lakbima.lk

නව සඳ බැලීම :-
 
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 07 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 09 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි. 
 
පරණ අවුරුද්ද සඳහා ස්නානය :-
 
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. 
 
අලුත් අවුරුදු උදාව :-
 
අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින අපරභාග 02.09ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. 
 
පුණ්‍ය කාලය :-
 
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 07.45 සිට අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින පූර්වභාග 07.45ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වන ඉරිදා දින අපරභාග 02.09 සිට අපරභාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි කිරීම ද මැනවි. 
 
ආහාර පිසීම :-
 
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබත් ද, අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි. 
 
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය :-
 
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපරභාග 03.54ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
 
හිස තෙල් ගෑම :-
 
අප්‍රේල් මස 17 වෙනි බදාදා දින පූර්වභාග 07.40ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි කොහොඹ පත් මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය මැනවි. 
 
රැකි රක්ෂා සඳහා පිටත්ව යාම :-
 
අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්වභාග 04.52ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි. 
 
සැ.යු. ඉහත නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි. (සියලුම වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙනි)
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.