බැන්දේය.
ඒ තමයි උඹලාගේ රටේ තිබෙන අකුරම්බඩ වී ඒවායේ සහල් තමයි උඹලාගේ රජවරු යෝධයන්ට කන්න දීලා තියෙන්නේ
ලංකාවෙන් ගිය පිරිස තුෂ්ණිම්භූත වූහ.
ලංකවේදී උඹලාගේ මිනිස්සු තමයි මේවා අපට කියලා දුන්නේ.'' මහාචාර්යවරයා තවදුරටත් පැහැදිලි කළේය.
මේ කතාව ලියුම්කරු සමග පැවැසූවේ, ප්‍රකට ගොවි නායකයෙකු වන ‍පොළොන්නරුව කවුඩුල්‍ලේ එම්.කේ. ජයතිස්සය. කලකට ඉහත, තමන් සහභාගි වූ ගොවි පුහුණු පන්තියක දේශනයකට පැමිණි ඩබ්ලිව්.ඒ.එල්. අබේසිංහ නමැති කෘෂි විද්‍යාඥයෙක්, සිය කතාවේදී අකුරම්බඩ වී ගැන පුවත අනාවරණය කළ බව හෙතෙම පැවැසීය. ජයතිස්ස පැවැසූ ආකාරයට, ඩබ්ලිව්.ඒ.එල්. අබේසිංහ අකුරම්බඩ වී ගැන සඳහන් වුණු ජපානයේ පැවැති පුහුණු වැඩසටහනට සහභාගි වූ කණ්ඩායමේ කෙනෙකි.
මෙය වසර විස්සකටත් වඩා පැරණි කතාවක් බව ඇත්තය. එහෙත් එයින් කියැවෙන ‘යටිපෙළ අරුත’ වර්තමානයට බොහොම වටින්නේය. 1980 දශකයේදී පවා ජපාන කෘෂි විද්‍යාඥයන් අපේ දේශීය පාරම්පරික වී සම්පතෙහි විශේෂතා ගැන දැන සිටි බව හෙළිදරව් වීම එයට හේතුවය.
වර්තමානයේ ලංකාවේ ‘දේශීය පාරම්පරික වී සම්පත’ ජාන සම්පත් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමේ අවදානමක් පැන නැගී තිබේ. එයින් නිපැයෙන බත, ‍පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් බව ලෝකයට හෙළිදරව්වීම, ඊට හේතුවයි. එයට දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග පාලන හැකියාවද ඇති බව, ‘කාර්මික තාක්ෂණ ආයතනය සහ තවත් පර්යේෂකයන් මෑතක කළ විද්‍යාත්මක පර්යේෂණ ද මගින් අනාවරණය විණි. පර්යේෂණවල තොරතුරු ජාත්‍යන්තර මට්ටමේ විද්වත් ප්‍රකාශනවල ද පළ විය. ඊට පෙර පටන්ම දේශීය පාරම්පරික සහලෙහි දැඩි ඖෂධීය සහ පෝෂණීය ගුණ පැවැති බව දේශීය වෙදකම් ඔස්සේද ලංකාවාසීහු දැන සිටියහ.
එබැවින් කවුඩුල්‍ලේ එම්.කේ. ජයතිස්ස පවසන පැරණි කතාවට දැන් යම් අවධානයක් දැක්විය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව ඉතා ඉහළ ෙජෙව විවිධත්වයක් ඇති රටකි. ගහකොළ, සතා සීපාවා මෙන්ම අනෙකුත් ක්ෂුද්‍රජීවීන් සම්බන්ධයෙන් එය මැනවින් කැපී පෙනෙයි. අපේ ෙජෙව විවිධත්වය තුළ හමුවන ශාක, සත්ව සහ ජීවී විශේෂ බහුතරයක් ශ්‍රී ලංකාවට ආවේණිකය. එබඳු ශාක, සත්ත්ව සහ අනෙකුත් ජීවී විශේෂ ලොව අන් කිසිදු රටකින් හමු නොවන්නේය යන්න එහි අර්ථයයි.
