lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අවුරුදු සමරන විදිහ හරිද ?

අපේ සමාජයේ බලපවත්නා නොයෙකුත් ගැටලු අර්බුද සම්බන්ධයෙන් සමාජ කතිකාවල අවශ්‍යතාව ගැන බොහෝ දෙනෙක් කියනවා. සමාජමය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, සදාචාර අර්බුද සම්බන්ධයෙන් ඒ වගේ සමාජ කතිකාවත් ඇරඹිය යුතු බවට සමාජයේ විවිධ පාර්ශ්ව නොයෙකුත් හඬ නැගීම් කරනවා. නමුත් ශ්‍රී ලාංකීය ජන සමාජයේ ප්‍රධානම සමාජ සංස්කෘතික උළෙල වන සිංහල අලුත් අවුරුද්දට අද සිදුවී සහ සිදුමිෙන් පවතින නස්පැත්තිය පිළිබඳව ප්‍රබල සමාජ කතිකාවක් ඇරඹිය යුතු බවට නම් මතෛක් ප්‍රබල සමාජමය හඬක් නැගී නැහැ. එක්තරා අතකින් බලනකොට ඒක පුදුමයට කාරණයක්  
‘නමට සමරන’ අවුරුද්ද “සිංහල අලුත් අවුරුද්ද සමරනවා” කියලා අපි හැමෝම කියනවා. නමුත් මොකක්ද මේ සිංහල අවුරුද්ද, ඒක සැමරිය යුත්තේ කොහොමද ? කියන එක ගැන අද සමාජයේ වැඩි දෙනෙක් හජ්තන බවක් පේන්නේ නැහැ. ඒ හජ්න්දම තුන් හෙළයේ අසමසම මංගල්‍යය කියා අපි මහා උජාරුවෙන් සමරන මේ සිංහල අලුත් අවුරුද්ද මේ වෙනකොට හජ්ස නැතිව ඉබාගාතේ යන කඳක් බවට පත්වෙලා; සහ පත්වෙමින් පවතින බව ඔබ නිකමටවත් හිතුවාද ?
අලුත් අවුරුද්ද ගැන ‘පැරණි රසාංග‘සිංහල අලුත් අවුරුදු උළෙ‍ලේ ආරම්භය එහෙමත් නැත්නම් සම්භවය, විකාශනය, පරිනාමය වගේ දේවල් සම්බන්ධයෙන් අපි ඕනෑ තරම් කරුණු අහලා තියනවා. ඒ වගේම මේක ඉස්සර අපේ කෘෂිකාර්මික සමාජයේ තිබුණු උත්තම මනුෂ්‍ය ධර්ම පිළිබඳ හොඳම දර්ශකයක් කියලත් අපි කියනවා. මේ දවස්වල පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහජ්නී වගේ මාධ්‍යවලින් තොරතෝංචියක් නැතුව ඇහෙන්නෙම ඔය පැරණි රසාංග ටික තමයි. නමුත් මෙ වගේ උත්සවයක තිබිය යුතු ප්‍රධාන අංග මොනවාද ? ඒ අංග කෙරෙහජ් අපි දක්වන සැලකිලිමත් භාවය උනන්දුව කොතෙක්ද ? ඒ අංග අපි සුභාවිතය පිණිස යොදා ගන්නවද ඒ කියන්නේ හරිහැටි භාවිතා කරනවාද ? එහෙමත් නැත්නම් අවභාවිතය පිණිස යොදා ගන්නවද ? ඒ කියන්නේ වැරදියට භාවිතා කරනවාද ? කියන කාරණේ අපි මඳක් විමසා බලමු.
‘අවුරුදු මේසයේ’ පාද හතර
මේ සිංහල අලුත් අවුරුදු උත්සවය කියන්නේ ප්‍රධාන අංග හතරකින් යුතු උත්සවයක්; හරියට කකුල් හතරක් තියන මේසයක්, පුටුවක් වගේ. මොනවද ඒ අංග හතර;

