lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

ලෝක නාවික වෙළෙඳාමේ ලාංකේය ලකුණ - 02

‘සිද්ධම්! ගොඩපවත පටනෙහි!

ශිලා ලේඛන, පුරාවිද්‍යා පර්යේෂණ සහ මෑතක හෙළි වුණු අනෙකුත් කාරණා ගැන බලන විට, අතීත ලංකාව විදේශ වෙළෙඳාම් කෙරෙහි පුළුල් සම්බන්ධයක් දැක්වූ බව පෙනී යයි. එය ලොව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇරඹුණු යුගය තරම් පැරණි ය! ඒවා මෙසේ අධ්‍යයනය කරමු.

ගොඩවායේ දැවමුවා නෞකාව
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොඩවායට නුදුරු මුහුදු පත්ලෙන්, 2008 වසරේ දී ඉපැරණි දැවමය නෞකාවක නටබුන් සොයා ගැනුණි. නෞකාවේ නටබුන් ක‍්‍රි. පූ. 02 වැනි සියවසට අයත් වේ. එනම්, එය අදින් වසර 2200ක් පැරණිි නෞකාවකි.
ක‍්‍රි. පූ. 02 වැනි සියවසෙහි දී  ද, ලංකාව ආශ‍්‍රිතව (ගොඩවාය වරාය ආශ‍්‍රිතව) වෙළෙඳ නැව් ගමන් සිදු වුණු බවට එය ඉතා ප‍්‍රබල සාක්ෂියකි.

ගොඩවාය සෙල් ලිපි
ගොඩවාය ඉපැරණි ජාත්‍යන්තර වරාය පරිශ‍්‍රය ආශ‍්‍රිතව පිහිටි, අම්බලන්තොට, ගෝඨපබ්බතාරාම විහාරස්ථානයේ සෙල් ලිපි දෙකක් තිබේ. ඒවා, ගජබාහු රජ සමයට (ක‍්‍රි. ව. 112-134) අයත් වේ.

01-සෙල් ලිපිය
‘සිද්ධම්! ගොඩපවත පටනෙහි සුක සුරියි රජ ගමණි අබය විහාරට දිනි’
එහි අරුත, ගොඩ පවත වරායේ තීරු බදු ආදායම්, ගොඩ පවත විහරස්ථානයට පූජා කෙරුණු බවයි.

02-සෙල් ලිපිය
’හකල’ නම් නගරයේ ඇති කරිස 03ක කුඹුර, විහාරස්ථානයට පූජාකර ඇත. එහි චෛත්‍යයට ද කරිස 07ක කුඹුරක් පූජාකර ඇත.
ලොව ප‍්‍රථම වරට ‘රේගු කාර්්‍යයන්’ හෙවත් ‘තීරු ගාස්තු අය කිරීම්’ ඇරඹී ඇත්තේ මැද පෙරදිග පිහිටි සිරියාවේ ‘පැල්මයිරාවෙනි’. එය ‘පැල්මයිරා තීරු ගාස්තු නාමාවලිය’ නමින් ප‍්‍රකට ය. එය පනවා තිබෙන්නේ, ක‍්‍රිස්තු වර්ෂයෙන් 136 දී ය. එහෙත් ගොඩවාය වරායෙන් තීරු ගාස්තු අය කිරීමේ ක‍්‍රියාවලිය  ඊටත් වඩා පැරණි ය. ගොඩවාය වරායේ තීරු බදු ආදායම්, එහි ඇති පන්සලට පූජා කළ බව කියැවෙන සෙල් ලිපි අයත් වන්නේ, ගජබාහු රජ සමයට (ක‍්‍රි. ව. 112-134) ය!
එහි තේරුම වන්නේ, ලෝකය තීරු බදු අය කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ සමයෙහි ලංකාවේ පාලකයන් ද එයට අනුගතව ඇති බවයි. නැතිනම් එයට සම්බන්ධවුණු  බවයි. ගොඩවාය වරාය ආශ‍්‍රිතව, ඒ කාලයේ හැටියට ඉතා දියුණු ජාත්‍යන්තර වෙළෙඳ ක‍්‍රියාදාමයක් පැවති බව ඉන් පිළිබිඹු වේ!

මන්නාරම කච්චේරි ටැම් ලිපිය
මහාතිත්ථයෙන් හමු වුණු ටැම් ලිපියක් (ගල් කණුවක්), දැනුදු මන්නාරම කච්චේරියේ දී දකින්නට පුළුවන. සිරිසඟබෝ නමින් පෙනී සිටි, දෙවැනි සේන රජුගේ (ක‍්‍රි. ව. 844-879) සමයෙහි කෙරුණු ටැම් ලිපියෙහි, පට පිළි (සේද රෙදි) සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට බදු අය කළ බව සඳහන් වේ.

යාපනයේ නයිනතිව් දෙමළ සෙල් ලිපිය
(ඌරාතොට වරාය)

නාගදීප හෙවත් ‘නයිනතිව් සෙල් ලිපිය’ කරවා ඇත්තේ, මහා පරාක‍්‍රමබාහු රජු (ක‍්‍රි. ව. 1153-1186* විසිනි. ඌරාතොට (කයිට්ස්) වරායට පැමිණෙන නැව් සහ විදේශිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීති රීති එහි දක්වා තිබේ.