එය අපූර්ව කාරණයකි. ඒ නිසාම දැනට දශක තුනක පමණ කාලයක සිට ලංකාවේ ෙජෙව සම්පත්, විදේශීය කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වී තිබේ. එය ඉතා ප්‍රබල, එමෙන්ම ඉතා ඉහළ ආදායම් ලැබෙන ජාවාරමකි. ලංකාවේ හමුවන ශාක, සත්ව සහ අනෙකුත් ජීවී විශේෂ මගින් ඖෂධ, ‍පෝෂණීය ආහාර සහ පාන වර්ග නිපදවිය හැකි බවත්, දියවැඩියාව ආදී බෝ නොවන රෝග තත්ත්වයන් එයින් පාලනය කළ හැකි බවත් ඔවූහු දනිති. අපේ ෙජෙව සම්පත්වලින් යම් යම් දෑ නිපදවා, ඒවා ඔවුන්ගේ නමට ජාත්‍යන්තර ‘පේටන්ට් බලපත්‍ර’ ලබා ගෙන, ඉහළ ආදායම් උපදවා ගැනීම ජාවාරමේ ස්වභාවයයි. ලංකාවේ ඖෂධීය ශාක සම්පත, රටවැසියන්ගේ විවිධ ලෙඩ රෝග මැඩපැවැත්වීම සඳහා අනාදිමත් කාලයක් මුළුල්‍ලේ භාවිත කෙරිණි. ඒ ගැන කරුණු සම්භාරයක්ම දේශීය වෛද්‍ය ග්‍රන්ථ සහ වෙද පරම්පරා සතුව පැවැති පෞද්ගලික බෙහෙත් වට්ටෝරුවලද සටහන්ව තිබිණි. 1990 දශකය තුළ ඒවා ද කොල්ලයට ලක් විය.
ලංකාවේ ෙජෙව සම්පත එවන් ජාත්‍යන්තර ජාවාරමකට හසුව ඇති බව බරපතළ ලෙස හෙළිදරව් වූයේ 1998 වසරේ ජුනි මස 28 වැනිදාය. දේශීය කොතලහිඹුටු ශාක කොටස් මෙට්‍රික් ටොන් හතරකට අධික තොගයක්, අතිශයින්ම හොර රහසේ, නීති විරෝධීව ජපානයට අපනයනය කරන්නට යද්දී රේගු නිලධාරීන් අත්අඩංගුවට පත්වීම, එම සිද්ධියයි. වැටලීම් මෙහෙය වූයේ එවකට ලංකා රේගුවේ වනජීවී කාර්ය සාධක බළකායේ’ (පසුව රේගුවේ ‘ෙජෙව විවිධත්ව ආරක්ෂණ ඒකකය’) ප්‍රධානී, රේගු අධිකාරී සමන්ත ගුණසේකර ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. ජපාන සමාගමක් අපේ කොතලහිඹුටුවලින් දියවැඩියා රෝග පාලන ඖෂධ නිපදවන බව, රේගු විමර්ශනවලදී හෙළිදරව් විය. (1998 වසරේ අගෝස්තු මස 16 වැනිදා ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’, සිය මුල් පිටුවේ ඡායාරූපය ඔස්සේ සිද්ධිය අනාවරණය කළේය.)
ඒ සමගම බොහෝ දෙනාගේ ඇස් ඇරුණි. ලංකාව හසුවී සිටින ජාන සහ ෙජෙව සම්පත් මංකොල්ලය, නොරටුන්ට අධික ලාභ ගෙන දෙන, ලංකාවේ අපට කිසිදු ලාභ ප්‍රයෝජනයක් (එක ඩොලරයක්වත්) නොලැබෙන කූට ජාවාරමක් බව එයින් පසක් විය. මුල් කාලයේ එනම් 1940 දශකයෙන් පසුව මේ ජාවාරමට බිලි වූයේ ‘බිබි‍ලේ දොඩම්’ ය.
පසුව දේශීය කරවිල, මස්බැද්ද, ඒකාවේරිය, ගම්මාලු, හීන් අරත්ත, සෙම් රෝග සඳහා පානය කරන පස්පංගු කසාය, දේශීය බිනර මල්, කෙකටිය ආදී ඖෂධීය මෙන්ම විසිතුරු ශාක ද, සංයෝග ද කොල්ලයට බිලි විණි. දිවි මකුළුවන්, මහගල් හූනන්, කැදලි තුරීතයන්ගේ කූඩු, දේශීය විසිතුරු මසුන් වැනි වනජීවීන් ද ජාවාරමට හසු වූහ. එකල ජාවාරමේ තිරය පිටුපස රඟ දැක්වීම් කළේ ජපානය, ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඖෂධ සමාගම්ය. ඔවුන්ගේ සහය පිණිස ‘ඩොලර් කුට්ටි’ ගිල දැමූ උගත් දේශීය ඒජන්තවරු ද උන්හ.
