Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කූර තම්පලා සමග වට්ටක්කා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
කූරතම්පලා  - ග්‍රෑම් 300, වට්ටක්කා - ග්‍රෑම් 300
‍පොල්කිරි අඬු කෝප්ප 2ක් පමණ
කුකුල් මස් - ග්‍රෑම් 50ක් පමණ
තලාගත් ඉඟුරු සුදුලූනු - තේ හැඳි 1
ලොකු ලූනු ගෙඩියක්, එළඟිතෙල් මේස හැඳි 1
කරපිංචා කිනිත්තක්, තක්කාලි ගෙඩියක්
ලුණු රසට අනුව 
 
සාදන ආකාරය
තම්පලා දළුත් සමග ළපටි කොටස් කඩා, සෝදා දිය බේරා ගන්න. වට්ටක්දා ‍පොත්ත සහ ඇට ඉවත් කර සෝදා කුඩාවට කපා ගන්න. දැන් මේ දෙවර්ගයම හොඳින් තම්බා එයට මිටිකිරි එකතුකර බ්ලෙන්ඩර් කර හෝ හැන්දකින් ‍පොඩිකර පසෙකින් තබන්න. කුකුල් මස් ටික ඉතා කුඩා කොටු ලෙස කපාගන්න. දැන් එළඟිතෙල් ළිප තබා රත්වන  විට එයට තලාගත් ඉඟුරු, සුදුලූනු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් කුකුල් මස් කැබැලිද දමා තෙලෙන් හොඳින් තැම්බෙන්නට හරින්න. දැන් තක්කාලිද කුඩාවට කපා දමන්න. කරපිංචාද කුඩාවට කපා දමන්න. ලොකු ලූනු ගෙඩියක්ද කුඩාවට කපා දමා එය යන්තමට තෙලෙන් තෙම්පරාදු වනවිට බ්ලෙන්ඩර් කරගත් තම්පලා මිශ්‍රණය දමන්න. ලුණු එකතු කරන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය තරමට වතුර එකත කරගෙන මද ගින්දරේ පිස ගන්න.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2582

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2469

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3963

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4506

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5325

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3172

Please publish modules in offcanvas position.

X

Right Click

No right click