දැලිවල කොටවෙහෙරේ සේද සළුව
කෑගල්ල දිස්ත‍්‍රික්කයට අයත්, රඹුක්කන, දැලිවල ‘කොට වෙහෙර’ ලංකාවේ ඉතා වැදගත් පුරාවිද්‍යා ස්මාරකයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැලිවල ස්තූපයෙහි කළ කැණීම්වලින්, එහි ලෝහ කර`ඩුව ඔතා තිබුණු ඉපැරණි ‘සේද සළුවක්’ සොයා ගන්නා ලදී. සළුව වීදුරු පබළු අල්ලා අලංකාර කෙරුණු එකකි.
ඕස්ට්‍ර්ලියාවේ, මහාචාර්ය ජූඩිත් කැමරන් මහත්මිය, ලෝකයේ ඉපැරණි රෙදිපිළි සම්බන්ධයෙන් ප‍්‍රකටව සිටින විද්‍යාඥවරියකි. ඇය, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පුවතට සම්බන්ධ සුප‍්‍රකට ‘ටියුරින් සළුව’ ගැන කෙරුණු පර්යේෂණවලට ද සම්බන්ධවූ තැනැත්තියකි. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි මහාචාර්ය ජූඩිත් කැමරන් මහත්මිය, දැලිවල කොටවෙහෙරේ සේද සළුව ගැන ද පර්යේෂණ පැවැත් වූවා ය. එයින් (කාලනිර්ණ පර්යේෂණවලින්) හෙළි වූයේ එය ක‍්‍රි. පූ. 250ට අයත් වන බවයි. එහි තේරුම, කොටවෙහෙරේ සේද සළුව අදින් වසර 2250ක් පමණ පැරණි බවයි. එකල සේද සළු නිපද වූයේ චීනයේ ය.
ඉන් පිළිිබිඹු වන විශේෂ කාරණය වන්නේ, අදින් වසර 2250කට ඉහත කාලයේ දී ලංකාව සහ චීනය අතර පුළුල් වෙළෙ`ද සම්බන්ධතාවයක් පැවතුණු බවයි!

විදේශීය කාසි හමු වීම්
ලංකාවේ රට අභ්‍යන්තරයේ ස්ථාන රාශියකින්ම විවිධ විදේශීය කාසි හමුවී තිබේ. 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බඳගිරිය ගමෙන් ද විදෙස් තඹ කාසි 1500ක් හමු විය. ඒවා ‘රෝම කාසි’ බවට සැක කෙරේ.
ඉපැරණි විදෙස් කාසි හමු වීමෙන් පෙනෙන්නේ, අතීත ලංකාවට ඉතා පුළුල් විදේශ වෙළෙඳ සබඳතා පැවතුණු බවයි.

සෙන්පති චෙං හේ කළ සමුද්‍ර චාරිකා
චීනයේ නාවික සෙන්පති, චෙං හේ (Zheng He), වර්ෂ 1405 සිට වර්ෂ 1433 දක්වා අවස්ථා හතක දී ඉන්දියන් සාගරයේ නැව් ගමන්වල යෙදුණේ ය. ඔහුගේ එක් ගමනකට චීන නැව් 300ක කණ්ඩායමක් ඇතුළත්වූ බව ප‍්‍රකට ය. සිය සෑම ගමනක දීම ඔහු ලංකාවට ද පැමිණ ඇත. ලංකාවේ වෙළෙ`ද සල්පිල් පවත්වන්නට ද උත්සාහකර ඇත.
ගාල්ලෙන් හමු වුණු සුප‍්‍රකට ‘ත‍්‍රි භාෂා සෙල් ලිපිය’, එවකට චීන අධිරාජයාගේ නියෝගය පරිදි ඔහු විසින් වර්ෂ 1411 දී පිහිටු වන්නට යෙදුණකි. එය චීන, දෙමළ සහ පර්සියන් භාෂාවලින් ලියැවී තිබේ.
සමුද්‍ර සේද මාර්ගයේ යාත‍්‍රා කරන චීන නෞකාවලට ආරක්ෂාව තහවුරු කිරීම, චෙං හේගේ මුහුදු ගමන්වල අරමුණවූ බව ඉතිහාස පුවත්වල සඳහන් වේ.

‘ජුවෙල් ඔෆ් මස්කට්’ රුවල් නෞකාව

වර්තමාන ‘ජුවෙල් ඔෆ් මස්කට්’ (Jewel of muscat) නමැති යාත‍්‍රාව,  ඕමාන් රටට අයත් ‘ආකෘතික රුවල් නැවකි’. එහෙත් ‘ජුවෙල් ඔෆ් මස්කට්’ නම් මුල්ම රුවල් නැව, ක‍්‍රි. ව. 09 වැනි ශත වර්ෂයේ දී සේද මාර්ගය ඔස්සේ වෙළෙ`ද ගමන්වල යෙදුණු එකකි.
 ඕමාන් රටේ බලධාරීහු 2000 වසරේ මුල් භාගයේ ‘ජුවෙල් ඔෆ් මස්කට්’ රුවල් නෞකාව යළි ප‍්‍රති නිර්මාණය කළහ. ඉන් පසුව සම්ප‍්‍රදායික සේද මාර්ගයෙහි යාත‍්‍රාකර වූහ. ඒ අතර. වර්ෂ 2010 අප‍්‍රියෙල් මස 18 වැනි දා එය, පැරණි සේද මාර්ග චාරිකාව ප‍්‍රකාරව ලංකාවේ ගාල්ල වරායට ද පැමිණියේ ය. එයට විශාල ජන අවධානයක් ද ලැබිණි!

සමාප්තයි.

ලෝක නාවික වෙළෙඳාමේ ලාංකේය ලකුණ - 01

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

Comments  

+4 #1 Chandana 2017-02-17 16:34
1815ta pera Lankawak tibi nata. Tibune Heayan satarak pamani. Emanisa mema lipiyehi matrukawehi "Lankeya lakuna" yanna "Hele lakuna" yanuwen wenasviya utui.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 396

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 796

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1242

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 733

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 700

Please publish modules in offcanvas position.