ජාවාරමට එරෙහිව එකල බොහෝ පරිසරවේදීහු සටන් වැදුණහ. ඔවුන් එක හඩින් කියා සිටියේ දේශීය ෙජෙව සම්පත් විදෙස්ගත කිරීම් පාලනය කිරීම පිණිස විශේෂ නීති රෙගුලාසි පැනවිය යුතු බවයි. එසේම තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ත්ව විශේෂ සඳහා ෙනෙතික ආරක්ෂාවක් පැනවිය යුතු බවයි. රටේ පාලකයෝ එවන් පියවර නොගත්හ. ‍පොරොන්දු පමණක් දුන්හ.
එසේ වුවද ශ්‍රී ලංකා රේගුවේ ෙජෙව විවිධත්ව ආරක්ෂණ ඒකකය, ලංකාවේ ෙජෙව සම්පත් අනවසරයෙන් එතෙර යැවීමට එරෙහිව විශාල වැඩ කොටසක් කරගෙන ගියේය. රේගු අධිකාරී සමන්ත ගුණසේකර එහි නියමුවා විය. සටනෙහි යෙදුණු පරිසරවේදීන්ට නීති සහය ලැබුණේ, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධනගෙනි.
2010 දශකය මුල් භාගයේදී ලංකාවේ ‘වල්ලපට්ටා’ ශාකයද මෙබඳු ජාවාරමකට හසු විණි. එය පාලනය කර ගන්නට පවා අසීරු විය. එයින් රටට ලැබිය හැකි ආර්ථික වාසිය පවා අත්කර ගන්නට රටේ පාලකයන්ට නොහැකි විය. ‘වල්ලපට්ටා’ජාවාරම පාලනය කර රටට හිතකර පරිදි මෙහෙයවා ගන්නට නොහැකි වීම, වර්ෂ 1998 දී පටන්, රටේ ෙජෙව සම්පත වෙනුවෙන් පරිසරවේදීන් නැගූ හඬ පාලකයන් විසින් ගණන් නොගත් බව පෙන්නුම් කරන හොඳම නිදසුනයි.
ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වෙනදාට වඩා වැඩි අවධානයක් දිනා ගනිමින් තිබෙනුයේ මෙවන් පසුබිමකය.
දැනට ක්‍රියාත්මක වන ආකාරයට, ලංකාවේ ෙජෙව සම්පත් සම්බන්ධයෙන් ප්‍රධාන ෙනෙතික ආරක්ෂකයා වන්නේ ‘1999 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතයි“ ඊට අමතරව ‘ශාක ආරක්ෂණ පනත’, ‘වන ආඥා පනත’ සහ රේගු ආඥා පනත ආදී තවත් අණ පනත්වල සහය ද එයට ලැබේ.
‘1999 සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත’ යටතේ, විවිධ වර්ගවලට අයත් සත්ත්ව සහ ශාක විශේෂ රාශියක් ‘ආරක්ෂිත’ තත්ත්වයට පත් කර තිබේ. එහෙත් ඒවා හෝ ඒවායෙහි කොටස්, යුෂ නිස්සාරක ආදිය අපනයනය කිරීමට එරෙහිව තහනම් නීති පනතෙහි සඳහන් නොවන බව තතු දන්නා අයගේ මතයයි. නීති ගැන දන්නා ඇතමුන් එම අදහස ප්‍රතික්ෂේප කරති. ඔවුන් කියන්නේ පනතින් ආරක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ඒවා විදෙස්ගත වීම්ද තහනම් වන බවයි. කෙසේ හෝ වේවා දැනට බලාත්මකව පවතින අණ පනත්වල පවා විවාදාපන්න තත්ත්වයක් ඇති බව එයින් පෙනේ.