1. ආධ්‍යාත්මික හරය
2. සදාචාරාත්මක හරය
3. සංස්කෘතිකමය හරය
4. විනෝදාත්මක හරය

මිනිසා සහ තිරිසනා වෙන් කරන ප්‍රධාන මායිම් තුනක් තියනවා. ඒවා තමයි මම ඉහත දැක්වූ මුල්ම අංග තුන; කිසිම තිරිසනෙක් ළඟ ආධ්‍යාත්මික ශජ්ක්ෂණයක් නෑ; ඒකට හේතුව ඒ සතුන්ගේ මොළ යේ ඓන්ද්‍රීය වශයෙන්ම එහෙම දේකට ඉඩක් නැතිවීමයි. ඒ මිසක් ඒ සතුන්ගේ වරදක් ‍නෙවෙයි; ඒ හජ්න්දම තිරිසන් සතුන් තුළ සදාචාරයකුත් නැහැ; ඕනෑම ක්‍රියාවක්, ඕනෑම තැනක කරන්න ඒ සතුන්ට පුළුවන්. ඒ වගේම තිරිසන් සතුන් තුළ සංස්කෘතියකුත් නැහැ. තමන්ගේ සිතට එන හැඟීම ඒ විදිහටම පිට කිරීමයි තිරිසන් ගතිය. සමහර විට මම මෙහෙම කියනකොට ඔබ හජ්තාවි, අ‍පොයි මිනිසුන්ට වඩා හොඳට විනයක්, හජ්ක්මීමක් තියන තිරිසන් සත්තු ඔය ඕනේ තරම් ඉන්නේ කියලා. වෙන්න පුළුවන්, නමුත් මම මේ කියන්නේ මානුෂීය දෘෂ්ටි කෝණයකින්. ඒ කියන්නේ මිනිසුන්ගේ සදාචාරය සංවරය මුල්කරගෙන. නමුත් ඉහත සඳහන් මුල් අංග තුනම තිරිසන් සතුන් තුළ නැති වුණාට මොකද මම ඉහත සඳහන් කළ හතර වෙනි අංගය නම් තිරිසන් සතුන් තුළත් තියනවා. යම් යම් හේතු මුල් කරගෙන ඒ සතුනුත් උපරිම සතුටට පත්වෙන අවස්ථා ඔබ කොතෙකුත් දැකලා ඇතිනේ.
පන්සිල් රැකීමත් සිංහල අවුරුද්දේ අගැයෙනවාද?
හොඳයි, දැන් අපි සිංහල අලුත් අවුරුද්ද ගැන හජ්තමු.
මෙදා සැරේ අපි සමරන සිංහල අලුත් අවුරුද්දේ ආධ්‍යාත්මික පක්ෂයට අපි හජ්මිකරලා දෙන තැන මොකක්ද ? අපේ රටේ සිංහලයන් අතුරින් අලුත් අවුරුද්ද සමරන්නේ බෞද්ධයන් විතරනේ, ඒ අනුව බලනකොට බෞද්ධයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශය කියන්නේ පන්සිල්. හොඳයි අපේ සිංහල අලුත් අවුරුද්දේ පන්සිල් රැකීමට හජ්මිතැන මොකක්ද ? පුණ්‍ය කාලයේදී පන්සිල් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් සිංහල අලුත් අවුරුද්ද මුල් කරගෙන අපි අපේ ආධ්‍යාත්මික ප්‍රවේශය වන පන්සිල් රැකීමට ප්‍රධාන තැනක් දෙනවාද ?
මේවට මම උත්තර සපයන්නේ නැහැ. හදවතට එකඟව ඔබම උත්තරය සපයා ගන්න.
අද සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධාන පානය වී ඇත්තේ මොනවාද ?
සිංහල අලුත් අවුරුද්දේ රැකිය යුතු සැපිරිය යුතු දෙවන අංගය තමයි සදාචාරාත්මක හරය. සිංහල අලුත් අවුරුද්දේ අද පවතින සදාචාර මට්ටම ගැන වැඩිපුර යමක් නොකියා මම ඒක මේ විදිහට කියන්නම්. සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානතම ආහාරය කිරි බත. ඒ බවට කිසිම සැකයක් නෑ. ඒත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩියෙන්ම විකිණෙන හා භාවිතා වන පාන වර්ගය මොකක්ද ? මම ඒකටත් උත්තර දෙන්නේ නැහැ. මොකද ඒකට උත්තරය ඔබේ දිව අගම තියනවා. ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිය පිළිබඳ නිල සංඛ්‍යා ‍ලේඛනවලට අනුව ලක් ඉතිහාසයේ එදා මෙදාතුර කිසිම දවසක නොතිබූ අලෙවියක් මත්පැන්වලට අද ලැබි තිබෙන බව ඔබ දන්නවද ? සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නිල වාර්තා පරීක්ෂා කළොත් ඔබ පුදුමයට පත්වේවි.