කෙසේ වෙතත්, ලංකාවේ ඇති වී ශාකවල ‘වනගත දර්ශ’ (වල් වී) මිස, දේශීය පාරම්පරික වී වර්ග (ප්‍රභේද) එකක්වත් මේ කිසිදු පනතකට ඇතුළත්ව නැත. ඒවා විදේශගත කිරීම තහනම් යැයි විශේෂ නීතිද පනවා නැත.
ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පත ගැන මහජන කතිකාවක් හට ගත්තේ, රජරටින් ඇරඹි, තවමත් දිවයිනේ වියළි කලාපීය පෙදෙස්වල පැතිරෙමින් තිබෙන මාරාන්තික වකුගඩු රෝගයේ විලාපයද සමගිනි. ඒ සමගම දියවැඩියාව, පිළිකා සහ හෘද ආදී බෝ නොවන රෝග පැතිරීම වැඩි වීමේ තත්ත්වයද, ඒවා ගැන කෙරුණු විවිධ පර්යේෂණද දේශීය පාරම්පරික වී සම්පත ගැන මහජන කතිකාවක් හට ගැනීම කෙරෙහි බලපෑවේය. එයින් මුළු රටම වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ කතිකාවකට තල්ලු වී ගියේය. එහි පුරෝගාමී ගොවිතැන වුයේ දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමයි. එයින් නිපැයෙන බත අනුභව කිරීමයි. අද ලංකාවේ වී ගොවීහු විශාල පිරිසක් එහි නියැලී සිටිති.
රට එවන් තැනකට තල්ලු වී ගියේ නිකම්ම ද නොවේ. ‘හරිත විප්ලවය’ ලොවට පිළිසිඳුණු වර්ෂ 1960න් පසුව, දේශීය පාරම්පරික වී වර්ග සුරැකීමට දිවි කැප කළ පුරෝගාමී ගොවීන් අතලොස්සකගේ ව්‍යායාමය නිසාය. නවීන ගොවිතැන පිළිකෙව් කළ ග්‍රාමීය ගොවීන්ද ඔවුන්ට උදව් කළහ. ඇලෙක්ස් තන්ත්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් ඒ අතර ප්‍රමුඛයෝය. දේශීය වී වගා කරන්නට රාජ්‍ය නොවන සංවිධානවල සහයද ලැබිණි.
එකල දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට රාජ්‍ය අංශයේ සහායක් නොලැබුණේය. ඔවුන් සිටින්නේ නවීන රසායනික ගොවිතැන පැත්තේය. ‘හරිත විප්ලවය’ එන්නට පෙර ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ග 4000ක් පමණ පැවැතියේ යැයි කියනු ලැබේ. නවීන ගොවිතැන ප්‍රචලිත වෙත්ම ඒවා අභාවයට ගියේය. එබැවින් ඒවා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම මහත් අසීරු කටයුත්තක් විය.
දැන් තත්ත්වය බොහොම වෙනස්ය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය, වස විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන තැනට ඔසවා තැබිය. වර්තමාන මෛත්‍රී - රනිල් රජයද එය පෙරටත් වඩා වේගයෙන් ඉදිරියට ගෙන යනු පෙනෙයි. වස විසෙන් තොර දේශීය පාරම්පරික වී වගා කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද පෙනෙයි. තතු දන්නා අය කියන්නේ, දැනට දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රට පුරා ගොවීන් අත සංසරණය වෙමින් පවතින බවය. මේ සියල්ල ඉතා යහපත් ප්‍රවණතාවයන්ය.
ඉතින්, වර්තමානය වූ කලී, දේශීය පාරම්පරික වී සම්පත පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් බවට විද්‍යාත්මකව කරුණු හෙළි වුණු සමයකි. වස විස රහිත දේශීය පාරම්පරික වී ගොවිතැනක්, රාජ්‍ය අනුග්‍රහයද සහිතව රට පුරා ව්‍යාප්ත වෙමින් යන සමයකි. එවන් සමයක දේශීය පාරම්පරික වී සම්පත ෙජෙව සම්පත් මංකොල්ලකරුවන්ගෙන් රැක ගන්නට ජාතික මට්ටමේ ෙනෙතික වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම නොපමාව කළ යුත්තකි. රටේ පාලකයන්ට එවන් දැක්මක් ඇති බවක් නොපෙනෙයි. එය මහත් ඛිෙදජනකය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

ඡායාරූප: ෆ්‍රෑන්ක් ද සොයිසා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 792

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.