දැනට අවුරුදු කිහජ්පයක සිට මත්පැන් පිළිබඳ සියලු ප්‍රචාරක කටයුතු නීතිමය වශයෙන් සපුරා තහනම් කර තිබෙනවා. නමුත්, ඒ නිසා මත්පැන් අලෙවියේ පසුබෑමක් සිදු වෙලා තියනවද ? එහෙම නැත්නම් මත්පැන් පරිභෝජනයට එරෙහජ් සමාජ ආකල්ප ප්‍රවර්ධනය වෙලා තිබෙනවද ? ඒ දෙකම සිදුවෙලා නෑ. ඉස්සර අපේ සමාජයේ මිනිස්සු මත්පැන් පානය කළේ හොරෙන්, පැකිලීමෙන්. මොනවා වුණත් තමන් මේ කරන්නේ වරදක්ය කියන එක ඒ කා‍ලේ මත්පැන් බොන මිනිස්සු තුළත් තිබුණා. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ ? අද මත්පැන් පානය සමාජ පුරුෂාර්ථයක්, වීරකමක් බවට පත්වෙලා තියෙනවා. අද මත්පැන් නැති උත්සවයක් වගේම පින්කම් ‍පොළකුත් හොයා ගන්න බැරි තරම්. කොටින්ම මත්පැන් නැති සිංහල අලුත් අවුරුද්ද කිසි වැඩක් නෑ. කිසි ගතියක් නෑ කියන තත්ත්වයට ආකල්පමය වශයෙන් සමාජය පිරිහජ්ලා. ඒ අනුව තමයි ඉස්සර සිංහල අලුත් අවුරුදු කාලෙට ගේ පිටිපස්සේ පිළිකන්නේ හංගලා තිබුණු මත්පැන් බෝතලයට අද ගෙදර කෑම මේසයේ ‘මූලාසනය ‘හජ්මිකරලා දීලා තියෙන්නේ.
ඉස්සර මත්පැන් බිමට මිනිසුන් පසුබෑවේ පවට ඇති ලජ්ජාව, බිය, පිළිකුල නිසා. එහෙමත් නැත්නම් පව් පින් හඳුනන සමාජයෙන් තමන් කොන් වේවිය කියන බිය පසුබෑම නිසා. නමුත් අද සමාජයෙන් ඒ සේරම සදාචාරධර්ම බරපතළ විදිහට සෝදාපාළුවෙලා ගජ්හජ්න්. වෙනදා නැති වුණත් සිංහල අවුරුද්දට නම් මත්පැන් බොන එකේ වරදක් නෑ කියන මට්ටමට සමාජය අගතිගාමී වෙලා. ඒ වගේම අද සිංහල අවුරුද්දේදී සම වයසේ පිරිස් වගේම එකම පවු‍ලේ පියවරු පුත්තු වැඩිහජ්ටි ඥාතීන් සහ ඔවුන්ගේ ඥාති දරුවන් පවා එකට මත්පැන් බිම ශීඝ්‍රයෙන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. කොහොමද අපේ සදාචාරාත්මක සංවර්ධනය, අපේ සමාජයේ මත්පැන් භාවිතය සම්බන්ධ චෝදනාව මුළුමනින්ම පාහේ එල්ල විය යුත්තේ පිරිමින් වෙතටයි, කියා ඔබ කියන්න පුළුවනි. නමුත් ඒක ‍නෙවෙයි යථාර්ථය. පිරිමින්ගේ මත්පැන් පානයට සෘජුවම හෝ වක්‍රව අනුබල දෙන කාන්තාවනුත් ඒ සදාචාර පරිහානියට යම් තරූමකින් හෝ වගකිවයුතු වෙනවා. ඒ යථාර්ථයට පිටුපාලා කවදාවත් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න බැහැ.

නිර්මලා කුමාරි සේනාරත්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා
සේවා සම්මානිත මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි

Please publish modules in offcanvas position.